(ආරියරත්න රණබාහු)
 
ආපදා කළමනාකරණය සම්බන්ධ විවාදය පැවැත්වෙන අද(9) පාර්ලිමේන්තුව අඛණ්ඩව පැය නවය හමාරක කාලයක් පුරා පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වය හිමිවූ බවත් ඒ අනුව අද පාර්ලිමේන්තුව  පෙරවරු 10.30 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වෙන බවත් කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දුන්නේය.
සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු රැස්වීමක දී සිදුකරන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න ඇසීම්, ස්ථාවර නියෝග 23(2) යටතේ සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශ ආදී කිසිවක් අද(9) පාර්ලිමේන්තුවේදී සිදු නොකරන බවත් දිවා ආහාර විවේකය ද ලබා නොදෙන බවත් කථානායකවරයා සභාවට දැන්වීය.