(අප්සරා යෝසිත් විජේසූරිය)
එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප‍්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි.
“පවතින ව්‍යවස්ථාදායක අණපනත් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම පළාත් සභා මැතිවරණය පැවත්වීම වැලක්වීමට නම් එය තීරණය කළයුත්තේ ජනමත විචාරණයකින් අනුව හෝ අධිකරණ තීන්දුවකින් පමණයි. වෙනත් කිසිඳු ක‍්‍රියාමාර්ගයකින් එය කළ නොහැකියි.“
“ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීමට ආකෘති පත‍්‍ර භාරගැනීම මේ දිනවල කරනවා. පවතින ගංවතුර ආපදා හමුවේ වුවද ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ජූලි 31 දක්වා සිදුකරනවා. අවතැන්ව සිටින පිරිස සම්බන්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත සුදුසු පරිදි ඡන්දහිමි නාමලේඛන ලබාගන්නවා.“යැයි ඒ මහතා කීය.
ගංවතුරින් එකතු වූ ප්ලාස්ටික් ඇතුළු නොදිරින අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කල් දමන්නේ නැහැ... කිව්වට මේ මොකක්ද කරන්නේ? ඔබතුමාටත් ඒ දවස්වල නිතරම මැතිවරණ තියන කොට කිව්වනේ වැරැද්දක් කළොත් කකුලට නෙමෙයි ඔළුවටම වෙඩි තියන්න කියලා.. නේද?
වැඩ බැරි ටාසන්ලා කියන ඒවා වගේනේ... කොහොමද ගණන් ගන්නේ? තව ටිකක් කඩේ යන්නකෝ...
කෝ එහෙනම් ඉක්මනට මැතිවරණය තියන්නකෝ ....
මේ විහිළු කතාවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නියමිත කාලයට ඡන්ද තබමින් ජනතාවගේ විශ්වාසය දිනාගත්ත මැතිවරණ දෙපාර්තමේන්තුවත් බාල්දු වෙනවා...
ඔබතුමා කොහොම කීවත්, මැතිවරණය තියන්නේ පවතින ආණ්ඩුවනේ. ඇයි එහෙම නම් මෙහෙම විහිළු සපයන්නේ? ඒ කා සඳහාද?