ඇමරිකා නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අද (ජුනි 11) කොළඹ වරායට සේන්දු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගනු ලැබූ අතර දින 14 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය.
ඒ අනුව පුහුණු වැඩසටහන් සහ හදිසි ආපදා තත්වයකදී කියාත්මක වන ආකාරය පිළිබඳ වැඩසටහන් කිහිපයකටද සහභාගී වනු ඇත. “ලේක් ඊරි” නෞකාව ජුනි මස 25 වන දින දිවයිනෙන් පිටවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවක් පුරවලා පශ්චාත් සහන දෙන්න යන්නේ කාටද අප්පා ඒ... ?
මෙයාලා සහන දෙනවා කියල කියනකොටත් බයයි.. ගොඩක් රට වලට මෙයාලා ඒ රට වලට නොදැනෙන්න ගොඩාක් සහන දුන්නනේ..