(තරිදු ජයවර්ධන,ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට වෙඩි තබා තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (14) නියෝග කළේය.
පරික්ෂණ සාක්කිකරුවන්ට අපහාසයන් හා තර්ජනයක් වන අයුරින් වාර්තා කළැයි අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යෙව්දීයකු අධිකරණයට ගෙන්වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බ්‍රිගේඩියර් මහත්තයා ඉන්නේ අපේ ගමේ.. පන්සලේ හොඳම දායකයෙක්... මට හිතාගන්න අමාරුයි ඇයි මේ වගේ දෙයක් කළේ කියලා. ඒ කාලේ හිටිය ඉහළ නිලධාරීන්ගෙන් ආපු නියෝගයක් වෙන්න ඇති... කණගාටුයි..
කරන කලට පව් මිහිරිය මී සේ ...
අද නිදහසක් නෑ කියලා කෑගහන රාජපක්ෂ පවුලේ අයට එදා මේක වැටහුණා නම් අද මේ නිලධාරීන් විලංගු දාගෙන මේ විදිහට පාරවල් ගානේ දුක් විඳින්න වෙන්නේ නෑ. ඔවුන් වරදකරුවන් වෙන්නෙත් නෑ....
මේවා මහා විහිළු... මෙයට අණදුන්නේ කවුද කියල කවුරුත් දන්නවා. නියම විත්තිකාරයා එළියේ... ඔය එදා වෙච්ච මහා අපරාධවලට ඍජුවම වග කියන්න ඕනේ අයව ඇයි අත්අඩංගුවට නොගන්නේ?
එදා වගේම අදත් මෙතන සිද්ද වෙන්නේ දේශපාලනයක්.. කොම්පැනිය නිසා වතුර විස වුණා කියලා ගමේ මිනිස්සුන්ව ඉස්සරහට දාගෙන දේශපාලනය කරපු අයවයි මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ.. මේ ලඟදි ඔප්පු වුණා කොම්පැනිය නිසා වතුරට කිසිම බලපෑමක් සිදුවෙලා නැති බව.. මේ සිදුවීමේදී හමුදා සෙබලුත් තුවාල වී රෝහල් ගත කලා.. හමුදාවට පහර දෙන්න තරම් බලපෑමක් කරපු දේශපාලකයෝ ටික මේ ආණ්ඩුවේ සාමාජිකයෝ අද..