((සමන් විජය බංඩාර))
“අරණායකට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සමග වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින්ට නිතීය තදින්ම ක‍්‍රීයාත්මක කරන ලෙස කෑගල්ල දිසාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.
“නාමල් රාජපක්ෂ මහත්තයා අරණායක ආපු දවසේ වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින් ඉන්නවා. ඒ අයට මම එක දෙයක් කියනවා. අපි යන්න ඕනෑ එක ගමනක් අපි සමග යන්න බැරි රාජ්‍ය නිලධාරින් ඉන්නවා නම් අපව විවේචනය කරනවා නම් එක සම්පුර්ණයෙන් වැරදි“
“ග‍්‍රාම නිලධාරි වෙන්න පුළුවන් සමෘද්ධි නිලධාරි වෙන්න පුළුවන්,සංවර්ධන නිලධාරි වෙන්න පුළුවන් වහාම මෙ කොට්ඨාංශයෙන් එළියට යවන්න කටයුතු කරන්න. ඒ විඩියෝ එක මම ගෙනත් දෙනවා. ඒ අය අපට එපා.මේක රජයක් යන්න බැරිනම් සුරතල් කරන්නේ නැහැ අපි. ඒ අයට යන්න කියලා අපි කියනවා. අපේ ප‍්‍රතිපත්තියට විරුද්ධ වෙන මිනිස්සු එක්ක අපි වැඩ කරලා වැඩක් නැහැ. දිසාපති තුමාට බනින අය මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ. විවේචනය කරන අයට යටියන්තොට හරි ඔය සුන්දර පැත්තකට ගිහින් සුන්දරත්වය විඳලා එන්න පුළුවන්“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අද (14) අරණායක දී අවතැන්වුවන් සඳහා නිවාස ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම සමව සේවය කල යුතු බව මෙතුමා දන්නේ නැද්ද?
ෂෝක් ප්රාජාතන්තරවාෙද! අනේ මෙහෙමත් යහපාලනයක්! අගමැතිතුමා, ඔක්කොටම ඉස්සෙල්ලා නුසුදුසු අය ඉවත් කරන්න. රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ යූ.ඇන්.පී. යට. මේ වගේ වාසි පිලට යන දේශපාලකයන්ට නෙවෙයි.
රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් කරන්න කලින් මෙතරම් කාලයක් අර අසරණ ජනතව කුඩාරම් වල තියපු අයට දඬුවම් කරලා ඉන්න ඕනේ...
රජය සහ ආණ්ඩුව යනු කුමක්දැයි රාජ්‍ය සේවකයන් දැනගත යුතුයි. එය එනම් රාජ්‍ය සේවය යනු දේශපාලකයන්ට ගැතිවීම නම් නොවන බව රාජ්‍ය සේවකයන් දැනගත යුතුය. මේ අයගේ නියම තැන හිරගෙය බව එතුමාට දැනගැනීමට ඉඩ සලසා දිය යුතුය.
අනේ යහපාලනය දෙපිටින් යනවා... වාගේ.
වැඩි බලයක් නැතුවත් මෙතුමා නම් උඩ ගිහින් වගේ. ගියපාර ඡන්දෙවත් දිනාගන්න බැරි වුණේ ඕක තමයි. නාමල් මහත්තයාට නම් බලේ නැතිවෙන කොට ටිකක්වත් මොලේ පෑදුණා. දැන් එහෙමවත් නෑ...
පරාජයේ විලාපය. නාමලුත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කියලා ඔබතුමාට අමතකද? ඔබතුමා ගියා නම් තමයි වැරදි...
ඔය පිරිස අර චතුරිකා, දහම් පස්සේ දුවන්නේ මොකද... ඒ අය මහජන නියෝජිතයෝද? අනේ මන්දා...
මෙතුමා දන්නේ නැහැ, රජයේ සේවකයෝ නිර්පාක්ෂික වග, වෙන මොනවා කියන්නද?
නාමල් මහත්තයත් මහජන නියෝජිතයෙක් නේ... ඉතින් රජයේ සේවකයෝ එයත් එක්ක ගියාම මොකද වෙන්නේ... අනේ මන්ද මට නම් මේක තේරෙන්නේ නෑ...
මානව හිමිකම් කතා කරන මොවුන්, රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් අකැපද? එ්ක අහන්න ඕනේ ජිනීවා ගිහින්ද? පොලිසියෙන්ද?
ඒක මහා පුදුම කතාවක්නේ.රජයේ නිලදාරීන් ඉන්නේ ආණ්ඩුව වන්දනා කරන්නද?රටට සේවය කරන්නද?මෙවන් තකතීරු දේශපාලකයෝ ඉන්නකල් වෙන්නේ රටට විනාසයක්.
රජයේ නිලධාරීන් කියන්නේ කවුද කියලවත් තේරුමක් නැති බවකුයි පෙනෙන්නේ. මෙවැනි අයද නියෝජ්‍ය ඇමති කම් කරන්නේ?