අර්ජුන් මහේන්ද්‍රන් ජනපති කොමිසමට එයි ශ්‍රි ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දෙවැනි දිනයටත් අද (13) ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවට කැඳවනු ලැබ සිටී. 13 March 2017
සයිටම් වෛද්‍ය විදුහල ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක් අද මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්වීමට නියමිතය. 13 March 2017
රේණුකා හේරත් දිවියෙන් සමුගනී මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායිකා මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරියක ද වූ රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 13 March 2017
දළදා මාලිගාවෙි ඒක දන්තයා මියයයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියට අයත් ඒක දන්තයා නමින් හැදින්වු ඇතා අද (12) පස්වරුවේ මිය ගිය බව මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 12 March 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට යයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල් පාලනාධිකාරිය පූර්ව එකඟතාවයකට එළඹ ඇත. 12 March 2017
නාච්චිමලේදී තිදෙනෙක් ගිලී මිය යති ඉංගිරිය නාච්චිමලේ ඇලේලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 March 2017
කුවේට් කාන්තාව වසර 4 කට පසුව වැටුප් ගෙවීවීමට එකඟ වෙයි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට හිමිවිය යුතු මාසික වැටුප වසර 4ක් පුරා නොගෙවමින් සිටි කුවේට් ස්වාමිදුවක් එම කාන්තාවට වැටුප් වශයෙන් ලැබිය යුතු කුවේට ඩිනාර් 3300ක් (ශ්‍රී ලංකා රුපියල් 1634000) ගෙවීමට එකඟත්වය පළ කර ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 12 March 2017
සුපිරිසිදු දේශපාලනයක පුරවැසි මෙහෙයුම හෙට ඇරඹේ මෙරටෙහි පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, “මාර්තු 12 ව්‍යාපාරය“ සංවිධානය කරන “සුපිරිසිදු දේශපාලනයක් සදහා පුරවැසි මෙහෙයුම“ ජාතික වැඩසටහන් මාලාව හෙට(13) උදෑසන 9.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ඇරඹේ. 12 March 2017
තබ්බෝව අභය භූමියත් විකුණාගෙන කන්න සැරසෙන බව පරිසර සංරක්ෂණ භාරය කියයි තබ්බෝව අභය භුමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් අක්කර 175ක් නිති විරෝධී ආකාරයට පෞද්ගලික සමාගමකට ලබාදිමේ රජයේ සුදානමක් ඇතැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක සජිව චාමිකර මහතා පවසයි. 12 March 2017
සැත්කමට පෙර දැරියගේ මව දැනුම්වත් කළ බව වෛද්‍ය අධිකාරී කියයි අතවරයට ලක්වූ බාල වයස් කාර දැරියකට හම්බන්තොට මහ රෝහලේ දී තාවකාලික උපත් පාලන සැත්කමක් සිදු කළේ දැරියගේ මව දැනුවත් කිරීමෙන් පසු බවත් දැරියගේ සුභ සිද්ධියට එලෙස කළ බවත් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුමිත් මනතුංඟ මහතා ලංකාදීපය කළ විමසුමක දී පැවසීය. 12 March 2017
ක්‍රිකට් පරිපාලනයට අර්ජුන එන්නේ නැතිලු වර්තමාන කි‍්‍රකට් පරිපාලනය හා එක්වීමට තමන්ගේ කිසිම අදහසක් හෝ සූදානමක් නැතැයි වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 12 March 2017
ඊ.පී.ආර්.එල්.එෆ් ස්ථාවරය කුමරුගේ ප්‍රකාශයෙන් පසුව ශ්‍රි ලංකාවේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ලබන 22 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිත බවත් එම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරන බවත් එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි. 12 March 2017
හිටපු ජනපතිගේ මැතිවරණ රැළියට කෝටියක් වියදම් කළාට නඩු පසුගිය ජනපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් මැතිවරණ රැළිය පැවැත්වීමට රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේය. 12 March 2017
පුත්තලමේ වන නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් පුත්තලම අඩවි වන නිළධාරි කාර්යාලයේ අඩවි වන නිළධාරියා ඇතුළු නිළධාරින් පස් දෙනෙකුගෙ සේවය ඉකුත් සිකුරාදා (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් අනුර හතුරුසිංහ මහතා කටයුතු කර තිබේ. 12 March 2017
මහරගම ගොඩනැගිලි දෙකක් ගිනිගනී මහරගම දෙහිවල පාරේ මාරගම ඩිපෝව අසල ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබේ.ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවත්වීමට උත්සහ ගනිමින් සිටින බව පොලිසිය කියයි. 12 March 2017
ඉන්දියානු බැතිමතුන්ට ධීවරයෝ බාධා කරති කච්චතිව් දෙව්මැදුරේ පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමීණීමට සිටි ඉන්දියානු බැතිමතුන්ට එරට ධීවර සංගම් බාධා කර ඇති අතර ඔවුන්ට කච්චතිව් දූපතට පැමිණීමට බෝට්ටු දීම ප්‍රතික්ෂේප කර ඇත. 12 March 2017
කසල තේ කිලෝ 20,000 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට තේ කම්හල්වලින් ඉවතලන කසල තේ රැගෙනවිත් අරාබි රටවල්වලට අපනයනය කිරීම සදහා ඇසුරුම් කරමින් තිබූ බව කියන දිවුලපිටිය බලගල්ලේ ගබඩාවක් වටලා කසල තේ කිලෝ ග්‍රෑම් 20,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද(12) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 12 March 2017
මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේත් පිහිටුවිය යුතුයි - සුමන්තිරන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ගන්නා ලද තීරණ එකදු ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි. 12 March 2017
හම්බන්තොට වරායේ ගිවිසුම අනුව හමුදා කටයුතු තහනම් හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන වෙළෙඳ වරාය සමාගම අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. වරායේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට රජය සූදානම් වෙයි. කෙසේ වෙතත් අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව චීන සමාගමට එහි හමුදා කටයුතු කිරීම සම්පුර්ණයෙන් කර තිබේ. 12 March 2017
‘බිලියන දහයක ලංසුව බාරගැනීමෙන් මූල්‍ය වෙළෙඳපොල කැළඹුණා‘ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දුරකථනයෙන් කළ දැනුම් දීමකට අනුව රුපියල් බිලියන 10ක ලංසුව භාරගැනීමෙන් අනතුරුව සති තුනකට පසුව සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් වූ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ හා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරුන්ගේ රැස්වීමක් සංවිධානය කළා යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී යු.එල්. මුතුගල මහත්මිය පැවසුවාය. 12 March 2017
කාංචනට එරෙහිව කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් - මා.සේ.වෘ.ස.ස. දඹුල්ල රෝහලේ නේවාසික ගර්භනී මවුවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට මුහුණදීමට සිදුව තිබෙන පීඩාකාරී තත්වයන් පිළිබඳ වාර්තා කළ ලංකාදීප මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව එම රෝහලේ වෛද්‍යවරයකු කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය පවසයි. 12 March 2017
වනජීවියෙන් ඇප ලබා පැමිණි කොස්තාපල් නිවසේදී මරුට වන ඡීවී නිළධාරීන්ගේ ඇප මත නිදහස් වී තම නිවසට ගිය බව කියන කරුවලගස්වැව පොලිසියේ පොලිස් නිලධාරියකු මියයාම පිළබදව පුළුල් පරීක්ෂණයක් පවත්වා ලබන 21 වැනි දා අධිකරණයට කරුණු වාර්ථා කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් පසාල් අබුතාහිර් මහතා නියෝග කළේය. 12 March 2017
මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළක් රුපියල් කෝටි 15ක පමණ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විශේෂ ඇගයීමකට ලක් කරමින් ලබන සතියේ මුදල් ත්‍යාග සහ වෘත්තීය දීමනා ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය. 11 March 2017
වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය 11 වැනි වරටත් ලංකාදීපයට වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ලංකාදීපය පිට පිට 11 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම පුවත්පත ලෙස සම්මාන දිනා ගත්තේය. 10 March 2017
තරුණ ව්‍යවසාය සංවත්සරයෙන් මාධ්‍යවේදීන් දොට්ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අද (10) සවස පැවැති තරුණ ලාංකේය ව්‍යවසාය මණ්ඩලයේ සංවත්සරය ආවරණය කිරීමට එහි ගිය විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට උත්සව සංවිධායකයෝ ඒ සඳහා ඉඩ නොදුන්හ. 10 March 2017
කාලතුවක්කුවට සිරවූ සිසුවිය රෝහලේ අධ්‍යාපන චාරිකාවක් අතරතුරදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කාලතුවක්කුවකට සිරවී අනතුරට පත්වූ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණියේ දැරියක දින තුනක් තිස්සේ ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි. 10 March 2017
ධීවරයන්ගේ ප්‍රශ්නයට කල් පවතින විසඳුමක් ඉල්ලයි ධීවර කටයුතුවල යෙදී සිටියදී මියගිය තමිල්නාඩු ධීවරයා සම්බන්ධයෙන් බරපතළ කරුණක් ලෙස සලකමින් ශ්‍රී ලංකාව ඊට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජය බලාපොරොත්තු වෙයි. 10 March 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම පැය පහකට අධික කාලයක් අද (10) ප්‍රකාශ ලබා ගත්තේය. 10 March 2017
කොල්ලුපිටියේදී දුම්රියෙන් වැටී අයෙක් මියයයි කොල්ලුපිටිය ඇමරිකා තානාපති කාර්යාලය පිටුපස දුම්රිය මාර්ගයේ දී දෙදෙනකු දුම්රියෙන් වැටී අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.එක් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී. 10 March 2017
ඩොල්ෆින් මරුවාගේ මාදැල් බලපත්‍රය අහෝසියි ත්රීකූණාමලයේ දී ඩොල්ෆින් මසුන් මැරූ බව කියන මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසි කළ බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි. 10 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026