(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේ කහඉරක් මතදී පාර මාරුවු පාසල් දැරියක ගැටී මියගොස් ඇතැයි නානුඔය පොලිසිය කියයි.
නානුඔය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසලදී සිදූවූ මෙම අනතුරෙන් පසු ප්‍රදේශවාසින් එක්ව ටිපර් රථයට ගිනි තැබිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබූ බව නානුඔය පොලිසිය පවසයි.
ටිපර් රථයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ද මතු වී තිබේ. පොලිසිය එම තත්ත්වය පාලනය කර ඇති අතර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දට ජනතාව තීන්දු දෙන එක හොදයි කියනවා නොවෙයි. නමුත් මෙහෙම කරනකොට වාහන අයිති අය හරි රියදුරෙකුට තමන්ගේ වහනය දෙන්න බලාවි.
ලංකාවේ ටිපර් වල අධික ලෙස බර පටවාගෙන යාම නිසා ක්ෂනිකව නවතා ගැනීම අපහසුයි. කඳු පාරවල් වල මේ තත්වය උග්‍රයි, අනෙක ටිපර් රියදුරන් බොහෝ දෙනා වැඩි උගත්කමක් නොමැති තරුණ උදවිය, අනෙක ලීසිං ගෙවාගැනීමේ උවමනාව නිසාත් වැඩි හයර් ගැනීමට වේගයෙන් පදවනවා. ලංකාවේ බර වාහන අනතුරු වලින් වැඩිම කොටස ටිපර් අනතුරු, මේ නිසා පාරේ යනවා නම් ප්‍රවේසම් වීම සුදුසුයි, මොකද අනතුරක් වුනා කියල ආවේගයෙන් වාහන ගිනි තියල යකා නැටුවට මළගියවුන් ආයේ එන්නෙත් නැහැ,සාධාරණයක් ඉටුවෙන්නේත් නැහැ. කහ ඉරේදී වුනත් ඈතින් වාහනයක් එනවා නම් මඳක් ඉවසීම හොඳ දෙයක්, විශේෂයෙන්ම වේගයෙන් එනවා නම්, ඒ නිසා රියදුරු ට නවතා ගැනීමට හැකි තරම් දුරකින් එනවා නම් පමණක් පාර පැනීම කල යුතුයි. තවත් දෙයක් නම් ප්‍රමාණයෙන් විශාල වාහන එන වේගය තක්සේරු කිරීම අපහසුයි, පසුගිය දින වල සිදු වුනු දුම්රිය-සෙල්ෆී අනතුරු වලට හේතුවත් එයයි.
ඉතාමත් නරක පුර්වදර්සයක් අනතුරට පත් වාහනයට ගිනි දැල්වීම ,අනතුර පිළිබද විමර්සනවලට බාදාවක් වගේම අනතුරට පත් අයටත් කරන තවත් හානියක් ,මේ නිසා මරණ කරුට හිමි සාක්ෂි නැතිවීම ,රක්සන වන්දි ලබාගැනීමට ඇති හැකියාව අහිමිවීම මෙහිදී ජනතාව ඇති වගකීම නම් එම වහනය අරක්සකරිව පොලිසියට බාරදීම ,හා තුවාලකරු වහාම රෝහලක් වෙත රගනයාම ,වහනය ගිනි තැබීම තුල හිමිකරුට වාසී වගේම විසල රක්සන වන්දි ලබාගැනීමට ඇති හැකියාව වැඩි
ඩ්රැයිවරයත් එක්කමයි ගිනිතියන්න තිබුනේ අනේ කෝ මේ රටේ පාලකයෝ හැමදාම රිය අනතුරු වලින් මිනිස්සු මැරෙනවා මෙයාලට වගේ වගක් නැහැ දැඩි නීති ගෙනල්ල මේ යක්කුන්ට දඩුවම් කරන්නේ නැත්තේ ඇයි මටනම් තේරෙන්නේ නැහැ. මම ඉන්නේ මැද පෙර දිග රටක මෙහෙ රියද්ුරන් මිනිස් ජීවිත ගැන ඉතාමත් සැලකිලිමත්ව තමයි වාහන පදවන්නේ දඩුවම් සැරයිනේ ඒ නිසාමත් නෙවෙයි මිනිස්සුන්ට ආදරෙයි. වේග සීමා නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න කියා ඉතාමත් ගෞරවය අපේ ගෞරවනීය පොලිසියෙන් මම ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතරම ගරු පාර්ලිමේන්තුවෙන්ද ඉල්ලීමක් කරන්න කැමතියි. අනේ අපේ දරුවෝ වෙනුවෙන් මේ දේ කරන්න මහත්තුරුනේ ඔය වෙන වෙන නීති වගේම මාර්ග නීති සංසෝදනය කරන්න දඩ ගැසීමෙන් පමණක් මේක කරන්න බැහැ. පොලිස් නිලධාරින්ව දිරිමත් කරන්න දිරි දීමනාවක් දෙන්න එයාලට ඒවගේම අනිකුත් පහසුකම් රාජකාරියට අවශ්‍ය වාහන හොද ඒවා ඒවාට ඉන්දන ඇති තරමට. මේවගේ අනතුරකදී බලපත්‍රය අවලංගු කරන්න ඒවගේම ඊට සම්බන්ද වහනය රාජසන්තක කලයුතුයි. එකක් දෙකක් කරලා බලන්නකෝ වැඩේ හරියන්නේ නැද්ද කියා. තවත් දෙයක් හැම මාර්ගයකම වේග සීමා පුවරු සවිකරන්න. මගේ අදහස් මම ලීවේ. කල යුතු දේ ඔබට බරයි.
දැන් ට්‍රිපර් රථයට ගිනි තිබ්බම අර අසරණ දැරියටපන එනවද? කලොත් කරන්නේ ගොන් වැඩක්. දැන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවට දීලා වාහනේ අඩුපාඩුවක් තියේද කියල බලන්න බැහැනේ ගිනි තිබ්බම? කහ ඉරේදී උනත් එක පාරට පාර පනින්න නැතුව විමසිල්ලෙන් ඒ කියන්නේ දකුණ බල වම බලන්න නැවතත් දකුණම බලන්න. පාරේ වාහන නැතිනම් ඉක්මනින්ම මාරු වන්න. සමහර වෙලාවට ලොකු වාහන, ඒ කියන්නේ බස්, ලොරි ට්‍රිපර් වගේ වාහන වලට ලග පෙන්නේ නැහැ උස වැඩි නිසා. ඒ වගේම එක පාරට තිරිංග ක්‍රියාත්මක කරන්නත් අමාරුයි බර වැඩි නිසා සෙනග නිසා. එනිසා අපි කල්පනාකාරී උනොත් අනතුරු අවම කරගන්න පුළුවන්. වාහනයක තිරිංග යොදනකොට රියදුරාදකින්න ඕන පාරේ කෙනෙක් ඉන්නවා ඇහෙන් දැකල එක මොලයට ගිහින් මොලයෙන් සඥා ව එනවා කකුලෙන් තිරිංග යොදන්න. මිලි තත්පර ගානක් යනවා එයට. ඊට පසු තිරිංග යොදනකොට වාහනේ වේගය මත රදා පවතිනවා නැවතීමට. පොඩ්ඩක් කල්පනා කරන්න. පොඩි ළමයින් යනකොට ආරක්ෂා කාරීව යන්න පුරුදු පුහුණු කරන්න කල්පනාවෙන්. සමහරු පාරේ යන්නේ ගෙදර ප්‍රශ්න ඔලුවේ තියන්. කී දෙනෙක් කරදරේද? අපේ ජීවිතේ අපේ අතේ තියෙන නිසා අපි පරිස්සම් උනොත් හොදයි.
අනේ් මන්දා මොනවා ලියන්නද කියලා. දුවේ ඔයාට නිවන්සුව!.
මෙවැනි අනතුරු කරන අයට දඩුවම් ලබන්න කාලයක් යනවා වගේම බොහෝ වෙලාවට ඉතාම සුළු දඩුවමක් ලැබෙන්නේ මේ විදියට ගිනි තැබීමෙන් ඒ මොහොතේම දඩුවම් කරන්න හැම කෙනෙක්ම පටන් ගත්තොත් රියදුරන කවුරුත් විනය ගරුක ලෙස වාහන පදවන්න පුරුදු වෙන්න පටන් ගනීවි
කහ ඉර මත ජිවිතය නෙති වුනොත් වාහනයේ වටිනාකමෙන් සියයට අසුවක්ද මරණ දන්දනයද දියයුථු වේ
ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක්. මෑතකදී බොහොමයක් ටිපර් රථ අනතුරු සිදුවුන බව මතකයි. ප්‍රධාන වශයෙන් තරුණ රියදුරන් තමන් පදවන වාහනයේ බරපතලකම ගැන නොදැනුවත්කම නිසා බවයි පෙනෙන්නේ. පැරණි ලොරි රථ පැදවූ ය බොහොම වගකීමෙන් කටයුතු කල අයුරකුයි මගේ නම් අත්දැකීම. විශේෂයෙන් ඉස්සර කරන්න ඉඩ ඉල්ලන මොහොතක, ඉදිරිය පැහැදිලි වන තෙක් ඉවසා අනතුරකට ඉඩක් නැති අවස්ථාවක තම ඉඩ ලබා දෙන්නේ. මහා මාර්ගයක වහනයක් ධාවනය කරනවා කියන්නේ, තනියෙම හිතුමතේ කරන දෙයක් නොව සාමුහික එකමුතුවකින් සියලු වාහන ගමන් කිරීමයි. අද රියදුරන් ගේ නොදැනුවත්කම, නොඉවසිලිවන්තකම සහ ආත්මාර්ථකාමිත්වය ඔය සියල්ල අනතුරුවලට මුල් වෙන හේතු. අද සෑම දෙනෙක්ම පාර මාරුවන ඉරි ඇති ස්ථානයක ස්වල්ප වෙලාවක් නවත්වන්න හිතන්නේ නැහැ. හැකිනම් වෙට්ටුවක් දම ඉක්මනට යන්න සුදානම තම තිබෙන්නේ. මෙම අනතුර සිදුවුන ස්ථානය දකින කොට පටු කඳුකර මාර්ගයක්, විශේෂ අවධානයෙන් ගමන් කල යුතු ස්ථානයක්. අනතුරෙන් පසු රැස්වන මිනිසුන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ආවේගයෙන් ගන්න තීරණ බොහෝවිට වැරදි තීරණ. නිතිය නියමිත ලෙස ක්‍රියාත්මක කල යුත්තේ ඒ නිසයි.
කණගාටු දායක පුවතක්. එසේම නිතිය අතට ගත් පිරිස නිසා සියලු සාක්ෂිද ඒසමග විනාශ වීමෙන් එහි වාසියද අත්වතිබෙන්නේ මෙම මිනීමරු රියදුරටම්යි.
සරා, ඔබ කොහෙද මැදපෙරදිගද ඉන්නේ නිකන් බොරු කියන්න එපා... අරාබි කරයේ රියපැදවිම ගැන, තමන්ගේ ජිවිතයටවත්, අනුන් ගැනවත් හිතන රියදුරන් මෙහෙ නැහැ. කිසිම විනයක් නැති, මාර්ග නීති තඹයකට ගණන් නොගන්න රටක්... එහෙම රටකටද ඔබ සහතික දෙන්නේ... නිතිය මොනතරම් දරුණු වුණත් වැඩක් නැහැ... එ් නිසා මම දන්නා ලෝකේ හොඳම විනයක් ඇති රියදුරන් ඉන්නේ ලංකාවේ බව මතක තියාගන්න...