උදය රොහාන් නීතීඥ සංගමයේ සභාපති තනතුරට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2017/2018 වසර සභාපතිවරයා ලෙස නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පත්ව ඇති බව නිල නොවන ආරංචි පවසයි. 15 March 2017
කොරියානු ආධාර ඩොලර් මිලියන 200 කින් ඉහළ යයි ආර්ථික සංවර්ධන සහ මුල්‍ය සමායතනය සඳහා මෙතෙක් ලංකාවට ලබා දෙන ලද ඩොලර් මිලියන තුන්සියය ඉදිරි වසර තුන සඳහා ඩොලර් මිලියන පන්සියය දක්වා වැඩි කිරීමට කොරියානු විදේශ අමාත්‍යවරයා එකඟ වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 15 March 2017
‘මානව හිමිකම් කාර්යාලයක් කොළඹ පිහිටුවන්න එකඟතාවක් නෑ‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලයක් කොළඹ පිහිටුවීම සඳහා රජය කිසිදු එකඟතාවයකට පැමිණ නැතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පැවසීය. 15 March 2017
පොලිස් වෙස් ගෙන කප්පම් ගත් අය අත්අඩංගුවට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නරඹමින් සිටි පෙම්වතුන් යුවළකගෙන් පොලිස් වෙස්ගෙන කප්පම් ගත් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි. 15 March 2017
රාජ්‍ය ආයතන 5 ක් මුදල් අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමක වත්මන් රජය බලයට එන විට රාජ්‍ය ආයතන 200ක් පමණ පාඩු ලබමින් තිබූ බවත් මේ වන විට එම ප්‍රමාණය 50ක් දක්වා අඩු වී ඇති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. අනවශ්‍ය නාස්තිය අඩු කිරීම නිසා මෙම ප්‍රතිඵලය ලබාගන්නට හැකි වූ බව කී අමාත්‍යවරයා දැනට පාඩු ලබන ආයතන 50 ද කඩිනමින් ලාභ ලබන ආයතන බවට පත් කළ යුතු බව සඳහන් කළේය. 15 March 2017
අලුත් ව්‍යවස්ථාවක් හදන පළමු සැසියේම නොසන්සුන් තත්ත්වයක් අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වූ අවස්ථාවේ එහි පැමිණි හිටපු ජනපතිනියට ඇතුළත සිටි අයෙක් හූ කියමින් විරෝධය පළ කළේය. 15 March 2017
අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් අදත් පැය 3ක් ප්‍රශ්න කරයි බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසම සිව්වැනි දිනයටත් අද (15) ප්‍රකාශ ලබා ගත්තේය. 15 March 2017
ඉල්ලීම් නොලැබුණොත් අරගලයකට සූදානම් බව මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරය සාර්ථකව අවසන් කළ බවත් තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලද හොත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැතිර යන දැවැන්ත අරගලයකට සුදානම් වන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. 15 March 2017
නාගරික සංවර්ධන අධිකාරියට නොතිසී සී.එස්.එන්.රූපවාහිනි නාලිකාව පවත්වාගෙන යන ඩී.ඒ.රාජපක්ෂ පදනමට අයත් බත්තරමුල්ල පිහිටි ඉඩම පවරා ගැනීමට එරෙහිව චමල් රාජපක්ෂ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන මැයි 3 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නාගරික සංවර්ධන අධිකාරි එහි අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝග කරමින් අභියාචනාධිකරණයට අද (15) නොතීසී නිකුත් කළේය. 15 March 2017
ඩෙංගු පැතිරීමෙන් කින්නියාහි පාසල් 66 ක් වසා දමයි ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීම නිසා ත්‍රීකුණාමලය කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66 ක් අද (15) සිට දින තුනක කාලයක් වසා දැමීමට පියවර ගත් බව නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. දණ්ඩායුධපානි මහතා කියයි. ඩෙංගු රෝගය නිසා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇත 15 March 2017
විශ්‍රාම වැටුපෙන් අයකර ගත් මුදල ආපසු ඉල්ලති තම විශ්‍රාම වැටුපෙන් ආරක්ෂක අමාත්‍යාංශය අයකර ගත් රුපියල් 7000 ක මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලා විශ්‍රාමික රණවිරුවෝ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයෝ අද (15) අනුරාධපුර මහ නගර සභාව ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ. 15 March 2017
ජනපති වැල්ලවායෙ ගියදා අත්අඩංගුවට ගත් 4 ක් රිමාන්ඩ් 119 අංකයට ලැබුණු තොරතුරක් මත වැල්ලවායේදී අත්අඩංගුවට ගත් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකාවක, යුද හමුදා කෝප්රල්වරයකු ඇතුළු හතර දෙනකු 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සාමාජිකයාගේ මව සහ ත්‍රීරෝද රියේ රියදුරුද වෙති. 15 March 2017
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ 25 ක් කටුනායකට එති ව්‍යාජ ගමන් බලපත්‍ර සකසාගෙන ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ බව කියන ශ්‍රී ලාංකිකයින් 25 දෙනකු එරටින් පිටුවහල් කර ඇති අතර ඔවුහු අද (15) කටුනායක ගුවන්තොටුපලට පැමිණියහ. 15 March 2017
බැසිල් රාජපක්ෂට අධි චෝදනා 2014 වසරේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර රුපියල් කෝටි දෙකක් රජයට පාඩු කළැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණයේ අද (15) අධි චෝදනා ගොනු කැරිණි. 15 March 2017
ඇවන්ගාඩ් නඩුව මැයි 29 වැනිදාට කල්යයි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩු කළැයි චෝදනාවට සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකුට එරෙහි නඩුව මැයි 29 දක්වා කල් තැබිණි. 15 March 2017
දැදුරු ඔයේ වැලි ජාවාරම නැවැත්වීමට මැදිහත්වන්නැයි ජනපතිට ලිපියක් දැදුරු ඔයේ සිදුවු දැවැන්ත වැලි ජාවාරම නවතා දැමිමට ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් නියෝග තුට්ටුවකට මායිම් නොකර නැවතත් වැලි ජාවාරම ආරම්භ කර ඇති බව බංගදෙණිය මිහිසර පරිසර සංවිධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් දන්වා සිටී. 15 March 2017
පැහැරගත් නැව මුදා හැරීමට කප්පම් ඉල්ලයි සෝමාලියානු මුහුදු තීරයේදී පැහැරගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව මුදාහැරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා සිටින බව යුරෝපා සංවිධානයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම නිවේදනය කරයි. 15 March 2017
ඉදිරිය ගැන සිතා නඩුව ඉල්ලා අස්කර ගනී විදේශීය පුහුණුවක් සදහා සුදුසු සෞඛ්‍ය නිළධාරීන් තෝරා නොගෙන හිතුවතුන් තෝරා ගත්තැයි අධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කාර පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා සහ අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරයා අධිකරණයට දැන්වීය. මෙම නඩුව උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේ එය ඉල්ලා අස්කර ගැනිණි. 15 March 2017
කොකුම් පොතු කිලෝ 50 ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඖෂධීය ශාකයක් බව කියන කොකුම් ගසේ පොතු කිලෝ 50ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. 15 March 2017
පළාත් සභා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවක තීන්දුව හෙට උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ දී උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ දේපළවලට හානි කිරීම හා අමාත්‍යවරයාට පහරදි තුවාල කිරීමට අදාළ නඩු විභාගයේ තීන්දුව හෙට (16) ප්‍රකාශයට පත් කරන බව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පැවසීය. 15 March 2017
ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්තේය. තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටී. මෙම තරගය බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි. 15 March 2017
අර්ජුන් ඇලෝසියස් හා මහේන්ද්‍රන් ඥාතීන් බව දැන සිටියේ නැහැ - ණය දෙපාර්තුමේන්තුවේ අධිකාරී පර්පචුවල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ ඥාතීයෙකු බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරීවරයා ලෙස කටයුතු කරද්දී නොදැන සිටි බවත් තමන් ඒ බව දැනගෙන හිටියා නම් ඒ බව ඉහළ කළමණාකාරීත්වයට දැනුම් දෙන බවත් බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ ණය අධිකාරී රාජා ධම්මික නානායක්කාර මහතා අද (14) පැවසීය. 14 March 2017
බස්රථ මංතීරුව ඉදිරියට ගෙනයනවා - ඇමති පාඨලී බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වාදීමට ගත් පියවර ඉතා සාර්ථක බැවින් විධිමත් අධ්‍යයනයකින් පසු එය ඉදිරියට ගෙන යන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 14 March 2017
කොල්ලකරුවන් පැහැරගත් නැවේ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සොයා බලයි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් බවට වාර්තාවූ නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් අදාළ පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 14 March 2017
ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි කරනවාද නැද්ද තීන්දුව මැයි 3 දා ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි නිසා ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව ලබන මැයි 03 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය. 14 March 2017
උපත් පාලනයට බලපෑම් කළ සිද්ධියේ වාර්තාව බාරදෙයි දඹුල්ල රෝහලේ දී මව්වරුන් පිරිසකට උපත් පාලනය සඳහා බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අද (14) සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදී ඇත. 14 March 2017
ගැබිණියගේ මරණය ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් ඩෙංගු රෝගය වැළඳී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 14 March 2017
පුහුණුවෙන්න බෑ කීවාට පහරදී කබඩ් එකක දමලා මිනුවන්ගොඩ ප්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ සිසුවකුට ශිෂ්‍ය භට කාමරයේදී පහරදී කබඞ් එකක දමා හිරකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයකු හා එම කණ්ඩායම නියෝජනය කර දැනට පාසලෙන් ඉවත්වූ සිසුවකු අද(14) සැකපිට අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 14 March 2017
ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න’යි සිවාජිලිංගම්ගේ යෝජනාව ඡන්දයකින් තොරව සම්මතයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්මත කරගත් යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතු බවටත් යුද අපරාධ යාන්ත්‍රණය සිදුකිරීමේදී විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගත යුතු බවටත් රජයට බලකරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කිරීමට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ගෙන ආ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අද (14) සම්මත විණි. 14 March 2017
හිටපු මහ බැංකු අධිපති අදත් පැය 7 ක් කොමිසමේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීහු අද (14) තෙවැනි දිනටත් පැය හතකට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ ලබා ගත්හ. 14 March 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026