(සිරංගිකා ලොකුකරවිට )

ගංවතුර,නාය යෑම් හා අනෙකුත් ආපදාවන් හේතුවෙන් හානියට පත් නිවාස සහ ගෘහ උපකරණවලට ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් කෝටි 15ක මුදලක් ලබා දී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

මෙම මුදල් ලබා දී ඇත්තේ විපතට පත්වූ නිවසක් සඳහා රුපියල් 10,000 බැගින් වූ මූලික අත්තිකාරම් මුදලක් ලබාදීම වෙනුවෙනි.
මෙම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 15ක් සඳහා ලබා දී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇති ආපදා සහන සැලසීම හා ආපදා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධ තොරතුරු ලේඛනයේ දැක්වේ.

ඉන් වැඩිම මුදලක් ලබා දී ඇත්තේ මාතර දිස්ත්‍රික්කය වෙනුවෙනි.මාතර දිස්ත්‍රික්කයේ නිවාස 7171 ක් සඳහා රුපියල් ලක්ෂ 456ක් ලබා දී ඇත.