සිරාජ් හසීම්
උතුරු පළාත් අමාත්‍යවරුන් වන පී.සත්යලිංගමෙගේ සහ පී.ටෙනීස්වරන් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා සහතික වන්නේ නම් තමන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට සූදානම් යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සදහන් කරයි.
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් එවූ ලිපියට පිළිතුරු යවමින් මහ ඇමැතිවරයා එලෙස පවසයි.
එම අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතුවලට දේශපාලන වශයෙන් ඇඟිලි ගැසීම් සිදු නොවිය යුතු බවත්, ඒ සම්පන්ධයෙන් තමන්ට ලිඛිතව සහතික වන ලෙසත් විග්නේෂ්වරන් මහතා ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රණ්ඩු බත් හැලිය ඉදෙනකන් පමණි. කොහොමද දන්නේ දෙන්නගෙම අරමුණ ජාතිය ගොඩ ගන්නදැයි කියා...