(ඩයනා උදයංගනී)
ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
භික්ෂූන් වහන්සේ නමක, පොලිස් නිලධාරියෙකු, මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයෙකු ද ඒ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
අත්අඩංගුවට ගෙන සිටින භික්‍ෂූන් වහන්සේ ඇතුළු සිංහල ජාතිකයින් 11 දෙනාගෙන් වැඩිදෙනකු බොදුබල සේනා සංවිධානයට ඍජුවම සම්බන්ධ අය බව මේ වන විට තහවුරු වී ඇතැයි ද ජයකොඩි මහතා කියයි.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවත් භික්‍ෂූන් වහන්සේනමක් හා තවත් සිවිල් වැසියන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව ද ඒ මහතා පවසයි.
ජාතීන් සහ ආගම් අතර විරසකය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කර ඇති දේශපාලනඥයින් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව ඔවුන් සම්බන්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට අත්අඩංගුවට ගන්නේ ඔය කියන දේවල් කරන අය විතරද? වවුනියාවේ බුදුපිළිම කැඩුවා. යාපනේ පන්සල් හදන්න දෙන්නේ නෑ.. නැගෙනහිර තියෙන පන්සල් පවත්වාගන යන්න දෙන්නේ නෑ. ඒ වගේ අයත්පුජා භුමි බලෙන් අල්ල ගන්නවා. හාමුදුරුවරුන්ට හිරිහැර කරනවා. මේවාට නීතිය ක්‍රියාවේ යොදවන්න. ඔය කියන නිලධාරීන්ට කොන්ද පණ නැද්ද? නැත්නම් මුදල් වලට යටවෙලාද? අයි බෞද්ධයාට විතරක් නීති රට පාලනය කරන්නේ?
මේ අය රටට පිළිකාවක්...වහාම මේ සඳහා ක්‍රියාත්මක වන්න! අනිකුත් ජාතියේ අයව නිදහස් කරන්න.
බෞද්ධයින් විතරක් මර්ධනය කරන බව නම් පැහැදිලියි. අපවාදයෙන් බේරෙන්න නිකමට වගේ වෙන කීප දෙනෙකුත් අත්අඩංගුවට අරගෙනලු. නිකන්ම ගෙදර යවල ඇති පස්සේ බොරු පැමිණිල්ලක් විතරක් කරලා. හමුදුරුවරුනම් ඉතින් ගිහින් හිරේම දාන්නනේ හදන්නේ...
ඔක්කොම සිංහලයට විතරයි. දැන් නම් මගේ මාළු නටනවා මේ අයත් එක්ක. මේ අයට තේරෙන්නේ නැද්ද බෞද්ධ උරුමයන් විනාශ කරනවා, බලෙන් අල්ලන් ඉන්නවා කියලා. ඒ නිසා තමයි හාමුදුරුවෝ කෑගහන්නේ. හරියට ලංකාව දැන් සිංහලයාගේ නෙමෙයි වගේ. බාමියන් පිළිම විනාශ කළේ ඒ රටේ බෞද්ධයන් නැති හින්දයි. ලංකාවේ බෞද්ධයෝ හිටිද්දීම අපේ බෞද්ධ උරුමයන් හිටු කියල විනාශ කරනවනේ...
ඔය අතරේ ඉන්නවද අර රූපවාහිනි වැඩ සටහනකදි පල්ලි වලට ප්‍රහාර එල්ල කලා කියපු පුද්ගලයා සහ නාවලපිටියේ ගිනි ගැනීම ගැන වැරදි අදහසක් දුන් පුද්ගලයා ?
මම අහන්න කැමතී ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් උතුරේ සියලු අන්‍ය ආගමික ස්ථාන හමුදා යලි ගොඩනගා යථා තත්වයට පත් කළා නම් උතුරේ ඇති පන්සල් යුද්ධයෙන් පසු යළි ගොඩනැගීමට ඉඩ නොදී කරන කටයුතු කරන හා එහි සිංහලයන්ට පදිංචි වීම පන්සල් ගොඩ නැගීම තහනම් කරමින් නීති ගෙන එන හාමුදුරුවන්ට තර්ජනය කර හිරිහැර කරන, රටේ ඕනෑම තැනක බෞද්ධ විහාර ඉවත් කිරීම සඳහා ඇති අයිතීන් උල්ලංඝනය කරමින් ඔවුන් කරන මේ අකටයුතුකම් සඳහා ඒ අයව අත්අඩංගුවට ගන්න කටයුතු නොකරන්නේ ඔවුන්ට ඇති බය නිසාද?
හාල්මැස්සෝ අහුවුණාට, මෝරු වෙට්ටු දම දමා ඉන්නවා. අහුවෙන්නේ නැතිව...
එතකොට දැන් විග්නේශ්වරන් මැතිතුමාත් ඔය අත්අඩංගුවට ගත්ත ලිස්ට් එකේ ඉන්නවද? අැයි මේ සිංහල අපිට විතරක් ඔක්කොම නීති, පොඩ්ඩක් මොලෙන් හිතන්න... පස්සේ කොමෙන්ට් කරන්න.
සියළුම ජාතිවාදීන්ට විරුද්ධව එකම නීතිය ක්‍රියාත්මක කල යුතුයි. ජාතිවාදය හෙළා දකිමු.
අවුරුදු 30 ක යුද්ධයක් තිබ්බ මදිද? මේවගේ අය හිරේම තමයි දාන්න ඕනේ...
ලංකාව දැන් සිංහලයාගේ නෙමෙයි වගේ....
ඒක එහෙම නම්, විග්නේශ්වරම් කියන ජාතිවදියාව අත් අඩංගුවට නොගන්නේ ඇයි? ඔහු තමයි මුලින්ම ජාතිවාදී කතා කියමින් සින්හලයින්ව අවිස්සුවේ..ඒ නිසා ඒ ජාතිවාදියාව වහාම අත්අඩංගුවට ගත යුතුයි.
එතකොට අර නාවලපිටියෙ කර්මාන්ත ශාලාවක් විදුලි කාන්දුවකින් ගිනි ගත් එක සිංහලයින් ගිනි තිබ්බා කියපු ඇමතිව තාමත් අත් අඩංගුවට ගත්තෙ නැතෙයි?
කිසිම සිංහලයෙක් ජාතිවාදය අවුස්සන්නේ නෑ... උතුරේ හා නැගෙනහිර දේශපාලකයන් හා ආගම්වාදීන් තමයි මේ සියල්ල අවුස්සලා සිංහලයා කුපිත කරවන්නේ...අපේ රටේ නායකයෝ ඡන්දෙ ගන්න තියන කෑදරකමට වගේ බලාගෙන ඉන්නවා.
සුසන්ත ඔබ හරි... ලංකාව දැන් සිංහලයන්ගේ නෙමේ.. එතකොට හේතුව ලංකාව පාලනය කරන්නේ සිංහලයෙක් නෙවෙයි කියන එකද?
පල්ලියට බෝම්බ ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට සහ කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බොදුබල සේනාවේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. එතකොට වවුනියාවේ යාපනේ හා අනෙක් ප්‍රදේශවල බුදුපිළිම විනාශ කල අය කවදාද අත්අඩංගුවට ගන්නේ නැත්නම් ඒවා කරන්නේ පොලිසියෙන්ද? සිංහලයාට විතරද දඬුවම් කරන්න හදන්නේ... ජනපතිතුමනි මේ ඔබගේ අවධානය පිණිසයි...