(බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට උසස් පෙළ හැදෑරීමට මෙම වසරේදී ඇතුළු වූ සිසුන් 700කට පමණ ඉගෙනුමට අවශ්‍ය බංකු සහ පුටු නොමැති වීමෙන් පැදුරු මත හිඳ අධ්‍යාපන කටයුතු කිරීමට සිදු වීමෙන් සිසුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි එම සිසුන්ෙග් දෙමාපියෝ පවසති.
ඉකුත් වසරේ සාමාන්‍ය පෙළ විභාගයට එම විද්‍යාලයෙන්ම පෙනී සිටි සිසුන් 673 දෙනකුගෙන් 668 දෙනෙකුම විශිෂ්ඨ ලෙස සමත් වූ සමත් වූ තම දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පහසුකම් නොලැබීමෙන් තම දරුවන් දැඩි කම්පනයට පත්ව ඇතැයි දෙමාපියෝ පවසති.
2010 දී ආරම්භ කරන ලද මෙම විද්‍යාලයේ උසස් පෙළ පංති පැවැත්වුවද විද්‍යාලයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ට උසස් පෙළ පංති සදහා යොමු කෙරෙන පළමු අවස්ථාව මෙය බැවින් විශාල සිසුන් පිරිසක් එකවර විද්‍යාලයට ඇතුළත් වී ඇති බවත් ඔවුහූ පවසති.
අවශ්‍ය ඩෙස් පුටු සංඛ්‍යාව පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට වසර එකහාමාරකට පෙර දැන්වූවද මෙතෙක් ඒ අනුව අවශ්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කර නැතැයි විද්‍යාලයීය සංවර්ධන සමිතියේ නිළධාරියෙක් පැවසීය.
මේ පිළිබදව විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතාගෙන් කළ විමසීකදී ඔහු පැවසූවේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතයාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මේ ගැන මාධ්‍යයට කිසිවක් පැවසීමට නොහැකි බවත්ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ පවුලට හොඳ අවස්ථාවක් උදවු කරන්න....
උජාරුවට නම දාගත්තා නම් එයාටම තමා ඔය ප්‍රශ්නේ කියන්න ඕනේ...
ඔය ඩෙස්ක් පුටු වගේද?... දැන් දෙනවනේ ටැබ්! ටැබ් උඩ ඉඳන් ඉගෙන ගන්න කියන්න.
අවශ්‍ය බඩු දෙන්නත් ඉස්සෙල්ලා නම දාගත්තම ඔහොම තමයි. අපේ සල්ලිවලින් හදලා වෙනත් කෙනෙක් නම දාගන්න එක හොරකමක් නෙවෙයිද?
දැන් ආණ්ඩුව පාසල් සිසුන්ගේත් පළිගැනීම පටන් අරන් වගේ. තව ටික කලයි නේ...
විදුහලේ නම තියෙන කෙනාත් රජ පුටුවෙන් ඉවත් වුණු එකේ ඕක මොකක්ද ?
ඕක තමා ලංකාවේ ප්‍රශ්ණේ. පාසල් දියුණු කරනවය කියලා අලුතෙන් පන්ති පටන් ගන්නවා. හැබැයි අවශ්‍ය අවම පහසුකම් වත් නැහැ. අඩුම ගානේ අපේ පාසල් පද්ධතියේ ළමුන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් හරියට තියෙනවද? අපි ඉන්දියාවේ වැසිකිලි ගැන හිනා උනාට ලංකාවේ පාසල් වලත් වැසිකිලි කැසිකිලි මට්ටමේ තියෙන්නේ. මම දන්නා ළමුන් ඉන්නවා, පාසලේ වසිකිලිවල තිබෙන අපිරිසිදු කම නිසා පාසල් කාලය තුල වැසිකිලිය භාවිතා නොකරන. අවසානයේ ඔවුන් විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙලා තමා නවතින්නේ.
ඉස්කෝලේ නමේ තියන කාලකන්නි කම එක වෙනස්කොරගත්තනම් ඔක්කොම හරි යනවා !
පාසලේ නම හින්ද අහිංසක දරුවෝ දුක් විදිනවා ? ලැප් ටොප් නම් දෙනවලු .
මේක අපි හැමෝගෙම ඇමතිට කියලත් වැඩක් නෑ මෙලෝ රහක් නෑ.