(මහින්ද නිශ්ශංක)
ත්‍රීරෝද රථ සඳහා පළමුවන කිලෝමීටරයකට අය කරන ගාස්තුව අගෝස්තු මස 10 වැනි දා සිට රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.
ඒ අනුව රුපියල් 50 ක් වන පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 60 දක්වා වැඩිවන බවද ජයවර්ධන මහතා කියයි.
කෙසේ වෙතත් දෙවන කිලෝමීරයේ සිට අය කෙරෙන ගාස්තුවල කිසිදු වෙනසක් සිදුවන්නේ නැත. දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ යුතු සම්මත ගාස්තුව රුපියල් 40 කි. ඒ අනුව කිලෝ මීටර දෙකක ගමනක් වෙනුවෙන් මගියකුට වැයවන්නේ රුපියල් 100 කි.
ත්‍රීරෝද රථ අමතර කොටස් මිල ඉහළ යාම, ආර්ථික ප්‍රශ්න හා ත්‍රීරෝද රථ අලුත්වැඩියා ගාස්තු ඉහළ යාම හේතුවෙන් ගාස්තු මිල වැඩි කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාස්තුව වැඩි වුණත් කමක් නෑ. මීටරය අනිවාර්ය කරනවනේ. දැන් හිතේ හැටියට ගණන් ඉල්ලනවා.
අපේ මිනිස්සුන්ටත් මීටර් 100ක් පයින් යන්න බැහැ. ත්‍රී වීල් එකක් ඕනෙමයි. හරියටම බැලුවොත් ත්‍රී වීල් එකකට පැට්රොල් ලීටරයකින් අවම වශයෙන් කි.මි.20ක් වත් යන්න පුළුවන්.... කිලෝමීටරයක් යන්න තෙල් වලට වැයවන්නේ රු.6 ක් පමණි. නඩත්තුවට කිලෝමීටරයකින් රුපියල් 10ක් තිබ්බත්, මෙයාලා කි.මි. එකකින් රුපියල් 24ක් විතර ලබා තියෙනවා. කි මි. එකට 40ක් ගත්තත් වැඩයි..