ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමෙි කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙින්තුවෙි අද (17) පස්වරුවෙි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"2017 වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 63,987 ක් වාර්තා වී තිඛෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 200 ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනය වී ඇති ඇමරිකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලත් ඩෙංගු රෝගය පැතිර යනවා. නාගරීකරණයත් ඩෙංගු රෝගය පැතිරයාමට බලපා ඇති තවත් හේතුවක් වෙනවා“
“ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා 2016 වසරේ දී ධූමායන යන්ත්‍ර 500 ක් ද, 2017 වසරේ දී ධූමායන යන්ත්‍ර 175 ක් ද ඛෙදා දි තිඛෙනවා. මදුරු මර්දන සහායකයින් 412 ක් මේ වනවිට බඳවා ගෙන ඇති අතර, ඩෙංගු මදුරු කීටයින් හමුවන ස්ථානවලින් අය කරන දඩ මුදල ද ඉහළ දමා තිඛෙනවා.
“කසල ප්රශ්නය කළමණාකරණය කිරිම මෙහිදී ඉතාම වැදගත්. ඒ සදහා ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්. ගංවතුර හේතුවෙන් ඩෙංගු වසංගතය වැඩිවී තිඛෙනවා. ඉදිරියේ දී මෙම තත්ත්වය තවත් දරුණු විය හැකියි. ත්රීවිධ හමුදාව යොදවා කැළිකසල ඉවත් කිරීමට පියවර ගත යුතු බව මම ජනාධිපතිවරයාට යෝජනා කළා.” යයිද ඇමතිවරයා පැවසීය.
තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකචිඡා කර ශ්‍රි ලංකාවට ආනයනය කරන ඩෙක්ට්රෑන් ඖෂධ තොග ප්‍රමාණය වැඩි කිරිමට තීරණය කළ බව කී ඇමතිවරයා දෛනිකව ඩෙංගු තත්ත්ව වාර්තාවක් සකස් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර තිඛෙන බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට සරත් පොන්සේකත් යවන්න ඕනේ. සෙබළු විතරක් යවල හරි යන්නේ නෑ.
කප්පරක් බොරු කියල බලය අරගෙන දැන් ඒවා කරගන්න බැරි වුනාම කුණු අදින්නත් ත්‍රිවිඩ හමුදාව ..ගංවතුර අවහම නාය ගියහම ඩෙංගු ආවහම හැමදේම ත්‍රිවිඩ හමුදවනම් කරන්නේ මොකටද ආණ්ඩුවක්..ඔහෙලා ඔක්කොම එකතු වෙලා ලස්සනට තිබ්බ මගේ රට කෑවා..එච්චරය්
මේ ආණ්ඩුවෙන් කිවුවේ හමුදාවට නිසි තැන ලබදෙනබවයි, ඇමතිලා 225 ම දැම්මනම් හරි කුණු අදින්න කුණු කන එකේ කුණු ඇදහම මොකද
සැම කුණු ජරා වැඩ සඳහා යොදා ගන්නේ ත්රිවිදාවද
මේ ගොල්ලෝ කතා කරන්නේ හරියට හමුදාව අතින් පල්ලෙන් වැටිලා වගේනේ මෙහෙමත් රටක් මෙහෙමත් දේසපාලන අක්නයෝ ඉන්න රටක්
නරකද අර හිරේ ඉන්න කොටි ටික අරගෙන කුණු අද්දුවනම් ? කලින් හමුදාව එලෙවලු වවනවා කියල මේ අය දෙන කුණු අද්දනවා අපේ විරුවන්ට කියල. මට හරිම දුකයි !
ලංකාවේ ඇති විසල ප්රමන්යක ඩෙංගු වලට ගොඳුරු වෙලා දුමාන යන්ත්‍ර 675 මර්දන සහයකින් 412 අපි නම් දුම් මයන යන්ත්‍ර ක්‍රියා කරනවා දැකල නැති තරම් . මැති ඇමති රජයට වාහන කීයක් තියෙනවද..?
කසල ඉවත් කිරීමෙි කටයුතු ප්‍රාදේශීය සභා මගින් පත් කරන ලද සේවකයන් විසින් කල යුතු අතර එය ත්‍රිවිධ හමුදාවේ රාජකාරියක් නොවේ. අද ඇති මේ කසල ප්‍රශ්නයට ප්‍රධාන හේතුව දුර්වල නායකත්වයි. මේ කැලි කසල ප්රශ්නය විසදීමට නම්, තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාවට නැග්වීමේ දක්ෂ කමක් ඇති, ගොටාභය රාජපක්ෂ වැනි කෙනෙකුට මේ විෂය භාර දිය යුතුයි. රටේ ඩෙංගු උවදුර වැඩි වී ඇත්තේ ගංවතුර හේතුවෙන් නම්, ඒ සඳහා රටේ ජනතාවට දඩ ගැසීමේ අර්ථයක් නැහැ.
අපේ මිනුවන්ගොගඩ නගර සභාවට අපි මුළු අව්රුද්දටම වරිපනම් ගෙවනවා, ගෙවන අපිටත් නොගෙවන් අයටත් එකම කරුමය කියන්නේ,වෙලාවට ඩෙංගු බලනවා කියල මුළු වත්තම කාල් ගානවා නඩු දානවා කියනවා, නමුත් මිනුවන්ගොඩ නගර සභාවේ බැනර් ගහල තියනවා දුම තෙල් කුණු සියල්ල ඔව්න් විසින් ප්‍රදේශය පුරාපහසුකම් සපයල කියල නමුත් අපේ පැත්තට මුකුත් නැහැ අඩු ගානේ කුණු ගෙනියන්නෙත් නැහැ ඉතින් කොහොමද ඒවා මර්දනය කරන්නේ ඔව්න්ගේ හිතවතුන්ට නම් වෙලාවට කලාවට එම ප්‍රතිපාදන ලැබෙනවා.
ත්‍රිවිද හමුදාවෙන් උදවු ගන්න එක හොඳයි. නමුත් රට මේවගේ අගාධයට පත් කල පුද්ගලයන්වත් කුණුකසල පිරිසිදු කිරීමට යොදවා ගත්තොත් හොඳයි. නීති විරෝධී වැඩ කරලා අත්අඩංගුවට පත් වෙන පුද්ගලයන්වත් උදවුට ගත්තොත් හොඳයි. ඒ මිනිසුන්ව නැවතත් සමාජයට පුරුදු කිරීමට උපකාරයක් වේයි කියල හිතනවා. පොලිසියට අමතර අදායමක් ලබාගන්නත් පුළුවන් වෙයි කියල හිතනවා. ත්‍රිවිද හමුදාව උදවුවට අරගෙන ආරක්ෂක කටයුතු වලට අමතරව කරන සිවිල් කටයුතු වලින් ත්‍රිවිද හමුදාවට ගෙවීමක් කරනවද? ලොකු ලොකු මිනිස්සු පුළුවන් තරම් විදේශ සවාරි ගිහිල්ල අරන් එන කුණු අදින්න ගන්නෙත් හමුදාවද. ලජ්ජා නැති මිනිස්සු ඉන්න රටක්.
මේ වගේ වැඩ බැරි ටර්සන් ල ටිකක් දැක්කමයි.කීවත් වගේ ලස්සනට තිබුණු මගේ රට මේ ආණ්ඩුව කෑවා. හමුදාව මොකටද කුණු අදින්න.මේ 225 ට අපේ බදු මුදල් වලින් පඩි,යාන වාහන දෙන්නේ හරියට රට කරවන්න ,නැතිව හැම මගුලකටම හමුදාව ගාව ගන්න නෙවි.හමුදාවේ ඉන්න කොල්ලන්ටත් ආත්ම ගෞරවයක් තියෙනවා මේ කුහක ,රටට බරක් වුනු 225 හේ නොහැකියාව වහගන්න හමුදාවට වැඩ දෙන්න එපා !
සරත් ෆොන්සේකා ඇමතිතුමනි මේ යෝජනාවට විරුද්ධවන්න. හමුදාව ඉන්නේ කුණු අදින්න නොවේ කියලානේ රජය බලයට ආවේ.
කලින් රජය හමුදාව යොදාගෙන කොළඔ ලස්සනට තියාගෙන ඉන්න කොට මොනවද නොකීවේ. ? මෙයාල හමුදාවේ උදවිය හිරේ දමල , පාච්චල් කරලා අද ලජ්ජා නැතිව හමුදාව දමනවා කුණු අදින්න.
ත්‍රිවිධ හමුදාව හින්දා අපි සැනසිල්ලේ ඉන්නවා. ඔය තොප්පිගල කැලයක්, අලිමංකඩ පාමංකඩ, ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් වගේ කියූ අයව ඔය කුණු අදින්න දාන්න ඕනේ. නැතිව හමුදාව නොවේ. පින් පඩි ගන්න අයම දමලා ඔය කුණු අයින් කරවන්න ඕනේ...
විග්නේශ්වන් ගේ පාරේ යන හමුදාවට අවමාන කරන උන්ට ජනතාව එරෙහිවෙනවා මීහරක් නියම තැනට දක්කන්න චන්ද තියන්න ඉන්දියාව ඇමෙරිකාව ආවත් චන්ද නොතිබ්බොත් මේ රටේ දෙසපලුවන්ට ඉන්න තැනක් නැතිවෙනවා තමිල්නාඩුවට යන්න වෙනවා ප්රජාතන්ත්ර වාදය අගයන ජනතාවක් ඉන්න රටක් මේක
මේක කියන්නේ ප්‍රශ්න විසදන්න නොවේ වැඩ බැරි උන් හමුදාවට අවමන් කොරන්නේ යුද ජයග්‍රහණය කර රාජපක්ෂලාට ලකුණු ලැබුණය කියන මෝඩ නියායෙන්
ඔබලාගේ දෙමාපියන් වත් මේ කරන අවමාන අනුමත නොකරනු ඇත....