(ඉන්දිකා රාමනායක)
කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිටදී 2014.4.12 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉස්ලාම් ධර්මයට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට හා 2014.04.09 දින නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සකාච්ඡාවකට බලෙන් කඩා වැදී බලහත්කාරකම් පෑම හා පහර දීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය අද වරෙන්තු නිකුත් කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති ආගම් බේද දුරලා අපි සමගියෙන් අනෙක් පාර්ශ්වයන් සමග ජිවත් වෙමු. එවිට අපේ රටත් බෞද්ධාගමත් මතුවට රැකගත හැකි වේවි අපේ හාමුදුරුවනේ.
මේ ආණ්ඩුව 2020 වෙනකම් විතරයි
චීවරධාරියෙක් විසින් නොකළ යුතු වැරදි මේ හාමුදුරුවෝ කර තිබෙනවා නම්, උසාවියේ කැඳවුම අනුව එහි ගොස් තම නිර්දෝෂත්වය පෙන්වා නිදහස් විය යුතුය. එසේ නැතිව, අධිකරණය සහ පොලිසිය සමග කරන මේ "හැංගිමුත්තන්" කෙළිය, කවදා කොහෙන් අවසන් වෙයිද කියා කාටද කියන්න පුළුවන් ???
නන්දලාල් මහතා, ඔබ අදහස් කරන චීවරධාරීන් යනු කවරේද?