රොමේෂ් මධුසංඛ
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වනැයි දැනුම් දීමට පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටයේ උතුරු පළාත් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව බාර දෙනු ලැබී විශ්වාශභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමක දී ය.
ඒ අනුව ඉදිරියේදී අදාළ විශ්වාශ භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රිවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම සහ අත්සන් තහවුරු කර ගැනීම ක්‍රියාවලිය සිදු කිරීමටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මැද පළාතේ මහා ඇමතිට විරුද්වධ විශ්වාසබංග යෝජනාව ආණ්ඩුකාරය පිලි නොගෙන කුණු කුඩේට දැමීමටත් උතුරු පළාතේ මහා ඇමතිට විරුද්ද යෝජනාව ඒ පළාතේ ආණ්ඩුකාරය පිලි ගැනීමටත් හේතු මොකද? එකම රටේ පළාත් දෙකක එහෙම වෙනස් නීති තියෙන්නේ කොහොමද? උතුර දැනටම වෙනත් රටක කියල හිතන් කටයුතු කරන නිසාද මේක පිළි අරන් තියෙන්නේ උතුරුමැද පළාතේ එක පිළිනොගෙන?
කතාවක් තියෙනවනෙ කකුළුවගෙ සෙල්ලම් වතුර මුට්ටිය උණු වෙනකම් විතරයි කියල.
එතකොට උතුරු මැදට මොකද වුනේ ?