(පාලිත ආරියවංශ)
තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
‘‘මට තරහකුත් ආවා. මේක වෙනස් වුණා නම් මට මිනිස්සු සතුටු කරන්න තිබුණා. හැබැයි මං හිතුවා මම ඊළඟ ඡන්දය පරාද වුණත් කමක් නැහැ ලංකාවේ ළමයින්ගේ හිතන විදි දකින විදි වෙනසක් කරන්න ඕනෑ කියලා‘‘ යැයි ද ඇමැතිවරයා කියා සිටියේ බදුල්ල වියලුව කුට්ටියගොල්ල මහා විද්‍යාලයේ අද(15) පැවැති උත්සවයකදී ය.
‘‘මට මේ ඇමතිකම දෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ මොකක්ද මේ ඩිජිටල් කියන්නෙ කියලා. මමත් ඉස්සලම හිතුවේ ඩිජිටල් කිව්වම ඩිජිටල්බෝඩ් එකක් කියලා. මං බැලුවා මේ මොන මගුලක්ද මට හම්බ වුණේ කියලා. මම අහලා තිබුණා ඩිජිටල් කියන්නේ අංකන කියන එක කියලා. අංකන ඇමැති කිව්වට ඔබතුමාලාට තේරෙන්නේ නැහැනේ. මම ඉස්සෙල්ලාම කළේ මලලසේකර ශබ්දකෝෂය අරගෙන ඕකෙ පරිවර්තනය හොයලා බැලුවා. පරිවර්තනයෙන් කියවාගෙන යනකොට තිබුණා ඇඟිලි වලින් කරන කියලා. මං බැලුවා මළ කෙළියයි විපක්ෂේ කෙනකුට ඕක අහුවුණා නම් කියයි මේකා ඇඟිලි ඇමැති කියලා. මම අවුරුදු එකහමාරට බැංකුවකට ගිහිල්ලා නැහැ. මගේ සියලු බැංකු ගනුදෙනු කරන්නේ ෆෝන් එකෙන්. අද තාක්ෂණ දියුණුවත් එක්ක ලෝකයේ ඩිජිටල්කරණය කියන්නේ සියලු දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුළට ගෙන ඒමයි.‘‘ යනුවෙන් ද ඇමැතිවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ දියුණු රටවල් ඩිජිටල් වෙලා බොහෝ කල් . නමුත් ඒ එකම රටකට වත් ඩිජිටල් ඇමති කෙනෙක් හිටියේ නැහැ . අපිත් ඉස්සෙල්ලා ඇනලොග් ඇමති කෙනෙක් පත්කරලා පස්සේ ඩිජිටල් කලානම් හරි .
ඔව් ඉතින් ඕක තේරුම් ගන්න මොලේ කියල දේකුත් තියෙන්න ඔනෙනෙ. නේද?
අංකන නෙවෙයි ඇමති තුමෝ අංකිත ...හපොයි තරම
ඇමැතිකම දෙනකොට ඩිජිටල් තේරුමවත් දන්නේ නෑලු ඇමතිකම වත් දන්නේ නැති මිනිස්සු මෙරටට මොනවා කරයිද? හැබැයි වාහන පර්මිට් වෙලාවට ගන්න දන්නවා.මුන්ට චන්දෙ දීපු අපිවගේ හරක්.
කියමනෙන්ම පේනවා හරිම විද්‍යාත්මක පදනමකින් ඇමතිකම් දීල තියනවා කියල. තමන්ගේ අමාත්‍යංශ්‍ය ගැන මේලෝකේ දෙයක් නොදන්නා, නුගත් මංත්රීයෙකුට දීල ඇමතිකම.
ලංකාවෙ අපි කොච්චර අසරණද කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි. වෙන රටවල ඒ විෂය සම්බන්ධ දැනුම වැඩිම කෙනාට ඇමති කම දෙනකොට අපේ දෙන්නෙ තමන්ගෙ කිට්ටුම අය බලල..
ඇමැතිකම දෙනකොට විතරක් නෙමෙයි දැනුත් ඩිජිටල් තේරුමවත් දන්නේ නෑ වගේනේ? නැතිනම් ඩිජිටල්කරණය කියන්නේ සියලු දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුළට ගෙන ඒමයි කියල කියයිද?
මොකක් හරි හොඳ විදියට කරන්න. වැඩිය ණය නොවෙන විදියට. බලාගෙන ඔයාගාවට සයිබර් ඇටක් වලින් තම බේරෙන්න තියෙන්නේ. හැමෝම හදන්නේ ලේසියට සල්ලි හම්බ කරන්න. ඔබතුමාගේ බැංකු ගිනුමත් ඇටක් කරයි. මිනිසුන්ගේ මොරාල් එක හදන එක ගැනත් හිතන්න.
මට මේ ඇමතිකම දෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ මොකක්ද මේ ඩිජිටල් කියන්නෙ කියලා. ඒ වුනාට කොහොම හරි චන්දය දුන් ජනතාව දැන් ඩිජිටල් වුනානේ ඒ ඇති නේද.ජනතාව ඉල්ලන් කැවා. බාරදුන්න වැඩේ ගැන සාමාන්‍ය දැනීමක් වත් නැති ඇමති වරයෙක්.
ඇත්ත කිව්ව එක ගැන බොහොම සතුටුයි. පහුගිය අවුරුදු ටික දිහා බලනකොට අපි දැනගෙන හිටිය ඒ බව. මේක තමා හැම ඇමති කෙනෙකුගේම තත්වය. මෙහෙම අය ඇමතිලා වෙන රටකට දෙයියන්ගේ පිහිටම තමයි.
ලංකාවේ ඇමති කෙනෙක් වෙන්න මේ දැනුම හොදටෝම ඇතියි .විමල් ජනපති වුණානම් ඔබට අගමැති වෙන්නත් පුළුවන් .ඔබ තුමාත් බුරු ලන්තයට පායපු ඉරක් .
තමුන්නාන්සෙ තාමත් දන්නෙ නෑ නේද? අන්තිම වාක්‍යයෙන්ම තේරෙනවා ඇමති තුමා ඩිජිටල් ගැන දන්න තරම.
මේවාගේ මෙලෝ හරසක් දැන්නැති ඇමැති මණ්ඩලයක් තමා මේ රට ගෙනියන්නේ
දැන් තේරෙනවා නේද අපේ රටේ ඇමතිකම් දෙන්නේ මෙලෝ සංසාරයක් ඒ විෂය ගැන දන්නේ නැති උදවියට කියල. ඉතින් එයාල විෂය ඉගෙනගෙන ඉවර වෙනකොට වෙන ආණ්ඩුවක් ඇවිත්.
මිනිස්සුන්ට මේවා වැඩක් නැහැ,දුෂ්කර පලාත්වලට ගිහින් බලන්න මිනිස්සුන්ට තියන අවශ්‍යතා මොනවද කියල,එතකොට ඒ ජනතාවට ඕනි ඩිජිටල් ද කියල.
මේ වගේ වාචලකමට කියනවන අයව පාර්ලිමේන්තු යවල මිනිස්සු මේ රට දියුණු වෙයි කියල බලාගෙන ඉන්නවා. ඉබ්බාගෙන් පිහාටු ලැබෙනකම් ඉන්නවා වගේ.
හරීන්, අර කැනඩාවේ තරුණ අගමැති ජස්ටින් ට්රුදෝ ගේ චරිතාපදානය කියවල එන ආත්මෙදීවත් විෂය දැනුවත් ඇමතිකෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්න.. අනේ අපේ තරුණ පරපුරේ අපේක්ෂාවන්ට වෙච්ච දේ..මේකට කියන්නේ කරුමේ කියල.
ව්‍යවස්ථාවට ඇමතිවරු 25-30, නියෝජ්‍ය ඇමති 25-30 දාල හදන්න බැරිද? කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට....
අැමතිතුමනි, ඔබතුමා ඩිජිටල් ගැන දන්නැති නම් නිශ්ශබ්දව ඉන්න..
නොදෝමකින් අපිට ඉන්නේ තමුන්ගේ ඇමතිකමේ තේරුමවත් නොදන්නා බුරු රැලක්. මෙහෙම ඇමති මණ්ඩලයක් එක්ක රටක් ගෙනියන්න පුලුවන්ද? මෙයාලව පත්කරපු එවුන්ටයි මඩුවලිගෙන් ගහල උල තියන්න ඕන. අනික චන්දෙ දුන්නු අපි ගලක් බදාගෙන මුදේ පන්නින්න ඕනේ.
හා ළමයි........, කියන්න බලන්න සුදුසුකම් නැතුව පළපුරුද්දක් නැතුව කරන්න පුළුවන් රස්සාවක් තියනවාද කියලා...... දන්නා ළමයි අත උස්සන්න.....
හිතේ තියෙන්න ඇති ලොකු එකක් ගන්න. නොලැබුණු නිසා හිත හදාගන්න තමයි මේවා කියන්නේ කියලා තේරෙන්නේ මට විතරද?
සාගරයක් මැද පුදුම රටක් ඇත එම රටේ ඇමති කම් දෙන්නේ ඩිජිටල් කියන වචනයේ තේරුමවත් දන්නේ නැති තන කොළ කන සත්ව කොට්ටශයකටය