(ශාන්ත ප්‍රදීප් කුමාර)
කොට්ටාව බොරැල්ල මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී තරුණයකු විසින් වැඩිහිටියකුට සිදුකළ පහරදීමක් දැක,තම රථය නවතා එහි ගොස් ගැටුම සමථයකට පත් කොට නැවත රථයට පැමිණිමේ දී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ (52) හැවිරිදි හිටපු නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය දෙපානම අරලිය උයන වටරවුම් මාවතේ අංක 22/31 හි පදිංචි ජගත් ගුණතිලක නැමැති හිටපු නියෝජ්‍ය රේගු අධිකාරිවරයකු බව පොලිසිය කියයි.
හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක වන තම බිරිඳගේ අමතකව ගිය අත් බෑගය රැගෙන යමින් සිටිය දී පන්නිපිටිය ප්‍රදේශයේ දී මෙම හදිසි අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව කෙටියෙන් මෙච්චරයි. වැඩකරන්නේ රේගුවේද නැද්ද කියන එකවත්, විශ්‍රාම ගිහිල්ලද නැද්ද කියන එකවත්, ලොක්කෙක්ද නැද්ද කියන එකවත්, නෝනා වැඩ කරන තැනවත්, එවෙලේ යමින් සිටියේ කොහේටද කියන එකවත්, මැරෙන්න කලින් ගෝරියක් බේරපු එකවත් නෙමෙයි.... තමන් ගෙනාපු කලේ ඉවර වෙලා මහත්තය අභාවප්‍රාප්ත වුණා. අනික් මහත්තුරුන්ටත් ඉගෙනගන්න තියෙන්නේ මොන ආකාර වලින් සල්ලි හම්බකරලා ටයිපොලු බැඳගෙන විරාජමානව දැඟලුවත් අන්තිමට කාටත් ඔය ටික තමයි. එ්ක නිසා ඉන්න ටිකේ ලැබුණු මනුෂ්‍යත්වයට අගෞරව නොවෙන විදිහට ජීවත්වෙන්න බලන්න.
නත්ථි ජාතස්ස අමරණං... ඔබට නිවන් සුව ලැබේවා !!!
හර්දය ආබාද ඇති අය වෙනත් අය අරගල කරන තැන් දුටුවොත් අනතරු වාහන එලවීමේදී පරිස්සම් වියයුතුය ඒවා මග හැර යා යුතුය හදවත යම් කිසි තිගැස්මකදී දරා ගැනීමට අපහසු වෙනවා එම නිසා එම අවස්ථාව මග හැර ගියා නම් මෙතුමා අදත් අප සමග ඉන්නවා
රන්ඩු වෙන කාරනේ දන්නේ නැතුව ඔහොම රන්ඩු බේරන්න යන්න හොඳ නෑ. උදාහරණයක් විදියට කවුද දන්නේ අර වැඩිහිටි පුද්ගලයා අර තරුණයාගේ පවුලේ කාන්තාවකට කරදරයක් කරන්න ආපු කෙනෙක්ද කියලා. ලංකාවේ මිනිස්සු කරන ලොකු වැරද්දක් තමයි සම්පුර්ණ සිද්ධිය දන්නේ නැතුව තමන් අහපු දැකපු දෙයින් විතරක් නිගමනවලට එලඹෙන එක.
ලංකාවේ මිනිස්සුන්ට හොඳටත් නරකටත් දෙකටම ප්‍රමාණයට වඩා තරහ යනවා. ශරීරයට ඔරොත්තු නොදෙන තරමටම. ධර්මය ඇසුනට, ඇසුවට වැඩක් නැහැ එය පිළිපැදලා සන්සුන් මනසක් ඇති කර ගන්න.
ලලිත් ගේ කියමන නම් මසුරන් වටිනවා .