(හර්ෂණ තුෂාර සිල්වා)
අත් අඩංගුවට ගන්නා ලද පිළිවෙල අනුව සහ තවත් කොන්දේසි කිහිපයක් මත මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් පිළිවෙළ සහ නැවත මෙරට මුහුදු සීමාවට ඇතුළු නොවීමේ කොන්දේසිය සහ තවත් කොන්දේසි කිහිපයක් මත බෝට්ටු නිදහස් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී මත්ස්‍ය පන්න ක්‍රමයක් වන බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් මැරීමේ නිතර වූ ඉන්දීය ධීවර යාත්‍රා 140කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවේ තිබේ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන්දු ලංකා ධීවර අර්බුදය විසඳීමේදී ශ්‍රී ලංකා රජය ගන්නා ලද නම්‍යශීලි තීරණයක් මත 2015 දී අත් අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරීමට තීරණය කර ඇති අතර, ඒවා බාර ගන්නා ලෙස ඉන්දීය රජයට දන්වා ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඉන්දියාවට බයටද? නැතිනම් අපේ ලොකු අයිය කියලද? එහෙමත් නැතිනම් හැම එකකටම එන නිසාද? එතකොට අපේ ධීවරයන්ගේ බෝට්ටු එයාල තියාගෙන ඉන්නේ අහවල් එකකටද. හුවමාරුක්වත් නැතිද?
එට්කා අත්සන් නොකරන බවටත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට නොදෙන බවටත් මේකේ තව කොන්දේසියක් දැම්මොත් හොඳයි.
පතුලේ හිල් දෙක තුනක් දාලා දෙන්න අපේ ගානෙ කියලා. මහ ලොකුවට කයිවාරු ගැහැව්වා දෙන්නේ නැහැ කියලා. දැන් දෙනවා කොන්දේසි...
හැමදාම කලේ ඔය වැඩේ නේද?වෙනසකට තියෙන්නේ අපේ එක ධීවරයෙක් මුදා ගන්න ඉන්දියන් ධීවරයෝ හට හැත්තෑවක් නිදහස් කරපු එක විතරයි.