(මහින්ද නිශ්ශංක)
මාර්ග අංක 240 මීගමුව - කොළඹ පෞද්ගලික බස් රථ අද (15) සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පවසයි.
මගීන්ගේ ඉල්ලීමක් අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා මීගමුවේ සිට අලුත්ගම,කළුතර, පානදුර, තොරණ, කොට්ටාව, මහරගම ඇතුළු ගමනාන්ත කීපයක් සඳහා ප්රවාහන අධිකාරිය මගින් නව බස් රථ යෙදවීමට විරෝධය දක්වා බස් වර්ජනයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ මගීන්ගේ පහසුවට නම් මොකටද වර්ජන? ඒ පාරවල්වල දුවන්නෙත් ඔය බස්ම තමා. ලං.ග.ම.ය ශක්තිමත් කළා නම් මුදලාලිලාට අකුලා ගන්න වෙනවා. හැමදාම තැලෙන්නේ මගීන්ම තමයි.
මගීන්ගේ ඉල්ලීමට විරුද්ධ වන්නේ මගීන් සූරාකන වෙළඳුන්ය...
බලමු වේල් කීයක් වර්ජනය කරයිද කියලා...
බස් හිමියෝ වර්ජනය කරනකොට රියදුරන් සහ කොන්දොස්තරවරුන් බඩගිනි හමුදාව එක්ක යුද්ධ කරන තත්වයකට ඇද දැමීම සාධාරණද? බස් හිමියන්ගේ සාක්කුවලට ආදායම අඩුවෙයි කියා හිතලද මෙය පටන් ගත්තේ? ඒ අය හොයන්නේ මගින් ගැන නොවේ.... රජය අතිරේක ශ්රී ලං.ග.ම. බස් මේ මාර්ගවල දමා මහජන පහසුව සැලසිය යුතු වෙනවා. ඒ වගේම මෙමගින් රජයට අතිරේක අදායමක් ලබාගැනීමට හැකිවෙන අතරම, අසාධාරණ ඉල්ලීම් මුල්කරගෙන ආරම්භ කර තිබෙන මෙම වර්ජනය මුලිනුපුටා දැමීමටත් හැකි වනු ඇත !!!
ලංගමයට අලුතින් බස්රථ 5000ක් වත් ණයට හොයාගන්න වෙනවා. තීරණය වෙනස් කරන්ඩ එපා.
අලුත්ගමට එහා කෝච්චියක් පීලි පැනල. ඊට පස්සේ ගිය අනුරාධපුරේ යන ට්රෙන් එක කැන්සල් කරන්න තිබුනනේ.අපරාදේ මිනිස්සු කී දෙනෙක්ගේ සල්ලි ද ටිකට් ගනිපු . ඕව හරි පව් වැඩ .