(තිලිණි ද සිල්වා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.
පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.
වාහන බලපත් විකිණීම ගැන පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ විරෝධතාව පිළිගනිමින් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන පර්මිට් වික්ක මැති ඇමති 100 දෙනෙකුගේ ලැයිස්තුවක් අන්තර්ජාලයේ තිබෙනවා ශ්‍රීලංකා මිරර් පත්‍රය බලන්න
කියන්න ගොඩක් දේ හිතට ආවත් අධිකරණයට අපහාස කිරීමට අකමැති නිසා කිසිවක් නොකියමි.
කොමිසමට විරුද්දව නඩු දන්නා තිබුනේ.
රටේ නීති බොහොමයක් හදල තියෙන්නේ පාලකයන්ගේ වාසියට.
දැන් අතට අහුවෙන, ඇසට පේන, හැම දෙයක්ම සමග රටම විකුණන් කන එකේ වහාන පර්මිට් එක විකුණන් කාපු හම මොකද වෙන්නේ.
මේවා තේරුන් ගන්න එවුන්ට වැහි නැති ඒවා පාත්වෙයි
මන්ත්‍රී පර්මිට් විකුනපු අයට දැඩි දඩුවම් පමුනවන්න. කිසිම සමාවක් දෙන්න එපා. සමහරු අවරුදු 5 ක් විතර ගිහින් මාර්කට් එකේ මිලට වාහනය විකුණලා අධික ලාබයක් ගන්නවා. ඒ මොහොතේදී ඔවුන්ගේ යුතුකමක් තියෙනවා බදු රහිත බව නිසා ඔවුන් උපයාගත් අමතර මුදලෙන් රජයේ බද්ද හැකි පමණින් ගෙවීමට. මේ ගෙනත් හොයා බලන්න. එසේ නොකරන අයට දැඩි දඩුවම් පමුනවන්න.
අපි සල්ලි ටිකක් මහන්සියෙන් හම්බ කලොත් එකට PAYEE TAX ගෙවන්න ඕන. ආණ්ඩුවේ මන්ත්‍රීලා මිලියන ගණන් හොරට සල්ලි ගහනවා කිසිම ප්‍රශ්නයක් නැතිව. මේවට කවුද මොනවද කරන්නේ? දෙයියොම බලාගන්න ඕනේ.
ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රට පාලනයකරමින් මේ කරන දහාජරා දේසපාලු ක්‍රමය වෙනස් නොකරනතුරු මෙවැනි දේවල් රටවැසියා බලාපොරොත්තු වියයුතුයි.පේනවා නේද නිතීයත් ක්‍රියාත්මකවෙන හැටි.
දේසපාලකයන් හෙර පොළොවේ පයගසා සිටින සියලුම මනුස්සයන් අරගන්න පඩිපත හා වරප්‍රසාද වල ඉහල වටිනාකමක් ඇත .
මේ ආකාරයට දේවල් වෙනවා නම් හයිබ්‍රිඩ් අධිකරණ ක්‍රමයක් ඉල්ලන එක හරි....
හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට යාමක් හා සමානයි !!
මොවුන්ට ඉතින් ඕනෑම දෙයක් කරලා බේරෙන්න පුළුවන්නේ....