(තිලකරත්න දිසානායක)
ඩෙංගු රෝග තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් පවා දෛනිකව ප්‍රතිකාර සඳහා ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල්වලට ඇතුළත් කෙරෙන බැවින් මව්පියන් තම දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම රෝහල් දෙකෙහි ඩෙංගු රෝග ප්‍රතිකාර අංශ භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.
වැඩිහිටි ඩෙංගූ රෝගීන්ද ගම්පහ සහ මීගමුව රෝහල්හි ඉතා අධික බව පවසන ලක්කුමාර් මහතා දිවයින පුරා ඩෙංගූ රෝගීන් 70000 ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබන තත්ත්වයක් පවතින බවද පවසයි.
ඩෙංගු කාරක මදුරුවන් උදෑසන 6 පමණ සිට පෙරවරු 9 පමණ වන තෙක් සහ සවස 4 පමණ සිට රාත්‍රි 7 පමණ වන තෙක්ද ගැවසෙමින් දෂ්ඨ කිරීම සිදුවන බැවින් විශේෂයෙන් මෙම කාලයේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමට මව්පියන්ද හා පාසල්වලදී ගුරු භවතුන් ක්‍රියාමාර්ග ගැනීමක් කළ යුතු බවද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ දරුවට ඩෙංගු හැදිලා කිසිම කරදරයක් නැතිව සනීප වුනේ ගස්ලබු කොළ යුෂ නිසා.. රුධිර පට්ටිකා ගණන 116000 න් පහලට ගියේ නැහැ.. තව මම දන්නා බොහෝ දෙනෙක් සනීප වුනා ඒකෙන්.. මම දන්නේ නැහැ ලංකාවේ මෙය ලබාදෙන්න දොස්තරලා මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි කියලා .. හැබැයි අන්තිම වුණහම නම් සමහර දොස්තරලා කියනවා මෙය ලබාදෙන්න කියලා.. වෙනත් ආසියාතික රටවල මෙය බොහෝ ප්‍රචලිත ප්‍රතිකාරයක්.. මගේ අදහස ගස්ලබු කොළ තියෙන කම් කිසිම රෝගියෙකුට මැරෙන්න වෙන්නේ නැහැ..
ඉතා කණගාටුයි. මේ තත්වයට මූලික හේතුව ජාතික ඩෙංගු මර්ධන කාර්යක්ෂම ප්‍රතිපත්තියක් නොමැති වීම සහ එවැන්නක් තිබේ නම් එය නිසියාකාරව අධීක්ෂණය නොවීමයි. අපේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩකිරීමට ඇති අලසකම සහ ජනතාව දැනුවත් කිරීමේ නිසි කාර්යක්ෂම වැඩපිළිවෙලක් නොමැතිකම මෙයට මූලික හේතුවී ඇත. අනෙක් ඉතාම දරුණු තත්වය වනුයේ අපේ රටේ නිසි කසල කළමනාකරණ ප්‍රතිපත්තියක් නැතිකමයි. අපි විදේශවල තියෙන හොඳ කසල කළමනාකරණ පද්ධති දැක තිබෙනවා. මෙවැනි ජාතික ප්‍රශ්න සඳහා නියත වශයෙන්ම නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. නැතිනම් අපි ජාතියක් ලෙස පස්සට යනු ඇත. සෞඛ්‍ය අංශ සහ පාසල් මට්ටමින් දැනුවත් කිරීම් නිසි ලෙස කල යුතුයි. මේවා එකදිගට කාර්යක්ෂමව ඉදිරියට කල යුතයි. අපේ රටේ ජාතික ප්‍රශ්න සඳහා අනුපිළිවෙලින් හොඳ ව්‍යපෘති ක්‍රියාත්මක කල යුතුයි. එ්ත් අපේ රටේ වෙන්නේ කිසිම සැලසුමක් නැති ෙත්රුමක් නැති ව්‍යාපෘති දේශපාලකයන්ට මුදල් සූරාකෑමේ අරමුණින් පමණක් ක්‍රියාත්මක වීමයි. මෙය තමයි අපේ රටේ තියෙන ජාතික අපදාව....
මේ ෆොටෝ වල තියෙන්නේ.... ඩෙංගු විශේෂ ඒකකය ... මෙතන ඉන්නේ 5% ක් විතර... අනික් අය ඉන්න හැටි දැක්කොත් ඇඬෙනවා. අඩි 3 ක් විතර පළල් ඇඳන්වල දෙන්න දෙන්න දාලා ... දැන් ඇඳවල් යටත් එක්ක... පරණ බිල්ඩින් එක කඩලා, තහඩු බිල්ඩින් එකක්,රෝද පුටු කැඩිලා, මිනිස්සු ඇඳන් වල තියලා තල්ලු කරන්නේ.... රස්නෙයිලු ඉන්න බැරි තරම් වැසිකිළි.. මේවාට වග කියන්න ඕන අයට කවද හරි ගෙවන්න වෙයි පරම්පරා පිටින්.... කර්මය එනවා නොවරදවාම...
මීගමුවත් ඉවරයි. ඩෙංගු වසන්ගතය මීගමුව වෙලා ගෙන අවසන්... නාගරීක මන්ත්‍රීවරු විසිහය දෙනාම නිදි. පරීක්ෂාකළා ආගිය අතක් නෑ කාණු උතුරලා, පාරක් සුද්ද කරන්නේ නෑ... මදුරුවන්ට තෙල්/දුම් ටිකක් ගහන් නෑ. මේ වගේ අය තවත් මොනවටද නගර සභාවට ? ගන්න පඩියටවත් සේවයක් කරන් නෑනේ...