පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට පිළියන්දල නගරයේදි වෙඩි තැබිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද(16) අවසර දුන්නාය.
පොළොන්නරුව මැදිරිගිරියේ දි මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සුජීව රුවන් කුමාර සිල්වා නමැති සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මීට පෙර අත්අඩංගුවට ගත් 7 දෙනකු ලබන 30 තෙක් රිමාන්ඩ් කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා නියෝග කළේය.
ඒ අද කැස්බෑව අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය මිලට ගත් බව කියන සැකකරු අදාළ යතුරුපැදි අලෙවිසල් හිමියා විසින් හඳුනාගනු ලැබීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd