(රංජිත් රාජපක්ෂ)
නානුඔය නගරයේ දී පාසල් දැරියක් ටිපර් රියකට යටවී මියයෑමෙන් පසු ඇතිවූ කලහකාරී තත්ත්වයෙන් පසු නානුඔය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් රැසක් තාවකාලිකව නුවරඑළිය මූලස්ථාන පොලිසියට අනුයුක්ත කර ඇත.
මධ්‍යම පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ උපදෙස් මත එසේ මාරු කරනු ලැබ ඇත්තේ නානුඔය පොලිසියේ ස්ථානාධිපතිව සිටි එස්.ප්‍රියන්ත අමරසේකර මහතාය.
එම අනතුරින් පසු කලහකාරී ලෙස හැසුරුණු නානුඔය වතු කම්කරුවන් පිරිසක් අනතුර සිදුකළ රියදුරා ඉල්ලා සිටි අතර පොලිසිය රියදුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන් මාරුකරන ලෙස ලිඛිත පොරොන්දුවක් ඉල්ලා ඇති අතර එය ඉටු කරන්නේ නම් දැරියගේ සිරුර ගෙනයාමට හා රථවාහන ගමනාගමනයට මාර්ගය විවෘත කරන බව කියා ඇත. ඒ අනුව ඉහළ පොලිස් නිලධරයකු ලිඛිත පොරොන්දුව ලබාදී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ රියදුරු ලබන 28 තෙක් රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඉන්දිත රුවන් ද සිල්වා මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනය මහත්තයෝ... යහ පාලනය ....මේ වගේ ගොන් වැඩ නොකර , අර ලොරියට ගිනි තිබ්බ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ... රිය අනතුරු කියන ඒවා වෙනවා .. ඒවා ගැන හොයල බලන්නේ නැතිව කවුද වැරදි කාරයෝ කියල කියන්න බැ. එකට තමයි පොලිසියේ මහත්වරු ඉන්නේ ...කිසිම කෙනෙක් හිතාමතා මිනිස්සු යට කරන්නේ නැ. මේක ඉතාම වැරදි පුර්වාදර්ශයක්. මෙහෙම ගියොත් ලංකාවේ රිය පදවන්න බැරි වෙනවා. විශේෂයෙන් සුළුජාතික පිරිස් වැඩි වශයෙන් ජීවත් වෙන ප්‍රදේශවල.
විපුල, වාහනය පොලිසියේ ස්ථානාධිපතිගේ. වැඩේ හංගන්න වාහනය වෙන තැනකට ගෙනත් කතාව වෙනස් කරන්න හැදුවා. එ්කයි මිනිස්සු සිධාරණය ඉල්ලුවේ. නොදැන කතා නොකර හිටියා නම් හොඳයි...
පිස්සු වැඩක්නේ.... මිනිසුන්ට ඕන විදියටද දැන් පොලිසියේ වැඩ කරන්න ඕන. සුළු ජාතිකයෝ ඉන්න හැම පළාතකම ලංකාවේ ඕකනේ වෙන්නේ. පුත්තලමේ, මඩකලපුවේ හෙල්මට් දාන්නේ නැති කී දෙනෙක් බයිසිකල් වල යනවද? හැප්පිලා මැරිලා ගියාටනම් ගාණක් නැහැ. හැප්පෙන වාහන වලටනේ ප්‍රශ්නේ. දැන් කහ ඉර උඩ වුණත් උඩ බලාගෙන පාර පනින්න බැහැනේ. වම බලල දකුණ බලල නැවතත් වම බලල, පාරේ වාහන නැතිනම් නේ මාරු වෙන්නේ. අනික ලොරි බස් වගේ විශාල වාහනවලට ලඟ ඉන්න අයව පෙන්නේ නැහැ උස වැඩි නිසා. එ්නිසා කල්පනාකාරී වෙන්න. දැන් කෝච්චියට හැප්පුණාම කෝච්චි ගිනි තියනවද? උසස් පොලිස් නිලධාරීන් මේ ගැන කටයුතු කළොත් හොඳයි...
ඔහොම පොරොන්දු දෙනවද මහජනයාට ඕනේ විදිහට, නීතිය රකින්න ඒ විදිහට ඔහොම බලපෑමක් නැතුව.... වාහනය ගිනි තිබ්බහම රක්ෂණ වන්දි හම්බ වෙන්නෙත් නැහැ... පාඩුව ළමය නැති වුණ පවුලටයි...
මමත් හිතනවා මේක ඉතාම වැරදි පුර්වාදර්ශයක් කියලා...
මම ඒ අදහසට එකඟ නැහැ. මිනිස්සු නීතිය අතට ගන්නේ නීතිය ගැන විශ්වාසය නැති වුණහම. අර පොඩි ළමයාගේ ජීවිතේ දෙන්න පුළුවන් කාටද? ඒ ළමයාගේ දෙමව්පියන්ට දැනෙන වේදනාව දැනෙන්න... අපිටත් ඔය වගේ දෙයක් වෙලා බලන්න ඕනේ.... ජාතිවාදයක් අදාල නැහැ. මනුෂත්වයෙන් මම කතා කරන්නේ. ටිපර්, ත්‍රී වීලර් වල, පුද්ගලික බස් වල කොහෙද විනයක් තියෙන්නේ. (හැමෝම නොවේ). මේවට උපරිම දඬුවම් දෙන්න ඕනේ...
මේ අවිනීත රියදුරන් නිවැරදි කරන අයටත්, තමුන්ගේම කෙනෙකුට මෙවන් තත්වයක් උද්ගත වූ දාට සත්‍යය වැටහේවි... කිසිවෙකු උවමනාවෙන් මිනිසෙකු යට කරලා මරන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැත්නම්... එහෙත් පාරේ යන මිනිසුන්ගේ ජිවිත වල වගකීම සහ වාහනවල වගකීම.... තමන් පදවන රථයේ නලාවේ කන් බිහිරි කරවන හඬට.... තිරිංගවලට සහ සුක්කානමට බාරදී රිය පදවන මෙවැනි දේ නිසා බිහිසුණු රිය අනතුරු සිදු වෙනවා. මම ලංකාවේදී වෘත්තීය රියදුරෙකු නොවුවද, මද පෙරදිගදී බස් රථ රියදුරෙකු වශයෙන් සේවය කල කෙනෙක්.. ඒ වගේම ලංකාවේදී මා වැඩ කල අංශයට අයත්, රියදුරන් පැදවීම ප්‍රතික්ෂේප කල වාහන පැදවූ අයෙක්. සිහි බුද්ධියෙන් වාහන පදවනවා නම් 99.9 % ම මෙවැනි අනතුරු සිදුවෙන්නේ නැහැ..මෙවැනි අනතුරකදී අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් රක්ෂණයෙන් නොව. රථය හිමිකරුගෙන් හෝ රියදුරාගෙන් ලබා දීමට නීති සකස් වූ දිනක් මෙවැනි අනතුරු සිදුවීම අඩු වේවි.!!!