ශාන්ත රත්නායක
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ සිය නිවසේදී මාධ්‍යවේදීයකුට බැන වැදීමේ සිද්ධිය සබන්ධයෙන් තමා කණගාටු වන බව අමාත්‍යවරයා අද (16) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කීවේ.
පසුගිය 8 වැනි දා මුතුරාජවෙල ප්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ කදානේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් ආවරණය කිරීමට කිරීමට ගිය මාධ්‍යවේදියකුට අමාත්‍යවරයා විසින් බැන තර්ජනය කිරීමට අදාලව ඇමතිවරයා මෙසේ කණගාටුව පළකළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුව පළකරපුවාම නිදොස් කොට නිදහස්ද?.
නියම සහයෝගයක් දෙන්නේ යහපාලනයට. පල්ලියට ගිහින් ඔරසං කියල ගෙදරට වෙලා හිටියා නම් නරකද?
මෙතුමා වැඩිහිටියෙක් හින්දා අනුකම්පා කරමු.
කුලප්පුවෙලා ඇන්නට සමාව අයදිමි. මතු දවසක මෙලෙසින්ම කුලප්පුවෙලා අනින්න බලාපොරොත්තු වෙමි.
මෙයා නම් වෙනස පුදුම සැපක් බවට හරවන්නේ. මේවා ඇහෙනකොට වෙනසේ සැප ඉවසන්න බැරුව යනවා.
මේවගේ මිනිසුන් පාර්ලිමේන්තුවට යවපු ගම්පහ දිස්ත්‍රික් උගත් බුද්ධිමත් ජනතාවට අපගේ හදපිරි ප්‍රණාමය...
ජෝන් මැතිතුමාට මොකක් හරි හිතේ අමාරුවක් හින්දා වෙන්න ඇති...
ලැජ්ජා නහරෙ කපල. නැතිනම් මෙහෙම හැසිරෙන්නේ නෑ. මුළු මහත් සමාජයටම ලැජ්ජාවක් ඇමැති තුමා
අයියෝ ඇමතිතුමා පහුවෙලා කණගාටුව ප්‍රකාශ කරන්න හිතාගෙන සිටියා නම් බැනලා විතරක් නැවතුනේ මොකද? අනික ඔය බැනීම කියන එක කතාකිරීමේ නිදහසට යටත් වෙන්නේ නැතිද?
ප්‍රභූවරුන් සමාව යදින්නේ හද පතුලෙන්මවත්, තම කල වැරැද්ද තේරුම්ගෙන වත් නොවේ. දේශපාලන වාසි තකා හෝ ඉහළින් කල බලපෑම් නිසාය.
මෙතුමා අසනීපයකට බෙහෙත් බිලා හිටියාද දන්නේ නැහැ.
මෙවැනි දේ කා අතිනුත් සිදු විය හැකියි. මෙවැනි අවස්ථාවල මාධ්‍යවේදීන්ගේ සදාචාරත්මකබවත් එකසේ සලකා බැලිය යුතුයි.
මෙයාටත් වුනේ හරියට "ගලේ පහරපු බළලාට වුනු වැඩේ"වගේ.
ගනන්ගන්න එපා ඇමතිතුමා කාට කාටත් වයසට ගියාම කරන කියන දේවල් මොනවද කියල අමතකවෙලා සුළු අතපසුවීම් වෙනවා. . ඔන්න ඔය නැගී එන පරපුරට ඕක බාරදීලා ටිකක් විවේකයෙන් ඉන්න බලන්න.
මෙතුමගේ ක්‍රියාව මමත් හෙලා දකිනව මොකද කනගාටුවවත් හරියට ප්‍රකාශ කළේ නෑනේ මොකද වචන හසුරුවන්න හරියට දන්නෙ නෑ වගේ එ්ත් මෙතුමා මෙතුමාට භාර දෙන ඕනැම අමාත්‍යංශයකට එතුමා උපරිමයෙන්ම ඇපකැප වෙලා සාධාරණයක් ඉටුකරනවා කියන එකනම් ඇත්ත හැබැයි වෙන අයට සාපේක්ෂව අනික අපේ මාධ්‍ය සධාචාරයත් මීට වඩා දියුනු වුනානම් මෙහෙම වෙන්නේ නෑනේ. මේව අපටමනෙ හොද නැත්තෙ
වයසට අනුව බලන කොට හරි නම් මෙයාව තෙල් බෙහෙත් ගාල තැවිලි පොට්ටනියකින් තවන්න ඕන
ජෝන් ජෝන් පිටිකොටපන් ...... ...පුංචි කලේ ඇසූ සින්දුවක් මතකයට නැගේ ...,
මෙයා දන්නේ ඉතින් මම දන්නේ නෑ, මම කොහොමද දන්නේ, එක එයාගෙන් අහගන්න, ඒක මට අදාල නැහැනේ වගේ මොන්ටිසෝරි කතා කියෝ කියෝ ඉන්නනෙ. ඔය වගේ ගොන් කතා කියන්නද මිනිස්සු ඇමති කම් අරන් දෙන්නේ? වයසයි නම්, කරන්න බැරිනම් ගෙවල් වලට වෙලා පාඩුවේ ඉන්න ඕනේ බල තණ්හාවට එල්ලෙන්නේ නැතිව.
මේ වගේ ගොන් මූසලයෙක් ඇමති කෙනෙක් වීම ගැන අපි කණගාටු වෙනවා
මෙයටත් වුනේ "ගලේ පහරපු බළලාට වුනු වැඩේ" වගේ එකක් තමුන්ගේ ජාමේ බේරා ගන්න ඕනෙම ජරා වැඩක් කරන්න මෙවන් අය හරි දක්ෂයි..මේ වෙලාවේ මට එක දෙයක් මතකයට එනවා. එනම් එක අවස්ථාවක පාර්ලිමේන්තුවේ වුනු හබයකදී මෙයාගේ උඩ ඇදුම රෙජී රණතුංග මහත්තය ගලවපු එක.සමහර විට අර්ජුන මේ බව දන්නේ නැතිව වෙන්න ඇති. දන්නවනම් බල්ලොත් එක්ක බුදියපුවහම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියන එක දන්නේ නැතිව ඇති.
මේවගේ අය පාර්ලිමේන්තු යවපු ගම්පහ ඡන්ද දායකයන්ගේ මොලේ තරම හිතා ගන්න පුළුවන් වීම ලොකු දෙයක්