හිරාන් ප්‍රියංකර ජයසිංහ
කුවේට් රටේ ගෘහ සේවයට ගිය හලාවත කංජුක්කුලිය වටවන ප්‍රදේශයේ කාන්තාවක මරා දමා ඇති බව කියමින් ඥාතීහු පිරිසක් අද (15 ) හලාවත පොලිසියට පැමිණිලි කළහ.
සිරංජි සිරියාවතී ප්‍රනාන්දු නම් එම දෙදරු මව (29) කුවේටයේ ඇය සේවය කළ නිවසේ උදවිය විසින් මරා දමා ඇතැයි ඥාතීන් කළ පැමිණිල්ලේ සඳහන්වේ.
මෙම කාන්තාව 2014 වසරේ දෙසැම්බර් 28 දින කුවේට් රටේ වසර දෙකක කාලයකට ගිවිසුම් අත්සන් කර ගෘහ සේවයට ගිය බව ද, මාස තුනක් යන තුරුත් ඇගේ කිසිදු තොරතුරක් නොතිබූ බව ද, ඉන් පසු විටින් විට කථා කර සේවය කරන නිවසේ හිරිහැර සිදුවන බව කී බව ද පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් කර තිබේ. එනිසා ලංකාවට තමා ගෙන්වා ගන්නා ලෙස බල කර සිටිත්, නිවෙස් හිමියන් තමන් මරා දමන බවට තර්ජනය වහාම තමා බේරා ගන්නා ලෙස දින පහකට පමන පෙර ඇය ශ්‍රී ලංකාවේ සිටින දන්වා තිබේන බව ඥාතීහු කියති.
සිද්දිය පිළිබදව අදහස් දැක්වු මරණයට පත්ව ඇති කාන්තාවගේ මව කේ. සුමනාවතී මෙසේ කීවාය.
“ මගේ දුවගේ මහත්තයා මරණයට පත්වුනාට පස්සේ දරුවෝ බලා ගන්න විදිහක් නැති නිසා තමයි කුවේට් රුකියාවට ගියේ . එයාට දුවකුයි පුතේකුයි ඉන්නවා පුතාගේ වකුගඩු දෙකම නරක් වේලා බේහෙත් ගන්නවා .අවුරුදු දෙකකට ගියාට එයාට නිතරම කරදර තිබුනා. විදේශ සේවා එකටත් පැමිණිලි කළා. නමුත් කිසිම දෙයක් සොයා බැලිමක් කළේ නැහැ. දුව මෑතක කථා කරලා කිව්වා එයාට කරදර වැඩියි කියලා. මරන බවටත් තර්ජනය කලා කියලා කිව්වා. ඒ බවත් විදේශ සේවා එකට පැමිණිලි කළා. වැඩක් වුණේ නැහැ. නමුත් 15 උදේ කුවේට් තානාපති කාර්යාලයෙන් විදේශ සේවා එකට දන්වා තිබුනා දුව ගෙල වැලදාගෙන මැරුනා කියලා. මේ දරුවාට එහෙම මැරෙන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ. එය අපි පිළිගන්නෙත් නැහැ. මේ දරුවන් දෙන්නාට දැන් අම්මයි තාත්තායි දෙන්නාම නැහැ .අඩු ගානේ විදේශ සේවා එකට කියපු වේලේ නිළධාරින් මේ ගැන සොයා බැලුවා නම් මේ දරුවාගේ ජීවිතය නැති වෙන්නේ නැහැ.‘‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයන්ට අවැසි වී ඇති සේවා සපයා යැපීමේ ක්රමවේදයේ විපාක. මිනිස්සුන්ට ජීවත් වීමේ මාර්ග සැකසීම වෙනුවට කරන ගොන් අමන ක්රියා වල කෙදනිය ප්රතිපලයක සමරම්බයක් මිස මෙය අවසානයක් නොවන බව නිවටයන්ට නොතේරේ. සියලු සමාජ ගැටළු අපරදවල සමරම්බයක් බව මෙය දැකිය හැකිය. කුල කතුන් රකින බවට බන කියා කියා බන තලන බුදුබණ අවස්තවාදයක් කරගෙන යැපෙන අටනති දෙවෙන් විලි වහගන්න ලජ්ජා නැති පාලකයනි සදව් යහපත් ක්රමවේදයක් නිවෙස්වල සිට ජීවත් වීමේ මාර්ග ඇති කර ගැනීමට. නිවෙස්වල සිට ඇදුම් මැසීමේ ක්රමවේදයක් ෆ්ජ්ක;අ ස්වයන් රැකියා ල්රියත්මල කිරීමේ ක්රමවේදයක්............... වලකයි බොහෝ සමාජ කෙදවචකයන් හා වංචා දූසන ......... සබැ ගැටළු හේතුපල දහම අනුව සොයාබලා විසදනවා මිස පෙර කරන ලද උන්ගේ අඩුපාඩු කුණු අවුස්ස තමන්ගේ විලිවහගන්නවා මිස කළයුත්ත පසෙකලා පාලකයන් කරන මෙම ජීවනෝපාය මුළුමහත් ලංකාවේ සමාජ පද්දතියම තිරිසන් සතාගේ සිට මනුස්සය දක්වා ජීවත් වීමේ නිදහස ක්රමයෙන් උදුරගනී ........දැන්වත් විය යුත්ත හා කළයුත්ත කිරීම කෙතරම් සැනසීමක් ද කියා තමන්ගේ හර්ද සැකසිය පවසාවි
කට ඇරියොත් කියන්නේම ඉතින් බොරු තමයි....
නිදහසෙන් පසු අවුරුදු 67 ක් රට පාලනය කල ප්රධාන පක්ෂ දෙකම අසමත් මෙවැනි ප්රශ්නවලට විසඳුම් දීමට... කරගන්න කිසිදෙයක් නැති නිසා කාන්තාවෝ මෙවෙනි රටවලට ගිහින් අපහසුතාවට පත්වෙනවා. මේ වගේ අසරණ වූ පවුල් කිහිපයක් රටතුල තියනවා. නමුත් මැති ඇමතිවරුන්ගේ සැප ජීවිතවලට නං කිසි අඩුවක් නැහැ...
ඒ අයට වගේ වගක් නැහැ... රට අරාජික තත්වයකට පත්වෙලා....