ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම බැක්ටිීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා තිබේ.
මෙම බැක්ටිීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බවත් ඒ පිළිබඳ පර්යේෂණ කළ ඕස්ට්‍රෙිලියාවෙි මොනැෂ් විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙි මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටිීරියාව ව්‍යාප්ත කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.
මෙි පිළිබද සාකචිඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුලින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම කළ හැකිබවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඇතඇරියා තව කෙප්පයක්, අර කියුබාවෙන් නොමිලේ දෙන්න හදපු බැක්ටීරියාව එපා කියල දැන් කියනවා ඔස්ට්‍රලියාවෙන් ගෙන්නනවලු, ඇත්තටම මේ ඇමතිවරු හිතන් ඉන්නේ ජනතාව එච්චරටම මෝඩය කියලද?
කලින් ආණ්ඩුව කිවුබවෙන් බැක්ටීරියාවක් ගෙන්න හැදුව. මෙයාල ඕස්ට්‍රෙිලියාවෙන් ගෙන්න හදනවා. ඕව එනකොට වෙන්න ඕනේ හරිය වෙලා තියේවි. ඇයි කව්රුවත් උනන්දු වෙන්නේ නැත්තේ ලංකාවේ හදපු බැක්ටීරියාව පාවිචි කරන්න.
ලංකාවේ මදුරු කොඉල් නිෂ්පාදකයෝ ඉන්න තාක් කල් ලංකාවෙන් ඩෙංගු මදුරු උවදුර තුරන් කල නොහැකිය
බලගිරිදොසය වගේ ...පෙට්- ස්කෙනේර් එකට වුන වගේද
ඩෙංගු උවදුර සමනය තත්වෙට තිබියදී අරුදු ගානකට උඩදී බැක්ටීරියාවක් ගෙනල්ල රටෙන් ඩෙංගු තුරන් කරනවා කිව්වා, දෙන් ඒවගේ සියගුනයකින් වැඩි වෙලා මේ බෙක්ටීරියාවත් ඒ බෙක්ටීරියව වගේද. ..?
පහුවෙලා ඒ බැක්ටිීරියාව මර්ධනය කරන්ඩ අයෙත් බෙහෙත් හොයන්ඩ වෙයිද?
විදේශ කටයුතු අමාත්‍යවරු අවශ්‍ය නැහැ, අවේ කොහොමද? ඩෙංගු නෙවෙයි, ඕක ඩින්ගු, ඩේන්ගි, කියල තමයි දැනට අවරුදු 100 කට කලින් කිව්වේ, ලෝකයේ උතුරු කොනෙන් අවේ, එය ඉරානය , පකිස්ථානය, උතුරු ඉන්දියාවේ අවරුදු ගානක් තිබුන මදුරු උවදුරක්, මා 1999 අව්රුද්දෙ ලංකාවට නිවාඩු අවම දැක්ක හොදම දේ තමයි යාපනය දුම්රියේ හුලන් අතට විරුද්දව එල්ලිලා හිටපු මදුරුවෝ දහස් ගණනක් ඔක්කොම කොළඹට එන විදිය දැකල අපි පුදුම උණා. අයි මේවා එම ආයතන මගින් පේස්ට් කොට්‍රෝල් (දුම වැනි) බාවිතා නොකරන්නේ, පිටරටවල ප්‍රදේශයෙන් ප්‍රදේශයට,බෝඩර් වලදී එවැනි දේ සිදුවෙන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් හා ඒවාට යන වියදම් අඩු කර ගැනීමට හා පිරිසිදු කමම සදහාමයි.
මදුරු කොයිල් නිෂ්පාදකයනුත්, මේකට ඉහින රසායනික ගෙන්වන අයත්, ප්‍රතිකාර සඳහා වන බෙහෙත් ගෙන්වන අයත්, ඒවාට උදව් කරන දේශපාලකයන් සහ දොස්තරවරුනුත් ඉන්නකල් මොන බැක්ටීරියාවක් ගෙනාවත් වැඩක් නැහැ.
"මෙම බැක්ටිීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක් ඇත". වඳ කරන්න හොඳ නෑ පව්නේ... !!!
කාලෙන් කාලෙට අපිව මොහොතකට සනසන්න මෙහෙම කතා මවනවා. පහුගිය කාලේ කියුබාවෙනුත් ඔහොම එකක් ගෙනාවා. මෙන්න දැන් ඒවා ගහනවා, දැන් දෙනවා කියා කියා අපිව රැවටුවා. මේකත් ඉතින් එහෙම එකක්ම තමා!