එන් පරමේෂ්වරන්

‘මම මාගේ රාජකාරිය නියමාකාරව ඉටු කරනවා. මගේ සේවය දිගටම ජනතාවට ලබා දෙනවා. ‘ යැයි විශ්වාස භාගං යෝජනාවක් ඉදිරිපත් වී ඇති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

විග්නේෂ්වරන් මහතා මේ බව පැවසුවේ ඔහුට සහයෝගය පළ කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැදි විරෝධතාවයක් අමතමිනි.

මහ ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට විරෝධය පාමින් අද (15) දිනය පුරා යාපනයේදී හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විණි.   ප්‍රදේශයේ සියලු පාසල්, සාප්පු සංකීර්ණ වසා දමා තිබුණු අතර පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාද නවතා දමා තිබිණි. 

මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් විශාල පිරිසක් අදත් මහ ඇමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ. විරෝධතාවය අවසානයේ එතැනට ආ මහ ඇමැතිවරයා උද්ඝෝෂකයන් ඇමැතීය.