වෙන්නප්පුවට සාමාජිකයාට ලැබුණු මල්ල මීරිගමටත් ඕනෑවෙලා වෙන්නප්පුව ප්‍රදේශයේ දී තම පවුලේ සාමාජිකයකු නිරෝධායනයට ලක්කර ඇති බැවින් පවුලේ සෙසු පිරිස සඳහා නිරෝධායන ආධාර මල්ලලක් ඉල්ලූ පවුලක් පිළිබඳව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් පසුගිය දා වාර්තා විය. 08 May 2021
ගොවියා රවට්ටන්න ගිය කඩකාරයා ලණුවක් ගිලලා බාල වියේ පටන්ම ගොවිතැනෙන් දිවි ගෙවන ගොවියෙකි. දරු මල්ලන් ලොකු මහත් කළේ ගොවිතැනෙන් ලැබෙන ආදායමෙනි. ඔහුගේ එළවළු පලතුරු මිලදී ගන්නට අසල්වැසියන් දැක්වූයේ මහත් කැමැත්තකි. ඒ ඒවා නැවුම් මෙන්ම මිලෙන්ද සාධාරණ වීම නිසාය. 08 May 2021
තොවිලෙ නැටුවට යකා පිළිකන්නේ දැනට දශක කිහිපයකට පමණ පෙර ගමේ ගොඩේ කොයියම් නිවසකින් හෝ බෙරහඬක් නෑසුන රාත්‍රියක් නැති තරම්ය. සන්නියකුමක්, බලි තොවිලයක්, ග්‍රහ පූජාවක්, ශාන්ති කර්මයක් හෝ අඩු වශයෙන් කහ නූලක් බැඳීමක් නැතහොත් දෙහි කැපීමක්වත් ගමේ කොතනක හෝ සිදුවිය. 08 May 2021
බඩේ ලෙඩේ දුරින් බලා වැඩේ වැරදිලා පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඇතැම් වෛද්‍යවරුන් රෝගියා ඈතින් තබාගෙන රෝග ලක්ෂණ විමසා බලා බෙහෙත් නියම කිරීමෙන් අමාරුවේ වැටෙන්න ගිය රෝගියකුගේ ජීවිතය අනූනවයෙන් බේරීමේ පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 08 May 2021
මැරුණු සැමියා කෝල් එකක් දීලා මියගිය සැමියා තමන්ට දුරකතන ඇමතුමක් දුන්නැයි කියා බිරිය පොලිසියේ පැමිණිල්ලක් කිරීමේ සිද්ධියක් පසුගියදා දිවයිනේ දෙවැනි පෙළේ නගරයකින් වාර්තා විය. 07 May 2021
ටිකට් කවුන්ටරේ නිලධාරියා කොමළ හිනාවකට අහුවෙලා දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුන්ටරයට පැමිණි මඟියෙකි. හෙතෙම අනුරාධපුරයට යෑමට රුපියල් දෙසීයක් ගෙවා තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තේය. 05 May 2021
ගොවියාට ගේමක් දෙන්න ගිහින් මුදලාලි අැනගෙන වැඩි ලාබයක් ගැනීමේ අදහසින් කොච්චි කිලෝවකට රුපියල් එකසිය පනහක් දෙන්නම් යැයි කී වෙළෙන්දකුට අන්තිමේ නොමිලේ ලැබුණු කොච්චි මිටකින් සෑහීමට පත්වන්නට සිදුවූ පුවතක් පසුගියදා මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 04 May 2021
ලොකුවට උපහාර උෙළලක් තියා නූඩ්ල්ස් පැකට්ටුවක් තෑගි දීලා පළාත් පාලන ආයතනයක කැළි කසළ අංශයේ සේවකයකුගේ විශ්‍රාම යාම නිමිත්තෙන් උපහාර තිළිණයක් ලෙස ඉතා අලංකාරවත් ලෙස සැරසූ විශාල පෙට්ටියක දමා රුපියල් හැටක් වටිනා ක්ෂණික නූඩ්ල්ස් පැකට් දී නාගත් ප්‍රාදේශීය මහජන නියෝජිතයකු පිළිබඳ අපූරු පුවතක් දකුණෙන් වාර්තා වේ. 03 May 2021
වැටෙන්න යද්දී ඇල්ලුවාට දෝස්මුරයක් දමා සමාවත් අරන් කොලොම්පුරය බලා ගමන් ගත් බස් රියකි. ජැන්ඩියට ඇඳ පැළඳගත් තරුණ වියේ පසුවන පුද්ගලයකු බසයට නැගුනේ කොළඹින් සැතපුම් විස්සක් පමන දුර නගරයකදීය. 01 May 2021
මෝහිණිය දැකලා පාරේ නිදියලා හසලකට නුදුරු ගම්මානයක පදිංචි 47 හැවිරිදි තිදරු පියකු වූ ඔහු කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක රැකියාව කළේය. මසකට වරක් හෝ දෙවරක් සිය නිවෙසට පැමිණීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. ගමට පැමිණෙන සෑම අවස්ථාවකම තම හිතවතුන්ට සැලකීමට කොළඹින් සැර පානයක් රැගෙන ඒමටද ඔහු අමතක නොකරයි. 30 April 2021
බිරියගේ කීමට හොර පොල් කඩලා සැමියාට එලොව පොල් පෙනිලා බිරියගේ උපදෙස් මත ගෙවත්තක පින් තකා වෙන් කර තිබූ පොල් ගසක පොල් ගෙඩි හොරෙන් කඩා විකිණීමට ගිය ඇයගේ සැමියාට මුහුණ පෑමට වූ අකරතැබ්බයක් යාපහු පුරවරයේ ගම්මානයකින් අසන්නට ලැබුණි. 29 April 2021
පඩිපත බ්රියට දීලා සැමියා අලි පරිප්පුවක් කාලා හිතවතාගේ පොත දොරට වැඩුමට ගොස් දෙපැයක් ඇතුළත ඔහුට ලියුම් කවර දෙකක් දීමට සිදුවූ අයකු පිළිබඳව දකුණේ වීරවරයන්ගේ පුරවරයකින් අසන්නට ලැබේ. 28 April 2021
බිරිය දරුවා එක්ක ඔට්ටුවෙද්දී සැමියා ප්‍රේම ජාලයක පැටලිලා (මාවතගම කාන්චනමාලා බණ්ඩාර) නිතර නිතර අන්තර්ජාලයෙන් හඳුනාගන්නා පෙම්වතියන් සොයා ගොස් ඔවුන් සමග ප්‍රේම සබඳතා පවත්වන තම සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියා පොලිසියට ආ කාන්තාවක පිළිබඳ මාවතගමින් අසන්නට ලැබේ. 27 April 2021
නාන ළඳ දෙස බැලූ යතුරුපැදිකරු ඇළේ වෘත්තියෙන් මොටර් කාර්මිකයෙකු වූ ඔහු නව අවුරුද්දේ ප්‍රථම රාජකාරිය ලෙස තෝරා ගත්තේ හිතවතකු මගින් හඳුනාගත් අයෙකුගේ යතුරු පැදියක් අලුත්වැඩියා කිරීමටය. 24 April 2021
මව මියගියාම දරුවෝ මාලෙ බෙදාගන්න පොලිසි ගිහින් තම වයෝවෘද්ධ මව මියගොස් දින දහයක් ගත වෙද්දී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය බෙදා ගැනීම සඳහා ඇයගේ දරුවන් නව දෙනා පොලිසි යාමේ පුවතක් කන්ද උඩරට පොලිස් ස්ථානයකින් වාර්තා වෙයි. 24 April 2021
දුරකතන ඇමතුමෙන් චූන් වූ තරුණයා ආච්චිගේ කකුලට තට්ටුදාලා බස් මගියකුගේ දුරකථන ඇමතුම් උද්දාමයකින් ලද තට්ටුවක් නිසා දැඩි කෝපයට පත් මිත්තනියක් පිළිබඳ මේ අපූරු පුවත අසන්නට ලැබුණේ දකුණු පළාතේ පෞද්ගලික බස් රථයකිනි. 24 April 2021
රෝහල් කංකානමට ගෙදරදී ‘දොස්තර පදවියක්’ ගමේදී දොස්තර මහතෙකු වීමට ගිය රෝහල් සුළු සේවකයකු හෙවත් කංකානම් කෙනෙකු මුහුණ දුන් සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ. 24 April 2021
පුතාගේ හපන්කම්වලින් මවුපියන්ට උන්හිටි තැන් නැතිවෙලා මවුපියන්ගේ අවවාද උපදෙස් තඹයකට ගණන් නොගෙන අකීකරුව සමාජ විරෝධී කටයුතුවල යෙදුණු පුතෙකු නිසා මවුපියන්ට සිය ගෙවල් දොරවල් පමණක් නොව මුළු ගමම අතහැර දමා යන්නට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 24 April 2021
බිරිඳ අයාලේ ගියාට බෙල්ල තියන්න යද්දී පොළඟෙක් හරස්වෙලා සිය බිරියගේ තහනම් ගහේ ගෙඩි කෑම අල්ලාගත් ස්වාමි පුරුෂයකු ඒ සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමෙන් දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට ගත් උත්සහයක් ඒ අවස්ථාවේ දී පැමිණි දාර පොළඟකු තම දිවි පුදමින් ව්‍යර්ථ කළ අපූරු පුවතක් හලාවත කිට්ටුව ගමකින් වාර්තා විය. 24 April 2021
නෝනාට ඇණයක් වුණ පූස් පැටවු රොත්ත සැමියාගේ සායමත් ඇරලා අලුයම පූස් පැටවුන් පන්සල්වත්තට ගෙන දැමූ කාඩ්බෝඩ් පෙට්ටිය සොයා උදයේම යළි පන්සල් වත්තට යාමට සිදුවූ කෙනකු පිළිබඳව පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ. 23 April 2021
මල් පොකුරකට ගෑනු ගහගෙන කාන්තාවන් දෙදෙනකු රැගෙනවිත් තිබූ මල් පොකුරු දෙකක් නිසා වෙන්නට ගිය මහ විනාශයක් ගැමියන් කිපදෙනකුගේ මැදිහත්වීමකින් වැළකී ගිය පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ගමකින් වාර්තා විය. 22 April 2021
අවුරුදු දා අනියම් පෙම නිර්වස්තර වෙලා කලක් තිස්සේ පැවති ප්‍රසිද්ධ රහසක් ‘විසිල් අහස් කූරූ’ නිසා එළිවීමේ සිද්ධියක් මහනුවරට නුදුරු ගම්මානයකින් අවුරුදු දිනයේ අසන්නට ලැබිණි. 21 April 2021
චරිත සහතිකය ගත් තරුණයා සාමවිනිසුරුගේ සෙරෙප්පු දෙකටත් විදලා රැකියාවකට චරිත සහතිකයක් ගත් සාම විනිසුරුවරයාගේ පාවහන් යුගලටත් විද්ද තරුණයකු පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන්නේ ගාලු දිසාවේ අලුත් වළක් ඇති නගරයකිනි. 20 April 2021
නැකතට කිරි උතුරුවන්න සැමියා සොහොනෙන් මුට්ටියක් ගෙනත් අවුරුදු නැකතට කිරි ඉතිරවීම සඳහා නැවුම් මුට්ටියක් රැගෙන එන ලෙසට බිරිය සැමියාට දුන් මුදල්වලින් රා බී හවස ගෙදර යන ගමන් සොහොනක තිබූ මැටි මුට්ටියක් රැගෙන ගොස් බිරියට ලබාදීමේ සිද්ධියක් කොත්මලේ ගම්මානයකින් වාර්තාවේ. 19 April 2021
රස්සාවට යන්න චරිත සහතිකය දුන් සර් ගෙන්ම ‘තමා කවුදැයි’ අහලා රැකියාවට යන්න චරිත සහතිකය දුන් දා සුදුසු රැකියාවක් ලැබී රටට දැයට යහපත් පුරවැසියෙකු වේවා! යැයි තමන්ගේ දෙපා නැමදි තරුණයාට පැවසූ අයෙකුට ඔහුට රාජ්‍ය අංශයක රැකියාව ලැබී වසර 12කින් පසු තමන්ට ආශිර්වාද කළ අය තමන් කවුදැයි කියා විමසා සිටි පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 17 April 2021
ගුරා බූරුවෙක් වෙලා ගෝලයා පරිප්පුවක් කාලා සිරිතට විරිතට අනුව ලොකු බාස්ට අලුත් අවුරුදු දා ගරු බුහුමන් දැක්වීමට ගොස් ලොකු බාස් සමගම එදින දවස පුරාම පොලිස් කූඩුවේ ලගින්නට වූ පෙදරේරු ගෝලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 16 April 2021
කෝටිපතියාගේ කොරෝනා භීතිකාවෙන් හිඟන්නකුට ලොතරැයියක් ඇදිලා අතපත ගා ඇති මුදල් නෝට්ටුවලින් කොරෝනා බෝවේවි යයි බියෙන් අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීමට රැස් කළ මුදල් නෝට්ටු අව්වේ වේළීමට ගොස් රුපියල් විසි තිස්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 13 April 2021
අවුරුද්දට ආච්චිට ඩෙනිමක් තෑගි ලැබිලා අගනුවර රැකියාවකට ගිය පොඩි දුව මෙවර අවුරුදු තෑගි ගෙන නිවසට ආවේ දිගු කලකට පසුවය. පවුලේ ආච්චි, සීයා, මාපියන් සහ සහෝදර සහෝදරියන් දෙදෙනකුට ද වෙන වෙනම තෑගි පාර්සල්කොට ගෙනාවත් ගෙදර නතර වී සිටි පුංචි අම්මාට තෑගි ගෙන ඒමට ඇයට අමතක වී තිබිණි. 12 April 2021
අනියම් පෙමට අකැමැති ළඳට ඇටවූ උගුලේ බිරිඳ වැටිලා තමන්ගේ අදහසට අකමැති වූ අහල පහළ කාන්තාවකට පාඩමක් උගන්වන්නට ගොස් එම දඬුවම තම බිරිඳට අත්විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් උඩදුම්බර පොලිස් වසමෙන් වාර්තා විය. 10 April 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026