IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බෑණන්ඩියගේ කොරෝනා පැණියෙන් මාමණ්ඩි අළුගසා නැගිටලා

බෑනාගේ කොරෝනා බෙහෙතෙන් නිදන්ගත රෝග පවා සුව වූ මාමණ්ඩියක පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


ඔහු මත් වතුරවලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයකි. කොරෝනා වසංගතය නිසා බාර් වසා ඇති බැවින් ඔහු සිටියේ දැඩි කනස්සලෙනි. ඔහු අරක්කු පානය කළද කිසි දිනෙක නිවසට ඒවා ගෙන නොයන්රිනේ බිරිඳට අසු වූ විට පොළොවේ ගසන බැවිනි. එම නිසා ඔහු නිවසට පැමිණෙන අතරමගදී මත්වතුර බීමෙන් පසුවය. මේ දිනවල ඔහුට පවතින මත් වතුර හිඟකම පිරවීම සඳහා ඔහුගේ මිතුරෙකු විසින් ඔහුට කසිප්පු පෙරා දී තිබේ. 


මිතුරා ඈත ගමක නිසාත් පවතින සංචරණ සීමා නිසා එහි යාමට නොහැකි නිසාත් ඔහු මේ සඳහා උපායක් යොදා තිබේ. දිනක් ගැලු‍මක් රැගෙන පැමිණි සැමියාගෙන් බිරිඳ මේ මොනවාද යැයි ඇසූ විට ඔහු පවසා ඇත්තේ මේ කොරෝනා පැණියක් බවත් රැකියාවට යන නිසා පානය කිරීමට මිතුරෙකු ලබා දුන් බවත්ය.


දිනක් ඔහු රැකියාවට ගිය අවස්ථාවක බිරිඳගේ පියාට දැඩි සෙම් ගතියක් හා කැස්සක් පැවතුන නිසා බිරිඳ විසින් සැමියා ගෙන ආ කොරෝනා පැණිය පියාට ලබාදී තිබේ. බිරිඳගේ පියාද මත් ලෝලියකු වන අතර දෙපා පණ නැතිව ඇඳෙහිම වැතිර සිටින නිසා ඔහුට කාලයකින් මත් වතුර බීමට නොහැකි වී තිබේ. බෑනාගේ කොරෝනා පැණිය බෙහෙතක් නොව කසිප්පු බව දැනගත් ඔහු දැන්නම් ටිකක් හොඳයි එක පාර සනීප වෙන්නේ නෑනේ ටික ටික ගත්තම අඩු වෙයි යැයි දුවට පවසා ඇත්තේ දිගටම කසිප්පු පානය කිරීමට හැකි වන බව දැනගත් නිසාය. ඔහුගේ දුවද සතුටු වූයේ මෙතෙක් කාලයක් අලසව සිටි සිය පියා පණගසා සිටින නිසාය.


එදින හවස පැමිණි බෑනා ඇමතූ මාමණ්ඩිය අමුතු හිනාවකින්  ‘කොරෝනා බෙහෙතනම් මරු. මගේ ලෙඩ කොහෙන් ගියාද දන් නෑ’ යැයි පැවසූ විට බෑනාට තරු පෙනී ඇත්තේ තම කොරෝනා බෙහෙතෙන් කොටසක් දැන් මාමණ්ඩියට ලබාදීමට සිදුවන නිසාය.
(කලවාන උපේන්ද්‍ර - ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (0)

බෑණන්ඩියගේ කොරෝනා පැණියෙන් මාමණ්ඩි අළුගසා නැගිටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site