IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යාළුවන්ට සහනාධාර ගෙනගිය මුදලාලිට පොලිසිය ‘පරිස්සමින් ගිහින් එන්න’ කියලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මිතුරන්ට අපූරු සහනාධාර බෙදූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය. 


ඔහු කසිප්පු පෙරීම රැකියාව ලෙස සිදු කරගෙන යයි. කොරෝනා නොමැතිව රට විවෘතව තැබුණු කාලේ ඔහුගේ කසිප්පු ව්‍යාපාරය සරු නොවිණි. ඒ මත්පැන් හල් විවෘතව තැබුණු නිසාය. මිතුරන් ඔහුට ප්‍රකාශ කළේ ඔය රැකියාව නතර කර වෙනත් රැකියාවක් කරන ලෙසය. එහෙත් ඔහු මෙම රැකියාවම සිදු කරගෙන ගියේ වැඩිය මහන්සි නොවී මුදල් හම්බ කිරීමට හැකි නිසාය. 


කෙසේ වෙතත් ඔහුට මෙම දිනවලදී ජයටම ව්‍යාපාරය කරගෙන යාමට හැකිව තිබුණේ බාර් වසා ඇති නිසාය. අකැමැත්තෙන් වුවද ඔහු ඇමතූ මිතුරන් ඔහුගෙන් කසිප්පු ඉල්ලා තිබේ. සමහර මිතුරන් මචන් නෑ කියන්න එපා, කීය වුණත් ගන්නම් යැයි පවසා තිබේ. එවිට මිතුරා පවසා ඇත්තේ ‘‘පිස්සුද සල්ලි ඔනී නෑ. මේ දවස්වල කෑමට සහනාධාර ලැබුණත් බීමට නෑනේ. ඒක නිසා උඹලට බීම සහනාධාරය මගෙන්”‍ යැයි පවසා තිබේ. කෙසේ වෙතත් ඔහු මෙලෙස කසිප්පු රැගෙන යන අතරතුර පොලිසිය ඔහු නතර කර ඇති අතර ‘‘කොහෙද යන්නේ’’ යැයි ඇසූ විට ‘‘මේ යහලු‍වන්ට සහනාධාර දෙන්න යනවා”‍ යැයි කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දී තිබේ. ආභරණ පැළඳ සිටින ඔහු දෙස බැලූ පොලිසිය පරිස්සමෙන් ගිහින් එන්න යැයි පවසා ඔහුගේ අනෙක් පොලිස් සගයා අමතා ‘‘අපිට ඔහොම යාළුවො නෑනේ. තේ එකත් අපේ ගානේ’’ යැයි පවසා ඇත්තේ ඔහු දෙස නෙත් කොනකින් බලමිනි. 

 



අදහස් (0)

යාළුවන්ට සහනාධාර ගෙනගිය මුදලාලිට පොලිසිය ‘පරිස්සමින් ගිහින් එන්න’ කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site