IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කසිප්පු ගනුදෙනුවෙන් මුව ආවරණ පාඩමක්

නිරෝධායන නීතියට අනුගත නොවී කල්ගත කළ ගම්වැසියකු කසිප්පු මුදලාලිගේ බහට අවනතව මුව ආවරණය පැළඳීමට කටයුතු කිරීමේ සිද්ධියක් සියනෑවේ දුරබැහැර ගම්මානයකින් වාර්තා විය.


කිසිවකුට ඇහුම්කන් නොදුන් පුද්ගලයෙකි.  කොරෝනා වාතාවරණය මැද්දේ මහ මග ගමන් කළේද ඔහුට සිතැඟි පරිදිය. ගෙදර මෙන්ම අසල්වැසියන් කරන ඉල්ලීමක් හෝ ඉටු කරන්නට මේ පුද්ගලයා අකමැතිය. මුව ආවරණය නැතිව පාරට තොටට යන්නට එපායැයි කරන ඉල්ලීම් ඔහු කනකට ගත්තේ නැත.  ගමේ කඩයට ගියත් ඔහු කටින් ජයගෙන තමන්ගේ වැඩේ කරගන්නට සමත් වූයේය.


කෙසේ වෙතත් ඔහු දිනපතා ගිය ගමනක් විය. ඒ හවසට කසිප්පු ටිකක් තොල ගාන්නටය. පෙරදා කසිප්පු පොළට පැමිණි පොලිසිය මුව ආවරණ නැති පිරිස් අල්ලාගෙන ගොස් තිබිණි. පසුදා එහි ගිය මොහුට කසිප්පු මුදලාලි පැවසුවේ මින් ඉදිරියට මුව ආවරණයක් නැතිව එන්න එපා කියාය. අදට විතරක් සීයක දෙන්න කියා ඉල්ලු‍වත් මුදලාලි ඒ සඳහා එකඟ නොවීය. ගැනුම්කරුවා ආපසු ගියේය. ටික වේලාවකින් ආවේ මුඛ ආවරණ එකට දෙකක් පැළඳගෙනය.


 සීයක මිලදී ගත්තේය. පානය කළ පසු යළි මුව ආවරණය පැළඳ පිටව ගියේ මහත් උජාරුවෙනි. දැන් ඔහු නිතරම මුව ආවරණ පැළඳ ගම‍නේ යෙදෙන්නේ කසිප්පු මුදලාලිගේ බහට අවනත වීම නිසා බව ගම පුරා ප්‍රකට වූයෙන් දින කිහිපයකට පසු වෙනත් කසිප්පු පොළක් සොයා ගිය බව ද දැන ගන්නට ලැබිණි.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් (0)

කසිප්පු ගනුදෙනුවෙන් මුව ආවරණ පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 144 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site