(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අසල්වැසි නිවෙසේ පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව හෙළි වී ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසු සිය කාමරය දොර ජනෙල් වසා ඉටි රෙදි ඇදගෙන හුදෙකලා දිවියක කල්ගත කරන බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වේ.
හැටවිය පසු කළ පුද්ගලයෙකි. කොරෝනා වසංගතයත් සමග නිවෙසට එන අයට තහංචි පැනෙව්වේ පවුලේ සෙසු සාමාජිකයන්ගේ දැඩි විරෝධය මැදය. කුඹුරට වත්තට හැරවෙන තැනකට යන්නට නිවෙසේ කිසිවකුට මේ පුද්ගලයා කිසි විටෙක ඉඩ දුන්නේ නැත. තැන තැන කියවෙන කොරෝනා බෙහෙත් සොයා නිවෙසේදීම සාදාගෙන ඒවා පානය කරන්නට වූයේ ද ජීවිතයට ඇති දැඩි ඇල්ම නිසාමය. ඒ කිසිවක් හෝ කිසිවකු ලවා ගෙන්වා ගැනීම ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
මේ අතර යාබද තරුණයකු කොරෝනා ආසාදිත බව හෙළවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ගෙන යනු ලැබීය. ඒ බව දැනගත් වහාම මේ පුද්ගලයා සිය කාමරයට කොටු වූයේය. දොර ජනෙල්වලට ඉටි රෙදි එල්ලුවේය. ‘කෑම දොර ළඟට ගෙනැවිත් දෙන්න. කවුරුවත් මගේ කාමරයට එන්න එපා’ යැයි ඔහු කීවේය. නාන කාමරය ඔහුගේ පමණක් පාවිච්චියට ගන්නා බව කීවේය. පවුලේ සෙසු පිරිස අවශ්‍යතා සඳහා එළිමහනේ වැසිකිළිය භාවිත කරන ලෙසට දැන්වීය.
ඔහු දැන් ඉබ්බා කටුවට රිංගූ සේ ජීවත්වන අතර දහසකුත් එකක් ගැටලු මැද පවුලේ පිරිස දැඩි පීඩාවෙන් පසුවෙන බව ද දැනගන්නට ලිබිණ.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අසල්වැසියාට කොෙරා්නා කීවාම ඉටිරෙදිවලින් කාමරය වසා හිතුමතේ හුදෙකලා වෙලා