හොර ගමනක් මාට්ටුවී ඇති වෙන්නම නාගෙන හොර ගමනක් ගොස් ගම්මුන්ට මාට්ටු වී මහ රෑ මැදියමේ කුඹුරු යායකට දියවර සපයන ඇළකට බැස දිය නෑ බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතකි. 17 March 2021
ගමේ කසිප්පු ජාවාරමාට සර්පයකුගෙන් යස දඬුවමක් ගමේ නීති විරෝධී මත්පැන් පෙරන්නාට අමුතුම කාලයේ දඬුවමක් සර්පයකුගෙන් ලැබුණ අපූරු පුවතක් අපට අසන්නට ලැබිණ. 16 March 2021
වීඩියෝ කෝල් එකෙන් බිරියගේ යටිකූට්ටු වැඩේ අහුවෙලා අලුත්වැඩියා කරගැනීමට තරුණයකු ගෙනා ජංගම දුරකතනයෙන් සිය බිරියගේ අනියම් පෙම මාට්ටු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 15 March 2021
මඟුලට පසුදා මනාලියන් මාරුකරගෙන දෙවැනි ගමන් රථය හිස් අතින් ගෙදර මඟුල් දාට පසුදා මනාලිය වෙන පුරුෂයකු සමගත් මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. සිදුවීම මෙසේය. 13 March 2021
සූදුවේ ‘දිනුම’ හොයාගන්න අංජනමක් ඇරලා පොලිසියෙන් සූදුපොළ වටලද්දී පළා ගිය සූදුකරුවකු තමා දිනා සිටි රුපියල් ලක්ෂ තුන හමාර පඳුරක් යට සඟවා පසුව පඳුර අමතක වීමෙන් අලි අමාරුවක වැටීමේ සිද්ධියක් ඇහැටුවැව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබෙයි. 13 March 2021
සාදයේදී අතක් කටේ රිංගා මිතුරා රෝහලේ සාදයක් අතරතුර දී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් සමථයකට පත් කිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකුගේ ඇඟිල්ලක් ගැටුමට මැදි වූ පාර්ශ්වයේ තරුණයකු විසින් සපා කෑම හේතුවෙන් ගැටුමට මුල් වූ දෙදෙනා සාදයේ සුව විඳිද්දී එය සමථයකට පත්කළ තරුණයාට රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදු වූ බව කියවෙන පුවතකි. 13 March 2021
සැමියාගේ කන්තෝරු බෑගයෙන් බිරිඳට රන් පෙන්ඩනයක් අසුවී වලියක් ඇරැඹිලා සැමියා කාර්යාලයට ගෙන යන බෑගයෙන් හිස්කෑම පෙට්ටිය එළියට ගැනීමට ගිය බිරිඳට ඉංග්‍රීසි අකුරු කෙටූ පෙන්ඩනයක් හමු වී මහා ජංජාලයක් ඇතිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ. 13 March 2021
සැමියාගේ අනියම් සෙල්ලමෙන් බිරිඳත් වැඩේට බැහැලා අනියම් පෙමක පැටලී සිය විවාහක බිරිඳගේ සිත රිද වූ දෙදරු පියෙකුට අවසානයේ විවාහක බිරිඳත්, අනියම් පෙම්වතියත් යන දෙදෙනාම අහිමි වීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 13 March 2021
ග්‍රාම නිලධාරිනියගේ ගැස්සිල්ල සොයා සහතිකේ ගැස්සිලා චරිත සහතික ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරිනියගේ නිවසට පාපැදියකින් යන අතරමග තමන් යන දෙසටම සුදු සාරියක් ඇඳ ළගන්නා සුළු ලතාවට යමින් සිටි ලලනාවගේ ගමන් විලාසයට උපහාසයක් කළ තරුණයන් දෙදෙනෙකුට ග්‍රාම නිලධාරිනියගේ නිවසේදී දවල් තරු පෙනුණු අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තා වේ. 13 March 2021
බලු හුවමාරුවෙන් අලි ජංජාලයක් වඳ සැත්කම් කරන්න බැල්ලියන් රැගෙන ගිය අයට උන් ගෙන ගිය තැන් අමතක වී මාරුකර එවීමෙන් බැල්ලන්ට මෙන්ම උන්ගේ ස්වාමිවරුන්ට හතර අතේ දිවයාමට සිදු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් කන වැකිණි. 12 March 2021
වචනයකට බයවෙලා අතට ආ සල්ලිත් අත ඇරලා රෝහලක දී මියගිය අයකුගේ මළ සිරුරක් නිවෙස වෙත ගෙන ගොස් බාරදීමට පොරොන්දු වූ මල් ශාලාවක පිරිසක් එම මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ බව දැනගෙන මෘත දේහයේ හිමිකරුවන්ට ද නොදන්වා මහ රෑම හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වූ බව කියැවෙන පුවතකි. 11 March 2021
පුරුද්දේ වැරැද්දෙන් අලි ජංජාලයක් වෙලා “මම යනවා, බුදුසරණයි” යන්න සිය හිතවතකුට යැවූ එස්.එම්.එස්. පණිවිඩයක් ජංගම දුරකතනයක වැරැදි අංකයකට ගොස් සිදුවෙන්නට ගිය අඹු-සැමි ආරවුලක් නූලෙන් වැළකී ගිය සිද්ධියක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 10 March 2021
කාන්තා දින වැඩසටහනට ගිය දෝණියන්දෑ පොලිසියෙන් මතුවෙලා කාන්තා දිනයේ විශේෂ කාන්තා වැඩසටහනකට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී ගිය දියණිය පොලිසියෙන් මතු වූ අපූරු පුවතක් වාර්තා වේ. 09 March 2021
කළු කුමාරයා කොණ්ඩෙ හොයාගෙන ඇවිල්ලා මහ රෑ බස් රථයෙන් බැස්ස තමා පසු පස අයියේ ටිකක් නවතින්න නවතින්න කියමින් තට්ට හිසක් ඇති අයකු දිව එනු දැකීමෙන් මේ එන්නේ කළු කුමාරයා යයි බියවී අලි ගැටලුවකට මුහුණ දුන්නු කෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 08 March 2021
කොන්දොස්තරත් කැත වැඩේම කරලා දකුණු පළාතේ ප්‍රධාන මාර්ගයක දිවෙන පෞද්ගලික බස් රථයකි. එහි ඉදිරිපස පඩිපෙළ අසල එල්ලූ දැන්වීමක් විය. ‘‘මේ පඩිපෙළේ එල්ලීගෙන යමින් කරන කැත පුරුද්ද නතර කරමු’’ එහි මුද්‍රණය කොට තිබිණ. ගසක අත්තක එල්ලී සිටින වඳුරෙකුගේ රුව ද එහි විය. 06 March 2021
‘මිස්’ උඩ තියන්න ගිහින් බිරියගෙන් තොප්පියක් වැටිලා ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වූ බිරියක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහනක් වැරදියට වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇතිවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. 05 March 2021
උපහාර උළෙලේ විශිිෂ්ටයා සහතිකය අරන් පිස්සු කෙළලා ආයතනයේ ප්‍රගතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවය ඇගයීම සඳහා පැවැත්වුණ සේවක උපහාර උළෙලකදී ප්‍රශංසා සහතිකයක් හිමිකර ගත් සේවකයකුට ප්‍රශංසා සහතිකය ලබාගෙන දින දෙකක් ගතවීමට මත්තෙන් වැඩ තහනම් කිරීමේ ලිපියක් නිකුත් කිරීමේ පුවතක් දකුණු පළාතේ එක්තරා පළාත් පාලන ආයතනයකින් වාර්තා වෙයි. 04 March 2021
හතුරාට සුළු ගේමක් දෙන්න ගිහින් ඉල්ලාගෙන කාලා බලපත්‍රයක් නොමැතිව කොස් ගසක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට පැමිණිල්ල කළ පුද්ගලයාම දැඩි උත්සාහයක යෙදුණු පුවතක් පසුගියදා මීරිගම වේවැල්දෙණිය පෙදෙසින් වාර්තා විය. 03 March 2021
විපතේදී අහක බැලූ නෑයන්ට පාරේ ගිය බැල්ලක් පාඩමක් උගන්වලා උදව්පදව් කළ නෑ හිතවතුන් බලා සිටියදී ගමේ මැරයාගෙන් එල්ලවූ මැර ප්‍රහාරයෙන් දින කිහිපයක් ඉඳුල් බත් කෑ බැල්ලක විසින් පුද්ගලයකු බේරාගත් අපූරු පුවතක් දකුණු පළාතින් වාර්තා වේ. 02 March 2021
හොර ගමනේ රඟේ කෝල් එකෙන් පනී පහසුකම් සැපයූ සේවකයාට කොරෝනා යයි නිවාඩු නිකේතනයකින් දුන් ඇමතුම අහම්බෙන් බිරියට ලැබීමෙන් වෙනත් කාන්තාවක සමග තමා නිවාඩු නිකේතනයකට ගිය හොරය බිරියට හසුවී අලි ජංජාලයකට මුහුණ දෙන්න සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 01 March 2021
පොළේ ගිය කත ‘මැණික්’ ලණුවක් ගිලලා වැඩි වාසියක් ලබාගැනීමට මැණික් ගලක් ලබාගෙන පවුම් තුන් කාලක රන්මාලයක් අහිමිකරගත් කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ පොලිසියකින් වාර්තා වේ. 27 February 2021
නොමිලේ චිත්‍රපටය නරඹද්දී පෙම්වතියගේ කකුල වෙනුවට අම්මගෙ කකුල පාගලා කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නරඹන අතරේ පෙම්වතියගේ යයි සිතා ඇගේ මවගේ කකුල පාගා අලි ජංජාලයක් වූ පුවතක් දුෂ්කර ගමකින් වාර්තා වේ. 27 February 2021
මඟුලේදී දෑවැද්ද එපා වූ ගුරු නැන්දම්මා ලේලි එක්ක ඇවිළෙයි දෑවැදි එපා කියා වසර පහකට පෙර පුතාට කැන්දාගෙන ආ ලේලියගෙන් ගුරු නැන්දම්මා දෑවැද්ද ඉල්ලූ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 27 February 2021
ඉල්ලමට ලොල්වී දල්ලට යටවී කූඩුවේ එය රක්වානට නුදුරු රක්ෂිත වනාන්තරයකි. පසුගිය දිනෙක මෙම රක්ෂිත වනාන්තරයේ ඇළ පාරක මැණික් ඉල්ලමක් මතුවිය. අහල පහළ මැණික් ගරන තරුණ පිරිස් පමණක් නොව අවට ගම්වල බොහෝ දෙනෙකුද දිවා රාත්‍රි දෙකෙහිම අනවසර මැණික් ගැරීමට රක්ෂිතයට ඇදී ආවේ වැඩි දිනක් යාමට මත්තෙනි. 27 February 2021
මුනුපුරාගේ සී.සී.ටී.වී උත්තරෙන් සීයාට තරු පෙනිලා තම කුඩා මුණුපුරා බැලීමට නගරාසන්න ප්‍රදේශයකට පැමිණ අතීත කතා කීමට ගිය සීයා මුණුපුරා දුන් පිළිතුරෙන් අන්දමන්ද වීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 27 February 2021
කඩේට පැන්න හොරාට ලක්ෂ 2 ට වඩා පොල්ගෙඩි විස්ස ලොකුවෙලා දකුණු පළාතේ උපනගරයක පිහිටි පොලිස් ස්ථානයකට උදෑසනම පැමිණිල්ලක් දැමීමට ආවේ ගමේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගිය මුදලාලි කෙනෙකි. 25 February 2021
වගා බිමේ තෙල් හොරා අමුතු ගැටේකට අහුවෙලා සිය වගා බිමේ කලක් තිස්සේ සිදුවන කෘෂි රසායන ද්‍රව්‍ය සොරකම් කිරීමේ ක්‍රියාවකට අපූරු දඬුවමක් ලබාදුන් ගොවියකු පිළිබඳව නාඋලින් වාර්තා වෙයි. 24 February 2021
දුවගේ කෙරුවාව එළිවී තාත්තාට බූවල්ලෙන් ගහගන්න වෙලා කොරෝනා මර්දන නීති රීති කඩකරමින් මගී ප්‍රවාහන බස් රථයේ පිටුපස අසුනේ අනග රැගුම් පාමින් සිටි තරුණයාට හා තරුණියට දෙහි කපමින් ආ තැනැත්තාට ඒ අනග රැගුම් පා ඇත්තේ සිය දියණිය බව හෙළිවීමෙන් පසු පොළව පලාගෙන යාමට තරම් බැරෑරුම් අවස්ථාවකට මුහුණදීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් වාර්තා වේ. 23 February 2021
සාත්තරේ සූත්තරයෙන් මිතුරාට කෙල්ල සෙට්කරලා නිවෙසට පැමිණි පිටස්තරයකු පැවසූ අනාවැකියක් නිසා ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන සාස්තරකාරයකු බවට ප්‍රසිද්ධ වූ පුවතක් යාපහුව පුරවරයේ පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි. 22 February 2021
ආත්ම තෘප්තියට වීදි පහන් නිවද්දී දොස්මුරයක් ප්‍රධාන මාර්ගයේ විදුලි පහන් කණුවක දැල්වෙමින් තිබුණු වීදි පහනක් නිවා දැමීමට කටයුතු කරමින් සිටි අයෙකුට මාර්ගයේ ගමන් කරමින් සිටි වෙනත් පුද්ගලයෙකු පැමිණ රාජකාරිය හරියට ඉටු කරන්නේ නැතැයි බැණ තර්ජනය කළ සිද්ධියක් පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 20 February 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026