(තිහගොඩ - උපසේන ලියනගම)
අගනුවර රැකියාවකට ගිය පොඩි දුව මෙවර අවුරුදු තෑගි ගෙන නිවසට ආවේ දිගු කලකට පසුවය. පවුලේ ආච්චි, සීයා, මාපියන් සහ සහෝදර සහෝදරියන් දෙදෙනකුට ද වෙන වෙනම තෑගි පාර්සල්කොට ගෙනාවත් ගෙදර නතර වී සිටි පුංචි අම්මාට තෑගි ගෙන ඒමට ඇයට අමතක වී තිබිණි.
ගෙදරට ආ පසු නගරයට යන අවස්ථාවක ඇයට ද සුදුසු ඇඳුමක් ගෙන ඒමට තීරණය කළ ඇය සහෝදරියක සමඟ ළිඳට ගියේ දිය නා ගැනීමටය.
තමාට තෑගි ඇත්දැයි සෙවීමට පාර්සල් පරීක්ෂා කළ පුංචි අම්මා තමාගේ නම එහි නැති බව දැන පාර්සල් සියල්ල කඩා බැලුවේ කෝපයෙනි. ඒත් දියණිය ඒමට පෙර ඒ සියල්ල යළිත් කලබලයෙන් පාර්සල්වලට දැමූ ඇය කිසිත් නොදත් සේ සිටියාය.
පසුදා තෑගි බෙදීමේදී තමාට හිමි පාර්සල් බෙදා දී දෙපා වැන්ද ඇය සිටියේ සතුටෙනි. ඒත් ලැබී ඇති ඇඳුම් ඇඳ බැලීමට කාමරයට ගිය ආත්තම්මා ආපසු ආවේ මහා සිනාවක් නගමිනි.
ඇය අතේ වූයේ ඩෙනිම් කලිසමකි. තම සහෝදරයාට ගෙනා ඇඳුම ආත්තම්මාට ගියේ කෙසේදැයි ඇය විමසිලිමත් වනවිට පුංචි අම්මා කඩිනමින් එතැනින් ඉවත්ව ගියාලු.
2025 ඔක්තෝබර් මස 08
1592
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1382
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අවුරුද්දට ආච්චිට ඩෙනිමක් තෑගි ලැබිලා