IMG-LOGO

විදුහල්පතිගේ ‘වස්තුවට ’ යකින්නක් ආවේශ වෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
විදුහල්පතිවරයාගේ වස්තුවට යකින්නියක ආවේශවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ඌව පළාතේ ග්‍රාමීය පාසලකිනි.


ගාලු ප්‍රදේශයේ උපත ලැබූ ඔහු ගුරුපත්වීමක් ලැබ ඌව පළාතට ගිය අතර පාසල් කීපයක සේවය කර අනතුරුව මෙම පාසලට ආවේ විදුහල්පතිවරයකු ලෙසටය.


ඉතාම කාරුණික සුහද හදවතක් ඇති ඔහු පාසල් දරුවනට හා සේවකයන්ට නම කියා කතා කළත් ගුරු මහත්ම මහත්මීන් ඇමතුවේ වස්තුවේ කියාය.


පාසලේ විශාල අඩුපාඩුවක් වූ ඉංග්‍රීසි ගුරුවරයකු නොවීම නිසා ඔහු හිතවත් දේශපාලකයන් පසුපස ගොස් දුර බැහැර පාසලක ඉංග්‍රීසි ගුරු මෙනෙවියක තාවකාලිකව එහි ගෙන්වා ගත්තේය. එම ගුරු මෙනෙවිය ආවේ කැමැත්තකින් නොවේ.


ඇය ආ දිනයේම තම සතුට පළ කළ විදුහල්පතිතුමා තාවකාලිකව ආවට මෙහේටම පත්වීම හදාගන්න වස්තුවේ කීවේ සුපුරුදු ලෙසටයි.


මේ වස්තුවේ කෑල්ලෙන් කෝපයට පත් ඇය විදුහල්පතිට සැර අවවාදයක් කළ විට අසල සිටි නියෝජ්‍ය විදුහල්පතිතුමිය කාටත් සර් කතා කරන්නෙ එහෙමයි මිස් කීවත් ඇයගේ කෝපය පහවුණේ නැත. සෙසු ගුරුවරුන්ට මෙය සැලවී ඒ ගැන විමසූ විට විදුහල්පති කීවේ තම වස්තුවේ කතාවට උදයේ යකින්නක් ආවේශ වූ බවක්ලු.

 



අදහස් (0)

විදුහල්පතිගේ ‘වස්තුවට ’ යකින්නක් ආවේශ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site