IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොරෝනාවට බය දොස්තරට ‘සල්ලි ආලෙ’ බෝවෙලා

(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
 මාළු කටුවක් උගුරේ සිරවූ පුද්ගලයකු එය ඉවත්කර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත පැමිණි විටදී පවතින වසංගත තත්ත්වය නිසා රෝගියා ළඟට පැමිණීමට නොහැකිවීමෙන් පී.සී.ආර්. පරීක්ෂාවක් සිදුකර කොවිඩ් ආසාදිතයකු නොවන බව තහවුරු කරගෙන පැමිණියහොත් මාළුකටුව ඉවත් කළ හැකි බව පැවසූ වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තාවේ.


 සාලයන් මාළු ආහාරයට ගැනීමේදී උතුරේ කටුවක් ඇනුණ පුද්ගලයකු බත්ගුලි, ඉදුණු කෙසෙල්ගෙඩි ගිල දමා කටුව උගුරෙන් පහළට තල්ලුකර ගැනීමට උත්සාහ කළද පලක් නොවූ අයකු දින තුනක් තිස්සේ පීඩා විඳ අවසානයේ වෛද්‍යවරයකු  සොයා ගියේය.


පළාතේ ශික්ෂණ රෝහලේ රාජකාරි කරන මෙම වෛද්‍යවරයා සවස් කාලයේ තම පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නේය.


ඔහු එම ස්ථානයට යනවිට වෛද්‍යවරයා කුඩා දරුවෙකු පරීක්ෂා කරමින් සිටියේය. වසංගත තත්ත්වය නිසා සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසී රෝගීන් මීටරයේ දුරින් තබා ගැනීමටද කටයුතු යොදා තිබුණි.  වෛද්‍යවරයා සිය කාමරයට පිවිසෙන දොර අසලම   පුටුව තබාගෙන රෝගීන් පරීක්ෂා කිරීම නිසා සියලු කටයුතු විවෘතව සිදුකෙරුණි.


කුඩා දරුවකු පරීක්ෂා කරමින් සිටි වෛද්‍යවරයා අවස්ථා කීපයකදීම නැගිට දෑත් සෝදා ගත්තේය. නැවත අසුනට පැමිණ විෂබීජ නාශක දියර දෑත්මත තවරා ගත්තේය. රෝගීන් පරීක්ෂා කරන වෙද නළාවද විෂබීජ නාශක දියර යොදා පිසදැමීය. රෝග පරීක්ෂාවක් පිළිබඳ සටහනක් එම දරුවාගේ මව විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ  එය පිටතට රැගෙන දෙන ලෙස ඉල්ලා නැවතත් විෂබීජනාශක දියර යොදා දෑත්  සෝදා එය කියවා බැලීය. අවසානයේ බෙහෙත් දී කිසිදු පැකිලීමකින් තොරව මුදල් ලාච්චුවට දමා ගත්තේය. ඉතිරි මුදල් ද දුන්නේය. 


මාළුකටුව සිරවූ පුද්ගලයාට අවස්ථාව උදාවිය. තමාට සිදුවී ඇති අපහසුතාව ගැන පැහැදිලි  කළ ඔහු මාළු කටුව ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටියේය. 


‘‘මාර කේස් එකක්නේ’’ කී වෛද්‍යවරයා වසංගත තත්ත්වය ගැන දීර්ඝ විස්තරයක් කරමින් ඉන් මිදීමට ඇති එකම පිළියම ආරක්ෂාව බව පැවසීය. ඒ සඳහා  විසඳුම වන්නේ පී.සී.ආර්. පරීක්ෂාවක් මගින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරගෙන පැමිණෙන ලෙසත් ඒ සඳහා රෝහලට  ඉදිරිපත් කළ යුතු නිර්දේශයද ලබාදිය හැකි බවත් පවසා ඔහුගේ අත්සන හා රබර් මුද්‍රාව  සහිත ලිපියක්ද ලියා දුන්නේය.


එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ වෙනත් වෛද්‍යවරයකු ලවා නොමිලයේම කටුව ඉවත් කරගෙන ඔහු නිවසට ගියේය. 
මෙම සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරී ගිය අතර දැන් එම වෛද්‍යවරයා ‘‘සල්ලි වලට ආසයි- කොරෝනාවලට බයයි ඩොක්ටර්’’ ලෙස ප්‍රසිද්ධ වී ඇත.



අදහස් (0)

කොරෝනාවට බය දොස්තරට ‘සල්ලි ආලෙ’ බෝවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site