IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොලිස් නෝනකුගෙන් ගානක් කැපූ රියැදුරුට ඇඬෙන්නම පාඩමක් කියා දීලා

රජ්ගම විශේෂ  - ධර්මදාස සිරිවර්ධන.
දකුණේ නගරයක ත්‍රිරෝද රථ රියැදුරකු මෝටර් රථ අංශයේ ලොක්කෙකුගේ බිරියගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර පසුව ඇය පොලිස් ලොක්කාගේ  බිරිය බව දැන සමාව ගැනීමට පොලීසියට පැමිණි විට මතක හිටින පාඩමක් කියා දී ආපසු යැවීමේ පුවතක් පිළිබඳව වාර්තා වේ.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.  පොලිස් ලොක්කාගේ බිරිය දරුවා පාසලට යැවීමට ප්‍රමාද වූ බැවින් පා ගමනින් යා යුතු දුර යාමට ත්‍රිරෝද රථයකට නැග අසල තිබූ විදුහලට දරුවා බාරදී එම ත්‍රිරෝද රථයේම නැග ආපසු නගරයට පැමිණි විට රියැදුරු තැන හිරිකිතයක් නොමැතිව යාමට රුපියල් 150 ක් හා ඒමට  රුපියල් 150ක් වශයෙන් රුපියල් 300ක් ඉල්ලා සිටියේය. 


ඒ ගැන කතා කිරීමට ගිය විට සද්දයක් ද දැමූ බැවින් ඇය නිහඬවම එය ගෙවා දමා නිවෙසට පැමිණ තම සැමියාට සිද්ධිය දැන්වූයේ මෙවැනි අසාධාරණ නොවිය යුතු බවද පවසමිනි. කෙසේ වුවද සැමියා නිකමට මෙන් මේ පුද්ගලයා කවුරුන්දැයි සොයා බැලු‍වේ මෙවන් වැඩ නොකරන ලෙස උපදෙස් දීමටය. 


මේ ගැන දැනගත් ත්‍රිරෝද රියදුරු දෙලොව රත්වී පොලීසියට පැමිණියේ සමාව ගැනීමටය. පොලිස් නිලධාරියා ඔහුට පැය බාගයක පමණ දේශනයක් දුන්නේ මතක හිටින අයුරිණි. මට නම් ප්‍රශ්නයක් නෑ. අහිංසක මිනිසුන්ට එහෙම කරන්න එපා. සාප වෙනවා. ඒ අය තුට්ටු දෙකක් හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. අපි කවදාවත් ත්‍රිරෝද රථවල නොමිලේ යන පොලිස්කාරයො නෙවෙයි. අපේ දෑත් පිරිසුදුයි. මගෙන් සමාව ගන්න එපා.

මෙච්චර කල් ඔය වගේ අසාධාරණකම් කරපු අහිංසක මිනිස්සුන්ගෙන් සමාව ගන්නවා. තමා මේ ලෝකෙට බිහිකළ මෑණියන්ට පව් සිදුවෙන වැඩ කරන්න එපා. මම දන්නව මේ වගේ අසාධාරණකම් කරන තව අය ඉන්නවා. ඒ අය ගැන මිනිස්සු අපට කියනවා. අසාධාරණ විදියට හම්බ කරල දරුවන්ට කන්න දෙන්න එපා. යැයි දුන් අවවාද හමුවේ ඔහු කඳුළු සලමින් පොලිසියෙන් පිටවිය.


 ඒ සිද්ධිය දෙස  අවධානයෙන් බලා සිටි පොලිසියේ නිලධාරියකු පැවසූයේ හැදෙනවා නම් ඔහුට දිය යුතු උපරිම දඬුවම ලබාදුන් බවයි.



අදහස් (1)

පොලිස් නෝනකුගෙන් ගානක් කැපූ රියැදුරුට ඇඬෙන්නම පාඩමක් කියා දීලා

fairoos Wednesday, 07 April 2021 07:14 AM

මෙයා පොලිස් ලොක්කගේ නෝනා කියලා දැනගෙනම තමයි ඕක කරලා තියෙන්න ඕනේ. පොලිසියේ අය කන ජරාවට වඩා මේක හොඳයි. මේ වගේ නිලධාරීන් 100ට එකයි ඉන්නේ.

:       2       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site