IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පුතාගේ හපන්කම්වලින් මවුපියන්ට උන්හිටි තැන් නැතිවෙලා

(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
මවුපියන්ගේ අවවාද උපදෙස් තඹයකට ගණන් නොගෙන අකීකරුව සමාජ විරෝධී කටයුතුවල යෙදුණු පුතෙකු නිසා මවුපියන්ට සිය ගෙවල් දොරවල් පමණක් නොව මුළු ගමම අතහැර දමා යන්නට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


මේ පවුලේ දරුවන් දෙදෙනෙකි. මව රැකියාවක් නොකළ අතර  පියා රැකියාව ලෙස කුලී වැඩ කළේය. ඊට අමතරව හිඳ හිට වාහනවලට රියදුරෙකු ලෙස ද ඔහු කටයුතු කළේය. දියණිය පාසල් අධ්‍යාපනය හමාර කර සිටි අතර පුතා අධ්‍යාපනය අතර මඟ කඩාකප්පල් කර ගත්තේය. ඒ අතර පුතා නොයෙක් විදියේ රැකියා කිහිපයකම නිරත වූයේය. තරුණයන් බොහෝ දෙනකු ඇසුරු කළ අතර ඒ අතරේ නොයෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන හා නොයෙක් අන්දමේ සොර මැරකම් කරන මිතුරෝ ද ඔහුට වූහ.


මිතුරු ඇසුරත් සමඟ මේ තරුණ පුතා නොමඟට යද්දී ඔහු යහමගට ගන්නට මවුපියන් නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔහු යහමඟට ගන්නට මවුපියන්ට නොහැකි විය. 


මුලින් මුලින් පුංචි පුංචි සොරකම් කළ මේ තරුණ පුතා පසුව මත් වතුර බීමට ද පුරුදු වූයේය. කාලය ගතවෙත්ම නරක මිතුරු ඇසුර නිසා ඔහු මත් කුඩු භාවිතයට ද ඇබ්බැහි  වූයේය. මත්කුඩු පානයෙන් නොනැවතුණු ඔහු පසුව මත්කුඩු ජාවාරම්කරන්නටද පටන් ගත්තේය.


ගමට මත්කුඩු රැගෙන විත් ජාවාරම් කරමින් ගමේ තරුණ පිරිස ද නොමඟට ඇඳ දමන්නට උත්සාහ කරමින් සිටිය දී ගම්වාසීහු  එක්ව මොහුට පහර දී මත්කුඩුද සමඟ අල්ලා පොලීසියට  බාර දුන්හ.


මේ එකම පුතාගේ හැසිරීමෙන් කලකිරුණු හා ඒ නිසා ගම්වාසීන්ට  මුහුණ දීමට ඇති වූ ලැජ්ජාව නිසා සිය පදිංචි නිවස ද හදිසියේම විකුණා දැමූ පියා බිරිඳ  හා දියණිය සමඟ දිවයිනේ ඈත ප්‍රදේශයකට පදිංචියට ගොස් ඇත.


පොලීසියට භාරදුන් පුතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්නවාලු.



අදහස් (2)

පුතාගේ හපන්කම්වලින් මවුපියන්ට උන්හිටි තැන් නැතිවෙලා

Baba Irham Tuesday, 27 April 2021 04:26 AM

දෙමව්පියන් ඔළුව යහමඟට ගන්ඩ උථ්සහ කළත් ඔහුට හැදෙන්න උවමනාවක් තිබිලා නැහැ දෙමව්පියන් තමුන්ගේ සහ තම දියණියේ යහපත සඳහා හොඳ තීරණයක් අරන් තියෙන්නේ ඔහු ගැන අනුකම්පා කරලා නිකන් හිටියානම් ඒ ගොල්ලන්ට තීයන ගෙයත් නැතිවෙලා යන්ඩ පුළුවන්

:       0       8

" මතට තිත " හරියට ක්‍රියාත්මක උනාද ? Wednesday, 28 April 2021 12:54 AM

මෙවැනි සිදුවීම් දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17882 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10696 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 169 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 51 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site