IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කතුන්ට හොල්මන් පෙනෙන වැසිකිළියක්

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අවශ්‍යතාවට ඇතුළට ගිය විගසම බුදු අම්මෝයි මර ලතෝනි දී කාන්තාවන් ආපසු දිවඑන අපූරු වැසිකිළි පද්ධතියක් පිළිබඳව අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.


අම්බලන්ගොඩ බස් පොළෙහි උඩු මහලේ එක් අන්තයක ඇති වැසිකිළි පද්ධතියයි. නැතහොත් දැනට මේ බස් පොළේ සක්‍රීය තත්ත්වයේ ඇති එකම වැසිකිළි පද්ධතියයි. එය ගැහැනු පිරිමි වශයෙන් බෙදා වෙන්කර තිබේ. එය බෙදා ඇත්තේ කෙටි තාප්පයකිනි. දෙපැත්තේ අය නොපෙනෙන සේ බැඳුණු කෙටි තාප්පයකිනි.


අම්බලන්ගොඩ හා ඒ අවට දෙනෝදාහක් දිනකට අම්බලන්ගොඩ බස් පොළට එති. ඒ අතර කාන්තාවෝද වෙති. ඒ සෑම කෙනකුටම හදිසි අවශ්‍යතාවකට යාමට ඇත්තේ බස් පොළේ උඩු මහලේ වැසිකිළි පද්ධතියටය.


යම් හෙයකින් වැරදිලාවත් කාන්තාවක් තනිපංගලමේ මේ වැසිකිළි පද්ධතියේ ගැහැනු පැත්තට ගොස් දොර වහගත් සැනින් බුදු අම්මෝ කියමින් මරලතෝනි දී දුවගෙන එන්නීය. අනේ පිරිමි වැසිකිළිය පැත්තේ බිත්තියේ නැගී කවුද බලන් ඉන්නවා කියමින් හතිලමින් ඇය කියන්නේ වෙළෙඳසල්වල හිමිකරුවන්ටද ඇසෙන ලෙසය. ඒ සමගම ක්‍රියාත්මක වන ඔවුන් ඒ පිළිබඳව සොයා බැලු‍වත් කාන්තා වැසිකිළියට බැලු‍ම් හෙලන්නා මෙතෙක් අසුවී නැත. මේ බැලු‍ම් හෙලන්නා නිසා බියවූ කාන්තාවන් මේ වනවිට රැසක් වාර්තාවී තිබේ.


බැලු‍ම් හෙලන්නා අසුනොවූවද එම වැසිකිළි පද්ධතියේ පිරිමි පැත්තේ භාග බිත්තියේ බොහෝ අත් පහරවල් හා පා පහරවල් දැක ගැනීමට හැකිවූයේ කවුරුන් හරි භාග බිත්තියට නැග කාන්තා පැත්තේ වැසිකිළියට බැලු‍ම් හෙළන බවට සාක්ෂි දරමිනි.


මේ බැලු‍ම් හෙලන්නාගෙන් කාන්තා වැසිකිළිය බේරා ගැනීමට අම්බලන්ගොඩ නගර සභාවේ උපසභාපති කමල් වැල්ලගේ, නාගරික මන්ත්‍රීවරුන් වන ආර්.එම්. ලසන්ත, ධම්මික කොඩිකාර යන මහත්වරුන් ඉදිරිපත්වූවේ අම්බලන්ගොඩ බස් පොළේ වෙළඳසල් හිමියන්ගේ දැඩි ඉල්ලීම මධ්‍යයේය. 


ඒ එම මහත්වරුන්ගේ පෞද්ගලික වියදමින් පිරිමි වැසිකිළියේ භාග බිත්තියට නැග කාන්තා වැසිකිළිය දෙස බැලීමට නොහැකි වන අයුරින් ආවරණයක් යෙදීමට නගර සභා සේවකයන් පිරිසකට දැනුම්දීමත් සමගමය. ඒ අනුව හෙට අනිද්දාම බියක් සැකක් නොමැතිව අම්බලන්ගොඩ බස් පොළේ උඩු මහලේ ඇති කාන්තා වැසිකිළියට කාන්තාවන්ට යාමට හැකිය.



අදහස් (1)

කතුන්ට හොල්මන් පෙනෙන වැසිකිළියක්

ganegoda Friday, 09 April 2021 11:24 AM

හොල්මන් වලට කතුන් පෙනෙන වැසිකිළියක් කිව්වා නම් විශ්වාස කරන්නත් තිබුණා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site