(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
සිය බිරියගේ තහනම් ගහේ ගෙඩි කෑම අල්ලාගත් ස්වාමි පුරුෂයකු ඒ සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමෙන් දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට ගත් උත්සහයක් ඒ අවස්ථාවේ දී පැමිණි දාර පොළඟකු තම දිවි පුදමින් ව්‍යර්ථ කළ අපූරු පුවතක් හලාවත කිට්ටුව ගමකින් වාර්තා විය.

මළ පොතේ අකුරක් නොදන්නා මිගෙල් අහිංසක මනුෂ්‍යයෙකි. ඔහු තිදරු පියෙකු වන අතර ඔහුගේ කලින් බිරිඳ ඔහු අත්හැර ගමේ තරුණයකුගේ හුරතලියක වූවාය. පොල් කැඩීම වෘත්තිය කර ගත් ඔහු ඉඩ ලද අවස්ථාවක පරණ යකඩ බඩු එකතු කර විකුණා අත මිට සරු කර ගෙන ඇත.
ඔහුගේ මුල් බිරිඳ ඔහුට අහිමි වූයේ මිගෙල් පදම ඉක්මවා මත්පැන් පානය කර වෙරි වූවාම වෙරි බහිනකම් ඕනෑම කානුවක වුව ද වැටී නිදන පුරුද්දක් ඇති කරගෙන තිබු නිසාය.
තම මුල් බිරිඳ අන් උණුසුමක් සොයා ගිය නිසා දැඩි ලෙසින් කම්පනයට පත් මිගෙල් කෙරෙහි අනුකම්පාවක් ඇති කර ගත් වෙනත් තැනැත්තියක් ඔහුගේ තනිකම නැති කිරීමට කැමැතිවී ඇත. මෙයින් පසු මිගෙල් මධුවිත තොලගෑම අඩු කරමින් අලුත් බිරිඳට පණ මෙන් ආදරය කරමින් අලුත් ජීවිතයක් ආරම්භ කළේය.
මේ අතර ඔවුන් විසින් ඉදි කිරීම ආරම්භ කළ නව නිවසේ සිවිලිම් ගැසීමට යයි කියා ආ බාස්, මිගෙල් නැති අතර ඔහුගේ බිරිය හා අනියම් ඇසුරක් ඇති කර ගත්තේය. මෙය දැන ගත් මිගෙල් දෙවන බිරිඳට ගුටි බැට සංග්‍රහයක් දි ජීවිතය කලකිරී දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට අලුයම් කාලයේ දුම්රිය මගට ගොස් රේල් පාරේ පිල්ල මත වාඩි වූයේය.
මේ අවස්ථාවේ එම ස්ථානයට නොසිතු ලෙසින් පැමිණි පොළඟකු දුටු මිගෙල් තමන් පැමිණි කාර්යය ද අමතක කර අසල තිබූ විශාල කළු ගලක් ඔසවා පොළගාගේ හිස මත අතහැර සර්පයා මරා සර්ප කුණ අතැතිව පණ බේරා ගෙන ගෙදර ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම ජීවිතය බේරා දුන් සතාට සලකපු හැටි නම් අපුරුයි.
පොළඟට තිබුණා නේද මෙයාගේ බෙල්ලට පැනලා දෂ්ඨ කරලා මේ සියදිවි නසාගැනීමට උදව් කරලා තමන්ගේ ජීවිතයත්... රැකගන්න. අනේ මෙහෙමත් මෝඩ පොළොංගු... !!!
මැරෙන්න ගියත් තව කෙනෙක්ට හානි කරන පුරුද්ද අත් ඇරලා නෑ.. ඒ සතාට පාඩුවේ යන්න දීලා වෙන තැනකට යන්න තිබුණනේ මැරෙන්න ඕනෑ නම්...