IMG-LOGO

ලෙඩේට සයිකල් පදින්න කීවාම මෝටර් සයිකල් පැද සීනි නැගලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
රුධිරයේ සීනි මට්ටම අඩු කරන්න කිරීමට දුන් ව්‍යායාමය වැරදියට අවබෝධ කරගෙන, තිබූ රුධිර සීනි මට්ටම දෙගුණ තෙගුණ වී ජීවිතය අනූනවයෙන් බේරාගත් අයෙකු පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් වාර්තා වේ. 


ඔහු වැස්සකටවත් පාසලකට ගිය කෙනෙකු නොවේ. හය හතර තේරෙන කාලයේ සිටම ඔහු සිය පියාගේ රැකියාවට අනුගත වූවේය. මවුපියන්ටද සිය පුතාට ඉගැන්වීම පිළිබඳව අල්පමාත්‍රයකවත් තරම් අවශ්‍යතාවක් නොවූයේ ඔවුන්ද එසේම වූ බැවිණි. ඔහුද සිය පියා මෙන්ම කුරුඳු තැලීම රැකියාව කර ගත්තේය. උපතින්ම ලජ්ජාශීලි කුලෑටි අයකු වූ ඔහුගේ ශ්‍රවණ දෝෂය ද උපතින්ම ඇතිවූවකි. 


උදෑසන හීල්බත් පිඟන් දෙකක් තුනක් කොටාබා වැඩ පටන් ගන්නා ඔහු දහවල මෙන්ම රාත්‍රියේද නිවසේ ඉදෙන උණු බත්වලටත් ඔහු කරනුයේ එයමය. 


කාලයක් යද්දී ඔහුට හිටි හැටියේ විනාඩියක දෙකක ක්ලාන්තයක් සෑදීමත් කොපමණ වැඩ කළත් නිතර නිතර නිදිමතත් ලොකු ප්‍රශ්නයක් විය. මේ නිසා ඔහු ප්‍රතිකාර ගැනීමට නගරයේ ව්‍යෛවරයකු හමුවීමට ගියේය. 


රෝග ලක්ෂණ අනුව රුධිර පරීක්ෂාවක් කළ වෛද්‍යවරයා ඔහුගේ රුධිරයේ සීනි මට්ටම බොහෝ වැඩි බව කීවේය. ඔහුට එය හරියට නොතේරුණු බව අවබෝධ කරගත් වෛද්‍යවරයා කීවේ ඔහුට දියවැඩියාව  වැලඳී ඇති බවය. එ් සඳහා අවශ්‍ය බෙහෙත් ද ලබා දුන් වෛද්‍යවරයා පැවසුවේ රුධිරයේ සීනි මට්ටම අවම කිරීම බෙහෙත්වලින් පමණක් කළ හැකි දෙයක් නොවන බවත් ඒ සඳහා ව්‍යායාම කළ යුතු බවත් පැවසීය. 


වෛද්‍යවරයා පැවසු ව්‍යායාමවලින් ඔහු එකක් තෝරා ගත්තේය. ඒ අනුව නිවසට ගිය ඔහු සිය යතුරුපැදිය වෙනදාට වඩා පැද්දේය. වෙනදා දිනකට කිලෝමීටර් දෙක තුනක් පැද නගරයට යන ඔහු දවසකට කිලෝමීටර් දහය දොළහ පැද්දේය. 


ඉන් ඔහුගේ රෝග ලක්ෂණ එන්න එන්නම වැඩි වූවා මිසක් අඩුවීමක් දක්නට නොලැබිණි. ඒ නිසාම ඔහු යළිත් වරක් නගරයේ වෛද්‍යවරයා හමුවීමට ගියේය. තමාට බෙහෙත්වලින්වත් කරන්න දුන්නු ව්‍යායාමයෙන්වත් කිසිදු ගුණයක් නැති බවත් රෝගය තිබුණාට වඩා වැඩි බවත් ඔහු වෛද්‍යවරයාට කීවේය. 


‘ඔයා සයිකලය පැද්දාදැයි’ වෛද්‍යවරයා ඇසුවේය. ‘ඔව්, ඔව් මම පැද්දා’ යැයි ඔහු කීවේය. 


‘දුරට පදින්න නැතිව ඇති’ යයි වෛද්‍යවරයා ඇසූ විට ‘මොකෝ නැත්තේ මම වෙනදාටත් වඩා දවසකට කිලෝමීටර් දහයක් දොළහක් පදිනවා’ යැයි ඔහු කීවේය. ‘එහෙමද? එහෙනම් හයියෙන් පාගලා යන්න නැතිව ඇති’ යයි වෛද්‍යවරයා ඇසූවිට ‘මොකෝ හයියෙන් පෑගුවේ නැත්තේ වෙනදා පාගලා ගියේ තිහට හතලිහට දැන්නම් හැට හැත්තෑවටත් පාගනවා’ යයි ඔහු කීවිට වෛද්‍යවරයා පමණක් නොව එහි සිටි හෙදියත් සිනාවුණේ ඔහුගේ මොළේ තරම ගැන හිතමිනි. 


ව්‍යායාමයක් සඳහා සයිකල් ලෙස වෛද්‍යවරයා කීවිට එය හරිහැටි අවබෝධ කර නොගත් කතානායකයා කර ඇත්තේ සයිකල් පැදීම වෙනුවට  මෝටර් සයිකල් පැද ඇති බවය.



අදහස් (0)

ලෙඩේට සයිකල් පදින්න කීවාම මෝටර් සයිකල් පැද සීනි නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site