IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රස්සාවට යන්න චරිත සහතිකය දුන් සර් ගෙන්ම ‘තමා කවුදැයි’ අහලා

(හසලක සුනිල් ඒකනායක)
රැකියාවට යන්න චරිත සහතිකය දුන් දා සුදුසු රැකියාවක් ලැබී රටට දැයට යහපත් පුරවැසියෙකු වේවා! යැයි තමන්ගේ දෙපා නැමදි තරුණයාට පැවසූ අයෙකුට ඔහුට රාජ්‍ය අංශයක රැකියාව ලැබී වසර 12කින් පසු තමන්ට ආශිර්වාද කළ අය තමන් කවුදැයි කියා විමසා සිටි පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


මෙයට වසර 12කට පමණ පෙර ඔහු රාජකාරි කරනු ලැබුවේ හසලක ප්‍රදේශයේ දුෂ්කර කොට්ඨාසයකය. ඔහු සිය කාර්යාලයේ රැඳී සිටින විට එම කොට්ඨාසයේ අවුරුදු 20ක් පමණ වයසැති තරුණයකු පැමිණ පැවසුවේ තමන්ට රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට කැදවා ඇති බවත් එයට සහතිකයක් අවශ්‍යවී ඇති බවත්ය.


දෙවරක් නොසිතු ඔහු සහතිකය ඉතා හොඳින් සකස් කොට තරුණයා අතට දුන්විට තරුණයාද සහතිකය රැගෙන නිලධාරියාගේ දෙපා නැමද පිටත්වීමට සූදානම් විය.


එහිදී නිලධාරියා තරුණයාට ආශිර්වාද කරමින් පැවසුවේ “ඔබ හොඳ හැදියාවක් ඇති තරුණයෙක්. ඔබ අදහන ආගම අනුව ඔබට දෙවියන්ගේ ආශිර්වාදය තිබෙනවා. මේ රැකියාව ඔබට නිතැතින්ම ලැබීමට මමත් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. “මොන රැකියාව ලැබුණත් තම මවුපියන්, ඥාතින් සහ ගම අමතක කරන්න එපා.” යනුවෙන්ද පවසා තිබේ.
ගෙවී ගියේ වසර 12ක පමණ කාලයකි. ඔහු මෙදින කිසියම් කටයුත්තකට මහනුවර නගරයට පැමිණ නගරයේ ආපන ශාලාවකට ගොඩවූයේ දිවා ආහාරය ගැනීම සඳහාය. 


ඉහත කී තරුණයා එනු දුටු මිතුරන් දෙදෙනා ඔහු වෙත ගොස් “ආ කොල්ලා දැන් හැඩ වෙලානේ. ඉතිං කොහොමද මචං තොරතුරු.” කියා විමසා ඔවුන් සමඟ සිටි නිලධාරියා පෙන්වා “ආ මචං මේ සර් උඹ අඳුනනවද බලපන්.” කියා විමසා තිබේ. එහිදී එම තරුණයා නිලධාරියා දෙස බලා “ම්හ් මට මතක නෑ. පොර කවුද කියලා.” කියා ඇත.  


එම වදනින් තිදෙනාම අන්දමන්ද විය. කරකියා ගත හැකි කිසිවක් නැත. එක් අයෙක් එවිට පැවසුවේ “මචං මේ අර සර්නේ. මතකද උඹ රස්සාවට යන්න සහතිකය ගත්තේ  යැයි පවසා තිබේ. “ආ මේ එයාද? හා හොඳයි. මචං මට වැඩ වාගයක් තියෙනවා. මට පරක්කු වුණා. මම යනවා” යැයි කියමින් ආ කටයුත්තද පසෙක දමා ආවටත් වඩා වේගයෙන් ඔහු පිටත්ව ගියේය.



අදහස් (0)

රස්සාවට යන්න චරිත සහතිකය දුන් සර් ගෙන්ම ‘තමා කවුදැයි’ අහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17882 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10696 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 169 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 51 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site