IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බැල්ලිට බේත් ගේන්න ගිය ලේලිය අනියම් සැමියගෙ තුරුලේ

කුඩා දරුවන් තිදෙනා නිවසේ හුදෙකලාව දමා සුරතල් බැල්ලියකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කියා අනියම් සැමියකු මුණ ගැසෙන්නට කුලී රියකින් කිලෝමීටර් තුන්සියයකට ආසන්න දුරක් ගිය තිදරු මවක පිළිබඳව පසුගියදා වයඹ පළාත් මායිමේ ගම්මානයකින් වාර්තා විය.


දකුණේ කෙළවරක උපන් මේ කාන්තාව සැමියා මියගිය තිදරු මවකි. පුතුන් දෙදෙනෙක් සහ දියණියක් වෙති. ඔවුන් තවමත් බාල වියේය. ඔවුන් නඩත්තු කරන්නේ වයෝවෘද්ධ මාමණ්ඩිය විසිනි. ලේලිය අරපිරිමැස්ම ගැන හාංකවිසියක් නොදන්නා කාන්තාවක බවට ප්‍රසිද්ධය.


මාමණ්ඩිය රවට්ටමින් තමන්ගේ සිතැඟි සියල්ල ඉටුකරගන්නට තරම් ඇය කපටිය. සැමියාගේ මරණින් පසු ඇගේ පාසල් මිතුරකු වූ උපන් ගමේ පුද්ගලයකු හා අනියම් ඇසුරක් ඇය පවත්වන්නේ මාමණ්ඩියට හොර රහසේය.


සිංහල අවුරුද්ද පසුවුණා පමණි. ‘තාත්තේ මම බැල්ලිට බේත් ගේන්න යනවා. සල්ලි ටිකක් ඕනෑ.’ ඇය මාමණ්ඩියට කීවාය. කුලී රියක් ගෙන්වා ගත් කාන්තාව හිමිදිරියේම බැල්ලියට බේත් ගේන්නට ගියේ කුඩා දරුවන් තිදෙනා නිවසේ දමාය. මාමණ්ඩිය හවස ගෙදර එනවිට ලේලිය නැත. දරුවන් තිදෙනා කුසගින්නේ හඬමින් සිටිති. ‘අම්මා කෝ?’ ඔහු දරුවන්ගෙන් ඇසුවේය. ‘අම්මා තවම ආවේ නැහැ.’ දරුවන්ගේ පිළිතුර විය.


ඔහු ලේලියට ඇමතුමක් ගත්තේය. ‘තාත්තේ මම ගෙදර ආවා. හෙට දිහාට එන්නම්.’ ඇය කීවාය.


සිද්ධියෙන් කෝපයට පත් මාමණ්ඩිය දරුවන් තිදෙනා සමග මහ රෑම කතරගම බලා පිටත්වූයේය. මැදියම පසු වෙද්දී ලේලියගේ නිවසට සේන්දුවන්නට ඔවුනට හැකිවිය. එහෙත් ඇය එම නිවසේ නැත. ඇගේ මවුපියන් පැවසුවේ දියණිය නොපැමිණි බවය. දෙපක්ෂයේ මව්පියන් එක්ව සොයා බලද්දී ඇය පාසල් පෙම්වතාගේ නිවසේ සිටින බව දැනගන්නට ලැබිණි.


මාමණ්ඩිය එළිවෙද්දීම දරුවන් තිදෙනා සමග ලේලියගේ අනියම් සැමියා වූ පාසල් මිතුරාගේ නිවස බලා ගියේය. ඇය ගමෙන් පැමිණි කුලී රිය ඒ ආසන්නයේ නවතා තිබිණි. දරුවන් තිදෙනා ලේලිය සමීපයේ දැමූ මාමණ්ඩිය කිසිත් නොදොඩා යළි ගම බලා පිටත්වූයේය. ලේලිය දරුවන් තිදෙනා සමග පාසල් පෙම්වතාගේ නිවසේය.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)

 



අදහස් (1)

බැල්ලිට බේත් ගේන්න ගිය ලේලිය අනියම් සැමියගෙ තුරුලේ

pakeer Tuesday, 08 June 2021 09:37 AM

හොඳ පියවරක්... අන්න එහෙමයි ප්‍රශ්න විසඳන්න ඕනේ.. හැමෝගේම අවශ්‍යතා මෙතැනදී ඉටුවෙලා. මේ අංකල් හොඳ ඔලුව තියෙන මනුස්සයෙක්..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site