(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
නෑනලා ස්වයං නිරෝධායනයේ සිටියදී මස්සිනාලාට රජ මගුල් උදාවූ අපූරු කතාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
කොවිඩ්-19න් ඍජු ආශ්‍රිතයන්වීම නිසා නෑනලාගේ පවුලම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණේ ඔවුන් නොසිතූ මොහොතකය. මේ නිසාම ගෙදරට අවශ්‍ය අඩුමකුඩුම ද ඒකරාශි කරගන්නට ඔවුනට වේලාවද නොමැතිවිය. මේ නිසාම ඔවුන් පත්වූයේ දැඩි අසීරුතාවකටය.
මෙයට පිළියමක් ලෙස මේ නෑනා නැගණියගේ සැමියාගේ අතට සිය බැංකු පෙට් කාඩ්පත පත් කළේ එහි රහස් අංකයද ලියාදෙමිනි. ඇය තමාගේ නැගණියගේ ස්වාමි පුරුෂයා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබුවාය. දෙන්නම් කාසිවලට සිය අවශ්‍යතා මස්සිනා ලව්වා කරවා ගැනීමට නොහැකිව තිබුණේ ඔවුන්ද එදාවේල පිරිමසා ගත්තේ ඉතා අමාරුවෙන් නිසාය.
නෑනා විසින් කරන ලද ඉල්ලීම අනුව මස්සිනා පෙට් කාඩ්පත උපයෝගී කොටගෙන ඇයගේ නිවසටම අවශ්‍ය බඩු මුට්ටු ගෙනත් දුන්නේ මහත් උනන්දුවකිනි. උද්යෝගයකිනි. සැබෑම ඥාති සෙනෙහසක් අනුව මේ දේවල් කරන බව සිතූ නෑනා සිය අවශ්‍යතා සපුරන මස්සිනාට නිතර දෙවේලේ පින් දුන්නාය. ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළාය.
නෑනලාගේ ස්වයං නිරෝධායන කාලය මේ සමගම නිමාවට පත්විය. ඒත් මස්සිනා ඇගේ බැංකු පෙට් කාඩ් පත දෙන පාටක් නොපෙනෙන නිසා ඇයට එය ඉල්ලා ගැනීමට සිදු විය.
මුදල් අවශ්‍යතාවකට නෑනා බැංකුවට ගොස් සිය පෙට් කාඩ් පතින් මුදල් ගැනීමට ගොස් බලන විට එහි මුදල් කිසිත් නැති බව දැන ගත්තාය. ඒ පිළිබඳව ඇයට ඔහුගෙන් නොවිමසීමට හේතු දෙකක් තිබිණි. ඉන් එකක් එක කුස උපන් සිය සහෝදරිය නිසාය. අනෙක තමන්ලා ස්වයං නිරෝධායනයේ යෙදී සිටියදී වෙනත් කිසිදු නෑයකු දුකසැප බලන්න නොපැමිණි අවස්ථාවේදී ඔහු තමන්ලාට කළ උදව්පදව් නිසාය.
තමන්ගේ ස්වයං නිරෝධායන කාලයේදී මස්සිනා සෑමදාම පාහේ අඩිපුඩි ගසමින් සොමි බර ජීවිතයක් ගත කළ බව පසුව නෑනාට ආරංචි වූයේ කරගත් මෝඩකමට බෙහෙත් නැතැයි පසක් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, අහිංසක මිනිස්සු... මම මේ වගේ පවුල් කීපයකට උදව් කළා. මම සත පහක් ගත්තේ නැහැ. මම කියන්නේ රුපියල් 25000කට වඩා මගේ අතින් වියදම් කළා. ඒ අය රැකබලා ගන්න නිරෝධායනය වෙලා ඉන්න කොට..
මේ පිළිවෙළක් නැති වැඩ නිසා වෙන දේවල්... මුලින්ම කළේ මමත් දින 14ක් නිරෝධායනය වුණා.. කවුරුවත් කෝල් එකක් දීලාවත් බලන්නේ නැති තත්වයක් තියෙන්නේ.... හොඳට හිටපු අසල්වාසීනුත් මගහැරියා. නමුත් මම අවශ්‍ය බඩු කෙසේ හෝ ගෙන්වා ගත්තා. ඒත් ඉතාම දුෂ්කරතාවයක් මධ්‍යයේ මුදල් දීලාවත් බඩුගන්න ක්‍රමයක් නෑ. මම සියලු නිලධාරීන්ට කතා කළා. නමුත් ඔවුන් කරපු කෙංගෙඩියක් නෑ. බෝඩ් ලෑලි අලවලා.... පස්සේ ගලවන් ගියා. සල්ලි දීලා හරි බඩු ටිකක් ගෙන්වාගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ.. නැතිනම් අසරණ මිනිස්සු ගසාකනවා. අහුවුණේ මෙයා තමයි. ඇත්තටම රටේ වගකිවයුතු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අන්තිමයි... මොහොතක ලස්සනම වැඩේ බොහෝ නිලධාරීන් ඉතා හොඳින් මේවා දැනගෙන හිටපු තත්වයකදී මෙහෙම වුණේ...!!!