IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


දොස්තර නෝනාගෙන් නොමිලයේ ගත් බේත් බෝතලය ගිනි ගානට විකුණලා

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
හිතවත් වෛද්‍යවරියකගෙන් නොමිලයේ ගත් කොරෝනා මර්දන බෙහෙත් බෝතලය වෙන අයකුට අලෙවි කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


ඩෙංගු රෝගීන් සිය දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට දේශීය බෙහෙතක් හැදූ මේ දේශීය වෛද්‍යවරිය කොරෝනා මර්දනය සඳහා ද බෙහෙතක් හැදුවේ මේ ඊයේ පෙරේදාය. ඊට දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිවිය. එය අලෙවි කිරීමට ද රජයේ නිර්දේශය ද ලැබී තිබුණි.


ඩෙංගු බෙහෙතට මෙන්ම මේ කොරෝනා මර්දන බෙහෙතටද ඉහළ ඉල්ලු‍මක් පැවතියේ ඩෙංගු රෝගීන්ගේ මෙන්ම කොරෝනා භීතිකාව පැවති අයගේ මේ සඳහා තිබූ දැඩි විශ්වාසය නිසාමය.


 මේ වෛද්‍යවරියට යම් උපකාරයක් කළ අයකු ඇය හමුවන්නට යන්නේ මේ අතරවාරයේදීය. තමා අසවලා යයි කියමින් ඇයට කළ උපකාරය ද මතක් කොට තමාට බීමට කොරෝනා බෙහෙත් බෝතලයක් ලබාදෙන ලෙස ඔහු වෛද්‍යවරියගෙන් ඉල්ලා සිටියේය. වෛද්‍යවරිය ඔහුට ගරු කිරීමක් වශයෙන් මේ බෙහෙත් බෝතලය නොමිලයේ දුන්නාය.


ගතවූයේ දින කිහිපයකි. මේ වෛද්‍යවරියට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කොරෝනා බෙහෙත් බෝතලය භාවිත කරන ආකාරය පිළිබඳවය. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරියට සැකයක් උපන්නේ තමා මේ බෙහෙත් බෝතලය දුන්නේ නම් අනිවාර්යයෙන්ම බෙහෙත පානය කරන අයුරු හා ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන නිසාය.


වෛද්‍යවරිය මේ අයට බෙහෙත් බෝතලය ලැබුණු ආකාරය පිළිබඳව විමසුවාය. එය ලැබුණේ අසවලාගෙන් බවත් ඔහු එය භාවිත කරන අයුරු කියා නොදුන් නිසා බෙහෙත් බෝතලයේ සඳහන් අංකයට කතා කළ බවත් ඔහු කීය.


 මේ බෙහෙත් බෝතලය ලබා ගැනීම සඳහා ගෙවූ මුදල දැන ගැනීමෙන් පසු වෛද්‍යවරියගේ ඉහමොළ රත් විය. සිදුව ඇති දේ තේරුම්ගත් වෛද්‍යවරිය මින් පසු මොන හිතවතකු වුවත් බෙහෙත් බෝතල් නොමිලයේ දීම පිළිබඳව දෙවතාවක්ම සිතන බව කල්පනා කළාය.



අදහස් (0)

දොස්තර නෝනාගෙන් නොමිලයේ ගත් බේත් බෝතලය ගිනි ගානට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site