IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සහන මලු ගන්න ගිහින් ගමෙත් ඉන්න බැරිවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා සහන මලු දෙකක් වංචාවෙන් ගැනීමට ගිය පුද්ගලයකුගේ පටි රෝල්වී ඔහුට පාරේ බැස යාමට නොහැකිව නිවෙසටම කොටුවූ අපූරු පුවතක් දකුණෙන් වාර්තාවේ.


කොරෝනාවෙන් පීඩාවට පත්ව තෝරාගත් පිරිසකට නගරයේ ආයතනයකින් බඩු මලු බෙදාදුන්නේය. ඔහුත් මේ සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එම බඩු මල්ල ගැනීමට ඔහු ගියේ සිය මුනුපුරකු සමගය. තමාට පෝලිමේ සිටීමට අසීරු යැයි කියමින් බඩු මලු ලබාගැනීමේ පෝලිමට ඔහු මුනුපුරා යොමු කළේය. ඒ තමාගේ නම කියූවිට බඩු මල්ල ලබාගැනීමට මුනුපුරාට උපදෙස් දෙමිනි.


ඒ අනුව වාරය පැමිණි මුනුපුරා සීයා වෙනුවෙන් සහනාධාර බඩු මල්ල ලබාගත්තේය. සීයා ඔහු සිය නිවෙසට පිටත් කර හැරියේ තමාට නගරයේ වැඩක් කරගැනීමට තිබෙනවා යැයි කියමිනි. මුනුපුරා සීයාගේ නිවසට ගියේය. පසුව සීයා බඩු මලු ලබාගැනීමේ පෝලිමට ගියේය.


ඔහුගේ වාරය පැමිණියේය. බඩු මල්ල ගෙන ගොස් ඇති බව සංවිධායකයෝ පැවසූහ. ඔහු හඬා වැළපුණේ එතන සිටි අයද අනුකම්පා කරවමිනි. සංවිධායකයන්ට ද කරකියා ගත හැකි දෙයක් නොවීය. ඒ එම ආයතනයෙන් වෙන් කර තිබුණේ බඩු මලු සීමිත බඩුමලු ගණනක් නිසාය. මේ කතාව බඩු මලු පෝලිමේ අය අතර පැතිර ගියේ විදුලි වේගයෙනි.


පෝලිමේ සිටි ඔහු තරමක් දන්නා අයකුටද මේ ආරංචිය ලැබුණේ ඔහුගේ කරුමයටය. ඔහු සිය මුනුපුරා සමග බඩු මලු ගැනීමට පැමිණි බවත් ඔහු වෙනුවට මුනුපුරා පෝලිමට යොමු කළ බවත් අර තැනැත්තා දුටුවේය. මේ වංචාව පිළිබඳව ඔහු සංවිධායකයන්ගේ කණේ තිබ්බේ එය අනුමත නොකළ බැවින් හා දුකේදී පිහිටවන අයට කරන මේ වංචාව නොඉවසූ බැවිනි.


සංවිධායකයන්ට කාරණය අවබෝධ විය. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූවිට අඬ අඬා සිටි ඔහු ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය. ඔහු කළ වංචාව බඩු මලු පෝලිමේ සිටි අයගේ කණටද වැටිණි. ඔහු කිරීමට ගිය වංචාව පිළිබඳව සංවිධායකයන් හොඳටම දෙහි කැපුවේය. පෝලිමේ සිටි අයගේ හූ හඬ මධ්‍යයේ ඔහු එතැනින් ඉවත්වී ගියේය. ඔහු පදිංචි ගමේද මේ ගැන රාවය පැතිර ගියේ නිවසේ සිටි අයගේ දෙස් දෙවොල් ඔහු වෙත යොමුවෙමින් සිටියදීය. මේ නිසා ඔහු සිය නිවසේ රැඳී සිටිනුයේ ස්වයං නිරෝධායනයට යොමුවූ අයකු මෙනි.

 



අදහස් (0)

සහන මලු ගන්න ගිහින් ගමෙත් ඉන්න බැරිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site