(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තමන්ට වඩා හොඳට කැත්තක් හැදූ ගෝලයා ගැන ඊර්ෂ්‍යාව නිසා එම කැත්තට අපූරු වැඩක් කළ කම්මල් බාසුන්නැහැ කෙනකු පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය, 
කම්මලේ ප්‍රධාන බාසුන්නැහැ පොළට ගිය අවස්ථාවක කැත්තක් සාදවා ගැනීමට ප්‍රදේශවාසියෙක් කම්මලට ගියේය. ප්‍රධාන බාසුන්නැහැ නොමැති බව දැන ඔහු කම්මලේ ගෝලයාට පවසා ඇත්තේ කෙසේ හෝ අද තමන්ට කැත්තක් සාදා ගැනීමට අවශ්‍ය බවය. ප්‍රධාන බාසුන්නැහැ නොමැති අවස්ථාවක තමන්ට එය ඉටුකර දිය නොහැකි බවත්, බාසුන්නැහැ දවල් වනවිට කම්මල වෙත පැමිණෙන බව ගෝලයා පවසා තිබේ. එහෙත් ඔහු පෙරැත්ත කරමින් පවසා ඇත්තේ කෙසේ හෝ අද තමන්ට කැත්තක් සාදවා ගැනීමට අවශ්‍ය බවත් බාසුන්නැහැ එනකම් බලා සිටීමට නොහැකි බවය. ඔහුගේ පෙරැත්තය නිසාම ගෝලයා කැත්තක් සදා හමාර කොට ඔහුට ලබා දී තිබේ. කැත්තට මුදල ගෙවා එම පුද්ගලයා ආපසු යන අතරමග කම්මලේ ප්‍රධාන බාසුන්නැහැ හමු වී තිබේ. එවිට බාසුන්නැහැ නොමැති නිසා හදිසියේ කැත්තක් සාදවා ගත් බව ඔහු පවසා තිබේ.
කැත්ත පරීක්ෂා කර බැලූ ප්‍රධාන බාසුන්නැහැ, මේකේ පොඩි ඇදයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න යැයි පවසා පොළෙන් ගෙනා එළවළු මල්ලෙන් වම්බටු ගෙඩියක් ගෙන කැත්තේ තලයට තට්ටුවක් දමා දැන් හරි යැයි පවසා ඇත්තේ ඔහු අන්දුන් කුන්දුන් කරමිනි. ගෙදර යන තෙක් එම සිදුවීම කල්පනා කර කර ගිය ඔහුට කාරණය අවබෝධ විය. වැඩේ හරියටම කළ ගෝලයාට ලකුණු වැටෙන නිසා මේ වැඩය කළ බව වැටහුණු ඔහු ගෙදර ගොස් ගමේ ප්‍රවෘත්ති ප්‍රචාරයේ ප්‍රමුඛ තැනක් ගන්නා සිය බිරිඳට කාරණය පැවැසුවේය. ගමේ ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වූ මෙම සිදුවීම නිසා ප්‍රධාන බාසුන්නැහේ හමු වූ විට ගමේ කොල්ලන් බාසුන්නැහැ බට්ටක් නැද්ද ඇද හැර යන්න යැයි ඇසු විට බාසුන්නැහැගේ ඔවුන්ට බැණ බැණ යන්නේ හොඳම වචන වලිනි.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෝලයාගේ ලකුණු කපන්න ගුරා අමුතුම තට්ටුවක් දාලා