(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සංචරණ සීමා අස්සේ ෆාමසියකට ගොස් අපූරු බෙහෙතක් රැගෙන ආ වයසක කාන්තාවක් පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.
එම වයස කාන්තාවට සිය පුතාගේ නිවසට අත්‍යවශ්‍ය කාරණාවකට යෑමට උවමනා වී තිබේ. එහෙත් ඔහුගේ නිවස නගරයට කිට්ටුව ඇති නිසා පවතින සංචරණ සීමා නිසා ඇයට එහි යාමට නොහැකිව ඇත. මේ පිළිබඳව අසල්වැසියන් සමග කීවද සුදුසු පිළිතුරක් නොලැබුණු අතර අලුත විවාහ වූ තරුණයකු එයට උපකාර කිරීමට ඉදිරිපත් වී තිබේ.
“ආත්තම්මා මේ බෙහෙත් තුන්ඩුව අරන් යන්න. අනිවාර්යයෙන්ම මේකත් අරගෙන එන්න.” යැයි පවසා ඔහු ලියා දුන් තුන්ඩුවක් ලබා දී තිබේ. ඇය එයත් රැගෙන පුතාගේ නිවසට ගොස් නැවත එන ගමනේදී ෆාමසියට ගොඩවී තරුණයා දුන් තුන්ඩුව ෆාමසියට දී තිබේ.
එවිට ෆාමසියේ සිටි තරුණිය ඇය දෙස බලා විස්මිතව එම තුන්ඩුවේ තිබූ උපත් පාලන කොපු ලබා දී ඇත්තේ ආයාසයෙන් හිනාව මැඩගෙනය. ආපසු එන ගමනේදී ඇයව පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර ඇති අතර ඇය පවසා ඇත්තේ සිය සැමියාට අත්‍යවශ්‍ය ඖෂධ වගයක් රැගෙන ඒමට ෆාමසියකට ගිය බවය.
එම බෙහෙත් පෙන්නන ලෙස පොලිස් නිලධාරීන් ඉල්ලා සිටි අවස්ථාවේ ඇය එම කවරය දිග හැර ඔවුන්ට පෙන්වා ඇත. හිනාව නතර නොවූ නිලධාරීන් “ආච්චි ඉක්මනට යන්න ආතාට ලෙඩේ වැඩි වෙන්න කලින්.” යැයි පවසා ඇත්තේ බඩ පපුව අල්ලා සිනාසෙමිනි.
අන්දුන් කුන්දුන් වූ ඇය ආපසු එන ගමනේදී අසල්වැසි නිවසකින් කාරණය අවබෝධ කරගෙන පොළොව පලා යන්නට තරම් ලැජ්ජා සිතී අර තරුණයාට ඇති වෙන්න දෙහි කැපුවාලු.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණයාගේ බේත් තුණ්ඩුවෙන් ආත්තම්මාට නෝණ්ඩියක්