(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉතා හොර රහසේ තම පවුලේ ඇත්තන්ට හා හිතවතුන්ට පමණක් මධ්‍යස්ථානයකදී එන්නත් කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී සියල්ලන්ගේ ඇස් වසා අහිංසක ගම්වැසියන් අට දෙනකුට උපක්‍රමශීලීව එන්නත් ලබාදීමේ සිද්ධියක් පසුගියදා ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට එක්තරා පිරිසකට පමණක් සීමා වූ මධ්‍යස්ථානයකි. පවත්වන ලද්දේ දැඩි ආරක්ෂාව සහිත බිමකය. එසේ කරන්නට හේතු වූයේ මේ දිනවල එන්නතට පවතින දැඩි ඉල්ලුම නිසා ජනතාව එක්රැස් වීම වළක්වා ගැනීම සඳහාය.
ආරක්ෂක මුරකාවල් සහිත බිමේ කාමරයක සියල්ල සිදුවෙයි. තෝරාගත් පිරිසගේ ඥාති හිතවතුන් හොර රහසේ මේ බිමට එනු දැකිය හැකි විය. මේ සිද්ධිය දැනගත් ප්‍රතිවාදියෙක් මේ බිමට ඇතුළු වූයේ ඉතා සූක්ෂමවය. දැන හඳුනාගත් පිරිස ඔහුට ද එන්තත් ලබාගැනීමට ආරාධනා කරනු ලැබීය. ‘මම අරගෙනනේ තියෙන්නේ’ කී ඔහු ආපසු පිටව ගියේ එන්නත් ලබාගන්නා පුද්ගලයන් විසින් පිරවිය යුතු පෝරම අතට අසු වූ ප්‍රමාණයක් රැගෙනය.
ඔහු ගමේ අසරණ පුද්ගලයන් හත් අට දෙනකුට දුරකතන ඇමතුම් ලබා දී ඉක්මනින් ආරක්ෂාව මැද එන්නත් ලබාදෙන තැනට ගෙන්වීමට පියවර ගත්තේය. පෝරම පුරවා දීමෙන් පසු බිය නැතිව ආරක්ෂක නිලධාරීන්ට පෝරමය පෙන්වා කිසිවකු සමග කතාබහෙන් තොරව එන්නත ලබාගෙන එන ලෙසට උපදෙස් දුන්නේය. ඒ පිරිස ඒ අන්දමින් සියල්ලන්ගේම ඇස් වසා එන්නත ලබාගෙන පැමිණි පසු පෙර කී පුද්ගලයා පිරිස සමග ගම බලා ගියේ ‘මම කම්බා හොරෙක්’ බව පවසමිනි.
අන්තිමේ දැනගන්නට ලැබුණේ එන්නත් විදින වැඩේ පළමු පෙළේ සංවිධායකයාගේ දරුවන් දෙදෙනාගේ නාමයන් මූලික ලේඛනයේ තිබුණත් ඔවුන් දෙදෙනා ඇතුළු අට දෙනකුට ආපසු හැරී යන්නට සිදු වූ බවයි. කෙසේ වෙතත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද හොර රහසේ මෙම එන්නත්කරණය සංවිධාන කරන ලද එකක් බව ද දැනගන්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා එන්නත අසරණයන්ට දෙන්න මානව හිතවාදියා හොරගේමක් දීලා
fairoos Monday, 31 May 2021 10:07 AM
පොඩි එකා ඉඳලා මහා එකා වෙනකම් ඔක්කොම එකයි... කම්බ හොරු..